”රනිල් ඡන්දෙට සල්ලි හෙව්වේ මහබැංකු බැඳුම්කර වංචාවෙන්” – ආචාර්ය රජීව

මහබැංකු බැඳුම්කර වංචාව සිදුකර ඇත්තේ මුදල් නොමැති පක්ෂයක් වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පක්ෂයට මැතිවරණය සඳහා මුදල් සෙවීමට බව හිටප...

මහබැංකු බැඳුම්කර වංචාව සිදුකර ඇත්තේ මුදල් නොමැති පක්ෂයක් වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පක්ෂයට මැතිවරණය සඳහා මුදල් සෙවීමට බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.
මෙම වංචාවට ඔහු හා ඔහුගේ පක්ෂ සාමාජිකයන් සම්බන්ධ වූ බවට සාක්ෂි පවතින්නේ යැයි ද රජීව් විජේසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසී ය.

‘සුජීව විජේසිංහ වරක් මට මෙහෙම කිව්වා. මම රවි කරුණානායකට කැමැති නෑ. නමුත් මෙම වංචාවට ඔහුගේ සම්බන්ධයක් නෑ. මේ කියමනෙන් මම දැනගත්තා මෙම වංචාවට රවිගේ අමාත්‍යාංශය යොදාගනිමින් රනිල් අගමැතිතුමා ඍජුවම සම්බන්ධවී ඇති බව. ඔහුගේ බලපෑමෙන් මෙම බැඳුම්කර සිද්ධියේ තීරණ ගත් බව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවා අපිට කිව්වා. මෙහි ඇත්ත හෙළිවන නිසා පසුගිය කාලයේ රනිල් වික‍්‍රමසිංහ දැඩි උත්සහයක නිරත වුණා මේ ගැන කතා කරන්න අපිට ඉඩ නොදී ඉන්න.’ යැයි ද ආචාර්ය රජීව විජේසිංහ මහතා කරුණු දැක්වීය.

රුපියල් බිලියන 10ක මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්) සාමාජිකයකු ලෙස ආචාර්ය රජීව විජේසිංහ මහතා කි‍්‍රයා කළේ ය.

පසුගියදා අධිකරණය නියෝගයකින් කියැවුණේ කෝප් වාර්තාව පිළිබඳ ප‍්‍රසිද්ධ කතාව තහනම් කෙරෙන බව ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6270384933555930530

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item