නාමයෝජනා නැති අවුලට කරුණා දේශපාලන පිටිය ගිනිතියන්න හදයි, රනිල්, පාඨලී සහ මංගලගේ සැලැස්මක්

අප පෙර පුවතකින් වාර්තා කල ආකාරයට කරුණා අම්මාන් සහ එජාප නායකත්වයන් අතව ඇතිවූ එකඟතාව මත මෙවර එජාපයට හිතවත්ව කටයුතු කිරීමට තීරණය කර ඇත. අතරමැද...

අප පෙර පුවතකින් වාර්තා කල ආකාරයට කරුණා අම්මාන් සහ එජාප නායකත්වයන් අතව ඇතිවූ එකඟතාව මත මෙවර එජාපයට හිතවත්ව කටයුතු කිරීමට තීරණය කර ඇත. අතරමැදියකු ලෙස කටයුතු කර ඇත්තේ පාඨලී චම්පිකය. මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ, සන්ධාන ජාතික ලැයිස්තුවට තමන්ගේ නම ඇතුළු නොකිරීමත්, මෙවර තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් නොමැතිවීමත් හේතුකොටගෙනය.

ඒ අනුව ඔහු මෙතෙක් තමන් සමග අමනාපයෙන් පසුවූ දෙමල දේශපාලකයින් නැවත හිතවත් කරගැනීමට ඔවුන්ගේ ගුණවර්ණනා කරන අතරම කිසිම සාක්ෂියක් නොමැතිව ප්‍රභාකරන් මහින්ද හමුවට ගෙන ආවාදැයි සැකසහිත බව කියමින් තවමත් ප්‍රභාකරන්ට හිතවත් දෙමල ජනයාගේ කෝපය මහින්ද ප්‍රමුඛ සන්ධානය කෙරේ ඇති කරන අකාරයේ අදහසක්ද දක්වා ඇත. හුදෙක් එය කියවීමේදී  කරුණා දේශාපලනිකව අනාත වූ ස්වභාවයක් පෙන්න්නුම් කරන අතර එජාපයට අවශ්‍ය අකාරයේ පිටපතක් නම් ඉදිරිපත් කර ඇත.

ඔහුගේ අදහස් දැක්වීම පහත දැක්වේ.

“මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙකි. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙකි. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටියි. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටියි. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නා කරුණකි.

මේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුවෙන්, මා දෙමළ ජාතික සන්ධානයට සහයෝගිව කතා කරන පුද්ගලයෙක් බව ඔබලා නොසිතිය යුතුය. මහින්ද රාජපක්‍ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව විශාල ‍ගරුත්වයක් තබා තිබූ බව මා දන්නෙමි. සම්බන්ධන්ට කොටි සංවිධානය පිළිබඳව කැමැත්තක් නොතිබුණි. නමුත්, කොටි සංවිධානය විසින් තමන්ට සහ අනෙකුත් දේශපාලඥයින්ට කුමක් හෝ අනතුරක් සිදුකරනු ඇතැයි යන බියෙන් ඔහු විමුක්ති කොටි සංවිධානයේ නියෝග වලට අනුව කටයුතු කල බව මා ඒ අවස්ථාවේදීම දන්නෙමි.
විමුක්ති කොටි සංවිධානය විනාශ කල හේතුවෙන්, දෙමළ ජනතාවට මේ වනවිට නිදහසේ ජීවත්වීමට හැකිවී ඇත. අවසන් සටනේදී, හමුදාව විසින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත් බවට කරන ප්‍රකාශය 100% ක් සත්‍යයකි. නමුත්, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත්තේ කෙසේද? යන්න මා නොදන්නෙමි. ප්‍රභාකරන්ව ඝාතනය කල පසු, මා රැගෙනගොස් ඔහුගේ මළසිරුර පෙන්වන ලදි. ප්‍රභාකරන්ව දැඩි වදහිංසාවට ලක්කල පසු, ඝාතනය කර ඇති බව එම අවස්ථාවේදී මට වැටහුණි.

ප්‍රභාකරන් මියගිය බව විශ්වාස නොකරන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු, මෙම සිදුවීම සත්‍යයක්ද? යන්න මාගෙන් විමසූ අවස්ථාවේදී, මට සිනහවක් නැගුණි. ප්‍රභාකරන්ගේ මළසිරුර දුටු අවස්ථාවේදී, මට දරාගැනීමට නොහැකි වේදනාවක් ඇතිවුනෙමි. නමුත්, දෙමළ ජනතාවට සාමකාමී අන්දමින් ජීවත්වීමට හැකි බව හැගුණ හේතුවෙන්, මා එය දරාගත්තෙමි. ප්‍රභාකරන්ගේ මළසිරුර පරීක්‍ෂා කර පැමිණ, දින දෙකකට පසු, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් මහින්ද රාජපක්‍ෂ වෙත රැගෙන ගිය බවත්, මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන්ට පහරදුන් බවත් ප්‍රධාන සිංහල දේශපාලඥයින් දෙදෙනෙකු මා හට ප්‍රකාශ කළෙමි.

මේ සම්බන්ධයෙන් මා එක් අවස්ථාවකදී, මහින්ද රාජපක්‍ෂගෙන් විමසීමක් කල අවස්ථාවේදී, මහින්ද රාජපක්‍ෂ එයට සිනහවකින් පිළිතුරු ලබාදී, වෙනත් කරුනු පිළිබඳව කතා කලේය. ඉන් අනතුරුව, ඒ සම්බන්දයෙන් මා ඔහුගෙන් විමසුවේ නොමැත. ප්‍රභාකරන්, තම බිරිඳ සහ දියණයව ජීවග්‍රහයෙන් හමුදාව වෙත භාරකිරීම ඔහු සිදුකල සම්පූර්ණ මෝඩකමකි. අවසන් සටනේදී ප්‍රභාකරන්, තම බිරිඳ සහ දරුවන් ඔහු සමග තබාගෙන සිටිනු ඇතැයි යන්න මා විශ්වාස නොකලෙමි.

පසුව සියළු දේ මට වැටහුණි. භාරවූ විමුක්ති කොටි නායකයින් සියළුදෙනා බලු පැටවුන් මෙන් ජීවග්‍රහයෙන් අප පාමුල හඩා වැලපුණු බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කල අවස්ථාවේදී, භාරවූ කොටි නායකයින් පිළිබඳව මට දැඩි කෝපයක් ඇතිවුනෙමි. මට ද්‍රෝහියා ලෙස ප්‍රකාශ කල පුද්ගලයින්, හමුදාවට මේ ආකාරයෙන් භාරවී ඇති බව දැනගැනීමට ලැබුනු අවස්තාවේදී, මට ඔවුන් පිළිබඳව දැඩි කෝපයක් ඇතිවුනෙමි” යනුවෙන් කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2261262324011340163

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item