සන්ධානයේ නව පිම්ම

"රටට පණ දෙමු - අලුතෙන්ම පටන් ගමු" යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙනයන බව එම පක්ෂයේ මහලේකම් ...

"රටට පණ දෙමු - අලුතෙන්ම පටන් ගමු" යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙනයන බව එම පක්ෂයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ අදහස් පල කලේ අද (16) උදෑසන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

මෙම වරණයේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හවුල්කාර පක්ෂ හා සංවිධාන 20 ක සහය ලැබෙන බව ඒ මහතා සඳහන් කළ අතර එම පක්ෂ ලෙස ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ , ශ්‍රි ලංකා මහජන පක්ෂය , සමාජවාදී ජනතා පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, අපේ ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ , මුස්ලිම් උලමා පක්ෂය, නව සිහළ උරුමය , ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ යන පක්ෂ සන්ධානයට සහය දක්වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවේ ය.

"ගම නගරය කියා භේදයකින් තොරව සංවර්ධන කටයුතු සියල්ල ඇණහිටියා. ඒ වගේම දහස් ගණනක් පුද්ගලික අංශයේ සේවකයින්ට සිට රැකියා අහිමි වුණා. සුළු ව්‍යාපාරවල සිට ඉහළම ව්‍යාපාර දක්වා බිඳිවැටීමට ලක්වුණා. සංචාරක ව්‍යාපාරය ඉන් ප්‍රධාන තැනක්.

ඒ වගේම අපේ රටට තිබුණු ප්‍රතාපවත් බවට අභියෝගයක් වුණා. අපේ රටේ ජනතාව, ජනාධිපති, ආණ්ඩුව කිසිම කෙනෙකුට නොනැමෙන තැනක ඉඳලා අද විවිධ විදේශ බලවේගවලට අත පොවන්න, විවිධ සංවිධානවලට රටතුල නිදහසේ ක්‍රියාත්මක වන්න පුළුවන් අවකාශයක් රට තුළ නිර්මාණය වුණා. එය මේ රටට, මාතෘභූමියට පණ මෙන් ආදරය කරන ජනතාවට විශාල වේදනාවක්. කම්පනයක්.

ඒ නිසා ඒ ජනතාවට හදවතින් කරන ආමණ්ත්‍රණයක් තමයි රටට පණ දෙමු."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3781474622473361452

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item