සිංහල සිනමාවට ආ අලුත්ම දුෂ්ටයා - ගජන් ගනේෂන්

“ප්‍රවේගය” චිත්‍රපටයේ ජීජේ වූ ගජන් ගනේෂන් සමග කතාබහක්  මගේ ගම කොටහේන. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. මට ඉන්නේ අක්...

“ප්‍රවේගය” චිත්‍රපටයේ ජීජේ වූ ගජන් ගනේෂන් සමග කතාබහක් 

මගේ ගම කොටහේන. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. මට ඉන්නේ අක්කා කෙනෙක්. මම මුලින්ම විවේකානන්ද විදුහ‍ලේ අධ්‍යාපනය ලබලා ඊට පස්සේ “ලන්ඩන්” ඒ ලෙවල් කළා. ඉන්පසුව පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරලා 1999 දී බැංකු ක්‍ෂේත්‍රයේ ඉහළ රැකියාවකට ගියා.
කලාව හින්දා ඒ රැකියාවට සමු දුන්නාම ගෙදරින් ගොඩක් ප්‍රශ්න ඇති වුණා නේද?
පුංචිම කාලෙ ඉඳන් මගෙ හිතේ කලාව ගැන ලොකු ඇල්මක් තිබුණා. දෙමාපිය අවශ්‍යතා මත බැංකු ක්‍ෂේත්‍රයට යොමුවුණත් මගෙ හිත තිබුණේ වෙනත් තැනක. හිත හදාගෙන රැකියාව කරන්න බැරි හින්දා අන්තිමට මම රැකියාවෙන් ඉවත් වුණා. මම ගත්තු තීරණය ගැන ගෙදර අය ගොඩක් කලබල වුණා. “සිනමාව කියන්නේ දැවැන්ත දෙයක්. ඒකට යන්න අවශ්‍ය සුදුසුකම් ඔයාට නෑ” කියලා අම්මයි තාත්තයි කිවුවා. ඊට පස්සේ අවුරුදු ගණනක් යනතුරු තාත්තා මගෙ මූණවත් බැලුවෙ නැහැ. අද මම ඉන්න තැන බලලා තාත්තා ගොඩක් සතුටු වනවා.
රැකියාවකුත් නැතුව ජීවිතයට මුහුණ දෙමින් කලාව හොයාගෙන යන ගමන දුෂ්කර එකක් වෙන්න ඇති.
මම අවස්ථා සොයමින් තැන තැන ගියා. ඔය අතරේ චැනල් එකේ විකාශය වූ “සිනි ගලාමා” වැඩසටහනේ ටී බෝයි විදියට සම්බන්ධ වුණා. එම වැඩසටහන අධ්‍යක්ෂණය කළේ උදාර පල්ලියගුරු. ඉන් පසුව පියවරෙන් පියවර ඇවිත් ‘ශක්ති ටීවී’ එකේ සහකාර නිෂ්පාදන කළමනාකරුවෙකු වෙලා “ශක්ති සුපර් ස්ටාර්” ඇතුළු වැඩසටහන් රැසකම කටයුතු කළා.
ඉන් පසුව මම ඉන්දියාවට ගියා. ඉන්දීය චිත්‍රපට 25ක විතර නිෂ්පාදන අංශයේ වැඩ කරලා අත්දැකීම් රැසක් ලබාගත්තා.
ගජන්ගේ නළු ජීවිතය ආරම්භ වුණේ කොහොමද?
අධ්‍යක්ෂ ඒ.ආර්.එම්. රයීම් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ චිත්‍රපටයක් කළා. එය තමයි “ධපඥචද චතඪත” එම චිත්‍රපටයට නවක නළු නිළියන් අවශ්‍ය බව පුවත්පත් දැන්වීමක් දාලා තිබුණා. මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා. ඒත් මම යද්දී නළු නිළියන් තෝරාගෙන අවසන්. නමුත් මම අධ්‍යක්ෂවරයාට කිව්වා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කැමති බව. ඊට පස්සේ මම ඒ චිත්‍රපටයේ “ටී බෝයි” විදියට එකතු වුණා. චිත්‍රපටය රූගත කරන අතර එහි ප්‍රධාන නළුවාට ඉන්දියානු චිත්‍රපටයකට අවස්ථාව උදාවෙලා ඔහු කාටත් නොකියා ඒකට ගියා. ඒ හින්දා චිත්‍රපටයේ වැඩ අතරමග නතර වුණා. ඒ වෙලාවේ අධ්‍යක්ෂවරයා මාව ඒ චරිතයට දාලා ආයෙම චිත්‍රපටය කළා. “ධපඥචද චතඪත” කොළඹ තිරගත වුණේ නැතත් යාපනය හා කොළඹින් බැහැර ප්‍රදේශවල සාර්ථක අයුරින් තිරගත වුණා.
ඒ ඇරඹි සිනමා ගමන “ප්‍රවේගය” කරා යොමු වූ ආකාරය කීවොත්?
උදාර පල්ලියගුරුගේ “සුපර් සික්ස්” චිත්‍රපටයට මා එකතුවුණා. එහිදී මට රඟපාන්න අවස්ථාවක් ලැබුණත් මම ඒ අවස්ථාව භාර ගත්තෙ නැහැ. මට අවශ්‍ය වුණේ දුෂ්ටයෙකුගේ චරිතයෙන් හොඳ රඟපෑමක් කරන්න. ආර්. සදේශ් කුමාර් හා ශ්‍රීමතී සදේශ් කුමාර් මට ප්‍රවේගයට ආරාධනා කළා. එහි “ජීජේ”ගේ චරිතය තුළින් මාව වෙනස්ම කෙනෙක් කළේ ඩොනල්ඩ් ජයන්ත හා සරෝ දෙදෙනා. අද මම ලබන මේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබුණේ ඒ දෙදෙනා මාව මෙහෙයවූ ආකාරයට. ඒ වගේම ජැක්සන්, මහේන්ද්‍ර, දමිතා, හේමාල් ඇතුළු නළු නිළියන් හා චිත්‍රපටයට දායක වූ සෙසු සැමදෙනා මගේ චරිතය සාර්ථකව මතු කරගන්න ලොකු සහායක් ලබාදුන්නා.
