මහින්ද හම්බන්තොටින් එනවනම් මම අවම මොකද? ශිවාජිලිංගම් අහියෝග කරයි

මහින්ද රාජපක්‍ෂට හම්බන්තොට සිට පැමිණ කුරුණෑගලින් තරඟ කිරීමට හැකිනම්, වැල්වැටිතුරෙයි සිට පැමිණ තමන්ට පමණක් කුරුණෑගලින් තරඟ කිරීමට නොහැකිද යන...

මහින්ද රාජපක්‍ෂට හම්බන්තොට සිට පැමිණ කුරුණෑගලින් තරඟ කිරීමට හැකිනම්, වැල්වැටිතුරෙයි සිට පැමිණ තමන්ට පමණක් කුරුණෑගලින් තරඟ කිරීමට නොහැකිද යන්න උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් විමසා ඇත.

කුරුණෑගලින් තරඟ න්නේනනකරන්නේ ජාතිවාදය අවුළුවාලීමටද? යන්න නාම යෝජනා භාරදුන් පසු සිංහල මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට, තමා මේ අකාරයෙන් ඔහුගෙන් ප්‍රශ්න නැගූ බව ඔහු ප්‍රකාශ කර ඇත.

යාපනය මාධ්‍ය සමාජයේදී 2015.07.15 වන දින පැවති මාධ්‍ය හමුවට සහභාගි වී කතාකල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“කුරුණැගල දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට ගොස්, අපගේ කණ්ඩායම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකරන්නෙමු. ජනහමුවක් පැවැත්වීමට හැකි වාතාවරණයක් එම පළාතේ නොමැත. ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය, රණවිරුවන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් විශාල වශයෙන් ජීවත්වන දිස්ත්‍රික්කයකි. එබැවින්, යුද ජයග්‍රහණය සැමරූ මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇත.

යුද අපරාධ පිළිබඳව මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාම වැළැක්වීමේ අරමුණින්, ඉදිරි වසර 05 තුල ජාතිවාදී කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී කටයුතු කලහොත්, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඉල්ලනවා හැර වෙනත් විකල්පයක් නොමැත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන විසඳුම පිළිබඳ විශ්වාසයක් නොමැත. ජාත්‍යන්තර මැදිහත්වීමකින් පමණක් අපගේ ගැටළුවට නිසි විසඳුමක් ලබාගැනීමට හැකිවනු ඇත. 

ඔබලාට නොහැකිනම්, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජනමත විචාරණයක් පවත්වා, අපගේ දෛවය අප විසින් තීරණය කරන තත්වයක් ඇතිකරන්නෙමු යන අනතුරු ඇඟවීමක් කිරීමේ අරමුණින් මෙම මැතිවරණයට මුහුණදී ඇත්තෙමු.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටත්, එයට සහයෝගය දක්වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටත් අනතුරු ඇඟවීමක් කිරීමේ අරමුණින්, මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රිත්ක්කයෙන් තරඟ කරන්නෙමු” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3035645975741714200

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item