ලංකාවේ කලාකාරයින්ට අරමුණක් නෑ -දීප්ති

ටොල්ස්ටොයි වැනි කලාකරුවන්ගේ ජීවිත බොහොමයක් ඛේදවාචකයක් වුවත් වත්මන් කලාකරුවන් බොහෝවිට උත්සහ කරන්නේ තමන්ගේ දෛනික ජීවිතය කරදරයක් නැතිව පවත්වාග...

ටොල්ස්ටොයි වැනි කලාකරුවන්ගේ ජීවිත බොහොමයක් ඛේදවාචකයක් වුවත් වත්මන් කලාකරුවන් බොහෝවිට උත්සහ කරන්නේ තමන්ගේ දෛනික ජීවිතය කරදරයක් නැතිව පවත්වාගෙන යාමට බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි. උදාහරණයක් ලෙස පිකාසෝ වැනි නූතන යුගයේ කලාකරුවෙකු ගත් විට ඔවුන්ට යම් ජීවන දැක්මක් තිබුණු බවත් උපන්නාට ජීවත් නොවී ඔවුන් ජීවිතය තුළ යම් කිසි කැපවීමක් කළ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. නමුත් ලංකාවේ මෙන්න ගෝලීය වශයෙනුත් සමකාලීන කලාකරුවන් බොහොදෙනෙක්ට එවැනි ජීවන දෘෂ්ඨියක් නොමැති බව පෙන්වා දෙමින් ඔහු පැවසූවේ ලංකාවේ කලාකරුවන් දේශපාලනයට කෙතරම් අසංවේදීද යන්න සොයා බලන ලෙසයි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති කාව්‍ය සංග්‍රහයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. 

කලාව සහ දේශපාලනය සම්බන්ධ වන විවිධ ක්ෂේත්‍ර අලලා ඔහු විසින් සිදු කරන ලද සංයුක්ත දේශණයේ පූර්ණ හඬ පටයට පහත යොමුව තුළින් සවන්දිය හැක.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සාහිත්‍ය කලා 8675181910937346456

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item