ලංකාවට එරෙහි චෝදනා පිළිබඳ රහස් ලියවිල්ල ගැන චැනල් 4 හෙළිකරයි
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස් ලියවිල්ල යැයි පැවසෙන්නක් ඊයේ (...
http://www.sathhanda.com/2015/07/channel4-srilanka.html
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස් ලියවිල්ල යැයි පැවසෙන්නක් ඊයේ (29) බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් හෙළිදරව් කර තිබේ.
මෙම රහස් ලියවිල්ලට අනුව දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව නම් කරනු ලැබ ඇතැයි සඳහන් වන අතර ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව චැනල් 4 නාලිකාව සඳහන් කර ඇත.
දේශීය යාන්ත්‍රණය සඳහා තමාගෙන් උපදෙස් විමසීමට ද එක්‌සත් ජාතීන් මෙතෙක් කටයුතු කර නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා චැනල් 4 රූපවාහිනී නාළිකාවට ප්‍රකාශ කර තිබෙන අතර දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට යැයි පවසමින් එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් පන්ලක්‍ෂයක මුදලක් උතුරු පළාත් සභාවට ලබා දීමට කැමැත්ත පළකර ඇති බව ද චැනල් 4 වාර්තා කර තිබේ.
චැනල් ෆෝ රූපවාහිනිය විසින් අදාල ලියවිල්ල එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සොරාගෙන ඇතැයි සඳහන් වන අතර මෙම රහස් ලියවිල්ල චැනල් ෆෝ රූපවාහිනියට ලබා දී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ සිටින කොටි හිතවාදියකු විසින් බව ද වැඩිදුරටත් වාර්තා වේ.
Related