ආක්ශාගේ ඕය සම්බන්ධය මම දැනන් හිටියා - මෙනකාගේ හෙලිදරව්ව්ව

මේනකා මධුවන්ති මේ දවස්වල ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වෙලා ඉන්න කෙනෙක්. ඒත් පසුගිය දවසක ඇය ගැන කතාබහක් ආයෙත් කරළියට ආවා. ඒ ආක්ෂා සුධාරි නිසා. ආක...


මේනකා මධුවන්ති මේ දවස්වල ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වෙලා ඉන්න කෙනෙක්. ඒත් පසුගිය දවසක ඇය ගැන කතාබහක් ආයෙත් කරළියට ආවා. ඒ ආක්ෂා සුධාරි නිසා. ආක්ෂා නිසා මේනකාට රහස් ‍පොලිසියටත් යන්න වුණා. ඇත්තටම මොකද වුණේ කියලා මේනකා අපට කියපු කතාවයි මේ.

* මේනකා රහස් ‍පොලිසියට ගෙන්වපු කතාව ඇත්තද?
මීට මාසෙකට විතර කලින් තමයි මට මුලින්ම රහස් ‍පොලිසියෙන් කතා කළේ. ආක්ෂා කරපු මුදල් වංචාවක් ගැන තොරතුරු අහන්න තියෙනවා කියලයි මට ඒ අය කිව්වේ. ඒත් මම මුලින් ඒ අයව මගහැරියා.

* ඇයි ආක්ෂා කරපු දේට මේනකාගෙන් ප්‍රශ්න කළේ?
ආක්ෂයි මමයි හොඳ යාළුවෝ කියලා ටික කාලෙකට කලින් පත්තරවල ගියානේ. අපේ යාළුකම ගැන ගොඩක් අය කතා කළා. ප්‍රසිද්ධ වුණා. ඒ නිසයි මම ආක්ෂා කරපු දේ ගැන විස්තර දන්නවා ඇති කියලා ඒ අය හිතලා තියෙන්නේ.

* එතකොට ‍පොලිසිය මගහැරියේ ඇයි?
මගෙයි ආක්ෂාගෙයි අතර තිබුණු හිතවත්කම අත්හැරිලා දැන් අවුරුද්දකට වැඩියි. යාළුකමක් නැති කෙනෙක් වෙනුවෙන් ‍පොලිසියට යන්න මට ඕන වුණේ නැහැ.

* ඇයි ඒ යාළුකම අත්හැරුණේ?
පුද්ගලික කාරණයක් නිසා තමයි අපි අතරේ ප්‍රශ්නය ඇතිවුණේ. ඇත්තටම ඒක ආක්ෂා කරපු දෙයක්. ඔය සිද්ධිය නිසා තමයි අපි ගහ බැණ ගත්තා කියලා ලොකුවට කතාවක් ඇතිවුණේ. ඇත්තටම ඒ සිද්ධි නිසා මම ගොඩක් මානසිකව වැටුණා. මගේ වෘත්තීය ජීවිතේට ලොකු බලපෑම් ඇතිවුණා. ඒ නිසා තමයි මම මගේ සාප්පුවක් පටන් අරගෙන ක්ෂේත්‍රයෙන් ඈත්වුණේ.

* යාළුකමක් නැතිනම් දන්න දේ ගැන කියන්න තිබුණනේ?
මට ඇත්තටම වුවමනා වුණේ නැහැ ආයෙත් මාවයි ආක්ෂාවයි මාතෘකාවක් කරවන්න. ඒ නිසා මම මේ සිද්ධිය ගැන කතා කරවන්නවත් ප්‍රසිද්ධ කරවන්නවත් මට ඕන වුණේ නැහැ.

* අන්තිමේදි මේනකා රහස් ‍පොලිසියට ගියා?
මම ගිහින් මගෙන් අහපු දේවල්වලට ඇත්තම කිව්වා. මම දන්න දේවල් මම කිව්වේ ආක්ෂාව අපහසුතාවට පත්කරන්න ‍නෙවෙයි. මට ඕන වුණේ මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න. මට ආයෙත් ප්‍රශ්න පටලවාගෙන දුක් විඳින්න ඕන වුණේ නැහැ.

* මේනකා ආක්ෂාගේ ඔය කියන සම්බන්ධකම ගැන දැනගෙන හිටියද?
අපි යාළුවෝ වගේ ඉන්න කාලෙත් ඔය සම්බන්ධකම තිබුණා. හැබැයි ඔය කියන සිද්ධි ඔක්කොම අපේ යාළුකම නැතිවුණාට පස්සේ. මම ඒ බව ‍පොලිසියට කිව්වා. අපේ යාළුකම නැතිවුණේ අවුරුද්දකට විතර කලින් බව මම ‍පොලිසියට කිව්වා.

* ආක්ෂාගේ යාළුකම අවංක නොවුණු නිසාද මේ ප්‍රශ්න?
ඇත්තටම අපි අතරේ තිබුණු යාළුකමේදී ආක්ෂා මට අවංක වුණේ නැහැ. පුද්ගලික ජීවිතේ පවා මට ප්‍රශ්න ඇතිවුණා එයා නිසා. මම ආක්ෂා සම්බන්ධ සිද්ධිය ගැන ‍පොලිසියට යන්න තීරණය කළේ අපි අතරේ යාළුකමක් නැති බව හැමෝටම පෙන්නන්නත් ඕන නිසා. මොකද එහෙම නොවුණොත් කවදාහරි මාත් එක්ක විවාහ වෙන්න එන කෙනෙක් වුණත් මාව ඒ මිම්මෙන් මනින්න ඉඩ තියෙනවා. මම මගේ ඇඟ බේරාගත්තා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

ඒත් මම කළේ ඇඟ බේරාගැනීමක් ‍නෙවෙයි. මම දන්න දේ කිව්වා විතරයි. ඒ කියපු දේවල් එකින් එක ආයේ ආයේ කියන්න මට වුවමනාවක් නැහැ. මට කියන්න තියෙන එකම දේ ආක්ෂාව මම ඈත් කළේ ඔය දේවල් වෙන්න කලින් කියන එක විතරයි.

* මේනකා ආයේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම දැන් මුල්තැන දීලා තියෙන්නේ මගේ ව්‍යාපාරය හොඳට දියුණුකර ගන්නයි දැන් මට ඕන කරන්නේ. මොකද මගේ සාප්පුවට දැන් දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4331247587585873209

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item