තමිල්නාඩුව කේන්ද්‍ර කර ගනිමින් කොටි සන්ධාන ගත වෙයි - ඉන්දියානු ත්‍රස්ත විමර්ශන ඒකකය විමසිල්ලෙන්

එල්.ටී.ටී.ඊ. ය නැවත වරක් තමිල්නාඩුව තුළ සංවිධානගත වෙමින් ඇතිබවට ලද බුද්ධි අංශ තොරතුරු අනුව සොයා බැලීම සඳහා ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය මේ ව...

එල්.ටී.ටී.ඊ. ය නැවත වරක් තමිල්නාඩුව තුළ සංවිධානගත වෙමින් ඇතිබවට ලද බුද්ධි අංශ තොරතුරු අනුව සොයා බැලීම සඳහා ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පසුගිය සති කිහිපය තුළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකුම ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත නව පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

‍පොලිස් අධිකාරී කේ.බවනීෂ්ගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ දියත්කර ඇති අතර, මෙහිදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හට පහසුකම් සැපයූ ඉන්දීය ජාතිකයන් කිහිප දෙනකුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව තානාපති වාර්තා සඳහන් කරයි.තමිල්නාඩුව තුළ එල්.ටී.ටී.ඊ.යට සහය දක්වන තවත් සංවිධාන කිහිපයක් පැවැතිය හැකි බවට ඉන්දීය ‍පොලීසිය සැක කරයි.පසුගිය (25) දින ගුවන්තොටුපළේදී ඒ. කුමාරගුරු නම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අත්අඩංගුවට පත්වූ අතර ඊට පෙර සතියේ සයනයිඩ් කරල් 75ක්ද සමග තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගැනිණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 370080110813185156

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item