'මට ඉන්නේ මං විතරයි' - ගම්මන්පිලගේ රහස් හඩ පටය මෙන්න [VIDEO]

තමාගේ කටහඩට සියයට 90ක්ම සමාන ව්‍යාජ හඩපටයක් එහි වෙනස තමා සන්සුන්ව කතා කළද එම හඩපටයේ මහා හයියෙන් කතා කරන බවත් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂ...

තමාගේ කටහඩට සියයට 90ක්ම සමාන ව්‍යාජ හඩපටයක් එහි වෙනස තමා සන්සුන්ව කතා කළද එම හඩපටයේ මහා හයියෙන් කතා කරන බවත් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කටහඩ රඟපාන වැඩේ බොහොම හොඳට කර තිබූ බවත් නමුත් කියන කාරණය අතාර්තික බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා පැවසූවේ තමා පළමු මැතිවරණයේදී ලක්ෂ 56ක් වියදම් කළ බවත් දෙවැනි මැතිවරණයේදී ලක්ෂ 98ක් වියදම් කළ බවත් එම මුදල් ගැන ප්‍රසිද්ධියේ කතා කළ බවත්ය.

තමා ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් අන්දන්නේ කොහොමද කියලා තව හඩ පටයක් නිකුත් කර ඇති බවත් තමා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ අවස්ථාවට කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු ගෙන ආවේ නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් කටහඩ හදාගන්න පුළුවන් වුවත් කරුණු ටික හදා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ පිටුපස ඉන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපය විකෘති කරමින් ෆොටෝෂොප් විශේෂඥයෙකු වු මෙගා බොරු චක‍්‍රවර්ති බවත් ඔහුගේ අළුත්ම වික‍්‍රමය ගම්මන්පිලගේ හඬ අනුකරණය කිරිම බවත් ඔහු එජාපයෙන් ඡන්දෙ ඉල්ලන දේශපාලනඥයෙක් බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසී ය.

එම හඩපටය හා මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න



ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපය විකෘති කරමින් ෆොටෝෂොප් විශේෂඥයෙකු වුමෙගා බොරු චක‍්‍රවර්තිගේ අළුත්ම වික‍්‍රමය ගම්මන්පිලගේ හඬ අනුකරණය කිරිමයි
Posted by Udaya Prabhath Gammanpila on Thursday, 6 August 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7037855101980196355

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item