ප්‍රවේගය” චිත්‍රපටයේ හේමාල් විසින් ජීජේව මරා දමන ජවනිකාව ඔබට කවදාවත් අමතක නොවන ජවනිකාවක්.
එය රූගත කළේ ඉන්දියාවේ හයිද්‍රාබාද්වල “රාමොජි ෆිල්ම් සිටි චිත්‍රාගාරයේ. “ප්‍රවේගය” චිත්‍රපටයේ එය විනාඩි කීපයක ජවනිකාවක් වුණත් එම ජවනිකාව දවස් 8ක් රූගත කළා. ඒ “ප්‍රවේගය” චිත්‍රපටයේ එම ජවනිකාව වන විට මමයි හේමාලුයි දෙන්නම ගොඩක් හෙම්බත් වෙලා ශාරීරිකව මානසිකව පීඩනයට පත්වෙලයි ඉන්න ඕනෑ. හින්දා අපි දෙන්න ඒ දවස් 8ම කිසිම කෑමක් නොකා ඉන්න තීරණය කළා. අපේ ස්වරූපය චිත්‍රපටයට ලොකු ආලෝකයක් වෙලා කියලා අද පෙනෙනවා. ඒ වගේම එම දින 8 පළමු දවසම හේමාල්ගේ පහර දීමකට මම විසිවෙලා වැටෙන ජවනිකාවක් තිබුණා. ඒ වෙලාවේ මාව විසිවෙලා වැටුණේ එතැන තියෙන බැරල් එකකට. මගෙ ඔළුව පැලිලා මැහුම් 9ක් දාන්න වුණා. මැහුම් දාන්න කොණ්ඩේ කපන්න කියලා වෛද්‍යවරු කිවුවත් මම ඒකට කැමති වුණේ් නැහැ. කොණ්ඩේ ඒ මේ අත කරලා ඉතා අමාරුවෙන් මැහුම් දාගෙන ඇවිත් ඉතිරි දින 8 රූගත කළා. ඒ වෙහෙසීමේ කැපවීමේ ප්‍රතිඵල අද දකිනවා. අද හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබෙනවා.
ගජන්ගේ බිරිඳ හා දරු දෙදෙනා ගැනත් කතා කරමු?
මගේ බිරිඳ ආතිකා ගමගේ. මේග්නා හා මතිනා කියන මගේ නිවුන් දූවරු දෙදෙනාට දැන් අවුරුදු 1 1/2 ක් වෙනවා. මගෙ බිරිඳ පවුල පිටින් පදිංචි වී සිටියේ රුසියාවේ. ඉන්පසු ඒ අය ඕස්ට්‍රේලියාවට ආවා. බිරිඳගේ මව වෛද්‍යවරියක් මගෙ අම්මා අසනීප වෙලා හිටියේ ඒ රෝහ‍ලේ ඒ රෝහලට ආ වෙලාවක ආතිකා හා මගේ මව අහම්බෙන් දැන හඳුනාගෙන තියෙනවා. ඒ දෙදෙනා අතර ලොකු බැඳීමක් ඇති වුණා. මගෙ අම්මට වකුගඩුවක් දෙන්න පවා ආතිකා සූදානම් වුණා. ඔය අතරේ අම්මා අසනීප වෙලා මරණාසන්න වූ අවස්ථාවේ ආතිකාටයි මටයි කතා කරලා කිවුවා අපි දෙදෙනා විවාහ විය යුතු බව. අම්මා මියගිය. මම ද්‍රවිඩ ජාතිකයෙක්. ආතිකා සිංහල ඒත් මගෙ අම්මගෙ අවසන් ඉල්ලීම මත අපි විවාහ වුණා. අපිට දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා. විවාහ වූ පසු රැකියාවක් අවශ්‍ය හින්දා කලාව අතෑරලා රැකියාවක් කරන්න හැදුවා. ඒ වෙලාවේ මගෙ බිරිඳ දැක්වූ ප්‍රතිචාරය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
කොහොමද ඇය ප්‍රතිචාර දැක්වූයේ?
මගෙ අලුත් රැකියාවේ පත්වීම් ලිපිය ඉරලා දාලා ඇය මෙන්න මෙහෙම කිවුවා. “වතුර බිල ගොඩක් ලොකු එකක් නමෛයි. අපි වතුර බිලා ජීවත් වෙමු. ඔයා කවදා හරි මේ රටේ සිනමාවේ තරුවක් වෙන්න යන ගමන නවත්වන්න එපා කියලා ඇය කිවුවා. මගේ සාර්ථකත්වයේ රහස බිරිඳ. මම මගෙ අම්මට වගේම ඇයටත් ගරු කරනවා.
ගජන්ගේ මීළඟ නිර්මාණ ගැනත් කතා කරමු?
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිං රත්නම් අධ්‍යක්ෂණය කරන “නූනි” ද්‍රවිඩ චිත්‍රපටයේ මම රඟපානවා. ඒ වගේම සුරංගා රණවකගේ “රස්තියාදු වලාකුළු” චිත්‍රපටයේත් මම රඟපානවා. ඡායා:- සිසිර හේමකුමාර

ආරියවංශ කුලතිලක




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 6215012972584033044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item