තොපිට අමතක වූ අපට අමතක නොවූ 88/89 [PHOTOS /VIDEO]

88-89 ශ්‍රී ලංකාවේ රාජ්‍ය මැදහත් වීම මත සිදු කරනු ලැබූ ඝාතනයන් පිළබඳව පහත දැක්වෙන වීඩියෝව සහ ජායාරුප සදහා පුර්විකාව, ජවිපෙ දෙවන කැරැල්ලේද...

88-89 ශ්‍රී ලංකාවේ රාජ්‍ය මැදහත් වීම මත සිදු කරනු ලැබූ ඝාතනයන් පිළබඳව පහත දැක්වෙන වීඩියෝව සහ ජායාරුප සදහා පුර්විකාව,

ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාරවල වධහිංසා සිදුවීමේ ක්‍රම ගණනාවක් දියත් විය. දණහිස් මගින් එල්ලීම, නිර්වස්ත්‍රකර ශරීරයට උණුවතුර දැමීම, මොහොතින් මොහොත ශරීරයට පා පහර දීම, අතුල් පහරදීම, බැටන් පොලුවලින් හිසට පහරදීම, හිස මත පොතක් තබා ප්‍රහාර එල්ල කිරීම, ඇඟට විදුලි සැර ඇල්ලීම, මේසය මත මුණින් අතට වැතිරීමට අණකර පිටට දෙපාවලට සහ යටිපතුලට පොලුවලින් සහ පීවීසි බටවලින් පහරදීම, පිහියකින් කපා ඇගේ ලේ ගලා යෑමට සැලැස්සවීම, ඇණ සහ යතුරු ගිල්ලවීම්, විදුලි ස්ත්‍රිකයෙන් පිට මැදීම, ටියුබ් ලයිට් අනුභවයට දීමද ඒ අතර වේ.දෙවන කැරැල්ලේදී වධකාගාර තුළ දුක්විඳ සිය ගණනින් නොව දහස් ගණනින් දෙනා මිය ගියෝය. ඔවුන් අතර ජවිපෙ නායකයින්, ක්‍රියාකාරිකයින්, සාමාජිකයින්, හිතවතුන් පමණක් නොව මෙරට ප්‍රගතිශීලි ජන සමාජය නියෝජනය කල විශාල පිරිසක්ද විය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පාකර දමන ලදී. සූරියකන්ද වැනි අප්‍රකට කැලෑ කඳුවල සමූහ වශයෙන් වල දමන ලදී.

විරුද්ධ පක්ෂය ප්‍රකාශ කළේ භීෂණ සමයේදී ඝාතනයට පත්වූ මුළු සංඛ්‍යාව 45,000කට ආසන්න බවය. යුරෝපයේ පාර්ලිමේන්තු කණ්ඩායම පවසා තිබුණේ 60,000ක් මියගොස් ඇති බවය. එහෙත් ජවිපෙ දෙවන කැරැල්ල පැවති භීෂණ සමයේ එනම් 1986 සිට 1990 දක්වා සැබවින්ම ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන් වූ බවට වාර්තාවූ පිරිස 41,813කි. එම කාලයේ විවිධ හේතුන් මත මෙයට අමතරව ඝාතනයට ලක්ව වාර්තා නොවූ පිරිස තවත්1,000ක් පමණ සිටිය හැකියැයි අනුමාන කෙරේ.එජාප ආණ්ඩුවේ නිල සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මගින් ඝාතනය කරන ලද හෝ අතුරුදහන් කරන ලද සංඛ්‍යාව 34,014ක් බව සඳහන් විය. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ඝාතනය කරන ලද ජවිපෙ විරෝධීන්ගේ සංඛ්‍යාව 6,577කි. ඔසී අබේගුණසේකරගේ සහ ඇතැම් වාම කණ්ඩායම් කිහිපයක නායකත්වයෙන් ආරම්භ කරන ලද ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් ගේ සංඛ්‍යාව 1,222කි. සමස්තයක් වශයෙන් මුළු දිවයින පුරා විනාශයට පත්වූ රාජ්‍ය සහ පෞද්ගලික දේපළවල වටිනාකම බිලියන ගණනකි.

ධර්මන් වික්‍රමරත්න 

88/89 රජය අනුග්‍රහයෙන් සිදුකරනු ලැබූ භීෂණය පිලිබඳ කතා කරන සංවේදී වීඩියෝවක්


















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. 88-89 භීෂණ කාලෙ ගැන ළියවුන ‌‌දෙවල් Web අවකාශයේ ඉතාම අවුයි ඒ් සිදුවීම් පින්තූර තියනවනම් Web ඒකට ඒකතුකිරීම ඉතාම වටිනවා. අලුත් පරපුරට දැන ගන්න මට හිතෙන්නෙ හිතාමතාම ඒ්ව අයින් කරලද ‌කොහෙද

    ReplyDelete

emo-but-icon

Related

විශේෂාංග 4046898863992062964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item