නිළියෝ තමන්ගේ වෘත්තීය විකුණගෙන කනවා - ඉමායා

ලැබෙන ඕනෑම චරිතයක් හොඳට කරනවා මම වැරැදි පාරේ යන්නේ නැහැ. මීගමුව පුරවරයෙන් තවත් කලාකාරිණියක් ක්ෂේත්‍රයට එක් වෙයි. ඇය ඉමායා ලියනගේය. ...

ලැබෙන ඕනෑම චරිතයක් හොඳට කරනවා මම වැරැදි පාරේ යන්නේ නැහැ. මීගමුව පුරවරයෙන් තවත් කලාකාරිණියක් ක්ෂේත්‍රයට එක් වෙයි. ඇය ඉමායා ලියනගේය.

ඉමායා ඔබම පවසන්න ඔබගේ තොරතුරු?

මම නිරූපණ ශිල්පිණියක්, නිළියක්.

මා දන්නා පරිදි ඔබ රූපරාජිනි තරග රැසකටම සහභාගි වෙලා තියෙනවා?

ඔව්, 2013 වසරේ මිස් ශ්‍රී ලංකා තරගයට එක් වුණා. මා එහි අන්තිම වටයට වෙනකම් ආවා. මිස් අර්ත්, මිස් යුනිවර්ස් පීස් ඇන්ඩ් හියුමනිිටි වගේ තරග ගණනාවකට තරග කළා. ඒවායින් සැලකිය යුතු ජයග්‍රහණ ලැබුවා. මිනිස්සු මාව ගොඩක්ම හඳුනා ගත්තේ ඒවා හරහා.

එතකොට ඔබ නිළියක් වන්නේ කොහොමද?

මම මියුසික් වීඩියෝ ගණනාවකම රඟපෑවා. රහල් අල්විස්ගේ සිතට හොරා, මේ ගඟ ගලන්නේ, දුරක ගියා ඔයා ඉන් කිහිපයක්.

ටෙලි නාට්‍යවලට කතා කළේ නැද්ද?

මොකද නැත්තේ. ලලිත් වසන්ත මහත්මයාගේ ආරාධනයෙන් උතුම් පැතුම් නාට්‍යයට එකතු වුණා. ඊට පසුව ඔයාද බෙයා, ආදරේ ගින්දර වගේ.

චිත්‍රපට?

එකම එකකට ආරාධනා ලැබුණා. ඒක ධනුෂ්ක ජයවර්ධන අධ්‍යක්ෂණය කරන එකක්.

ඇයි නිළියක් වෙන්න හිතුවේ?

මම දන්නවා මට රඟපාන්න පුළුවන් කියලා. හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපායැ.
රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් තිබේද?

එහෙම විශේෂ චරිතයක් නැහැ. නිළියක් වුනාම ඕනෑම චරිතයක් බාරගන්න සූදානමින් ඉන්න ඕනෑ. ඒ හින්දා ලැබෙන මොන යම් හෝ චරිතයක් හොඳට කරන්න හිතාගෙන ඉන්නවා.

චරිතයක් වෙනුවෙන් ස්වරූපය වෙනස් කරන්න ඔබ සූදානම්ද?

අනිවාර්යයෙන්ම. එහෙම චරිතයක් ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

අඩුපාඩු ගොඩයි.

ඇයි එහෙම කියන්නේ?

තමන් නළුවෙක් නිළියෙක් කියන කොට කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ තත්ත්වය ඇති කරගෙන තියෙන්නේ අපිමයි.

ඒ කිව්වේ?

බලන්නකෝ, නිළියකගේ වටිනාකම අඩු වෙලා. තමන්ගේ වෘත්තිය විකුණගෙන නිළියෝ අනන්තවත් වැරැදි කරනවා. මම කියන්නෙ ඒවා නැවැත්විය යුතුයි. ඔවුන්ගේ නම් පිටින් හෙළි කොට නිසි දඬුවම් දෙන්න ඕනෑ.

මේ බව දැන දැන ඔබට ක්ෂේත්‍රයට එන්න ගෙදරින් අවසර දුන්නාද?

ගෙදරින් කැමැතියි. එයාලා දන්නවා මම කවදාවත් වැරැදි පාරේ යන්නේ නැහැ කියලා. මේ වෙනකම් එහෙම වෙලාත් නැහැනෙ. ඒ හින්දා ගෙදරින් මට ෆුල් සපෝට්.

ඉමායා ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩ වැඩේ මොකක්ද?

මම අපොස උසස් පෙළ හොඳින් සමත් වුණා. කැම්පස් යන්න පවා වාසනාව ලැබුණා. ඒත් මම ගියේ නැහැ.

කලාව ලොකු වුණා?

ඔව්. කැම්පස් ගියොත් මට මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බැරි වේවි කියලා බය හිතුණා.

අද වන විට ඒ පිළිබඳ දුකක් නැතිද?

අපෝ නැහැ.

ඔබට කටකතා හැදිලා තියෙනවාද?

අපොයි ඕනෑ තරම් හැදිලා තියෙනවා.

මොනවාද ඒ?

මම එක එක කොල්ලෝ එක්ක යාළුයි කියලා.

කට කතා හැදුනම ඔබ මොකද කළේ?

නිහඬව හිටියා.

එක එක කොල්ලො එක්ක යාළු නැහැ කියලා පෙන්වන්න ස්ථිර කොල්ලෙක් සමඟ යාළු වුණා නම් හරිනේ?

එහෙම කෙනෙක් ඉන්නවා.

ඒ කියන්නේ ඔබ පෙම්වතියක්?

ඔව්.

ඔහුව හඳුන්වා දෙන්න?

දැන්මම ඒවා අවශ්‍ය නැහැ.

කවදා විතරද ඔබ විවාහ වන්නට හිතාගෙන ඉන්නේ?

ඒකට නම් තව වසර ගණනාවක් යයි.

සාමාන්‍යයෙන් ඉමායාට කේන්ති යනවාද?

මාව නොකළ දෙයකට අහු කළොත් මට බොහොම කේන්ති යනවා.

එහෙනම් කටකතා හැදුනාමත් දුක හිතෙන්න ඇතිනෙ?

ඔව්. ඒත් මම නිහඬවම හිටියා.

ඔබේ කටහඬ බොහොම ගැඹුරුයි. වයසට වඩා කටහඬ පරිණතයි වගේ දැනෙන්නේ?

එහෙම මට ගොඩක් අය කියලා තියෙනවා. මගේ වයසට වඩා කටහඬ ගැඹුරුයි. සමහර අය හිතන්නේ දුරකතනයෙන් කතා කරද්දී මම හරිම වයසක කෙනෙක් කියලා. ඒත් මට තවම අවුරුදු විසි හතරයි.

ඔබ ඉපදුණේ 1991?

හරි. 1991, 12, 29.

රූපරාජිනී තරගවලට සහභාගි වෙද්දී අඩ නිරුවත් වෙන්න වෙනවා?

ඔය අඩ නිරුවත කියලා කියන්නේ බිකිණියනෙ. ඒකට අඩ නිරුවත් කියන්න බැහැ. මොකද අවශ්‍ය තැන් සම්පූර්ණයෙන්ම වැහිලිනෙ තියෙන්නේ. එවැනි තරගයකට එවැනි ඇඳුමක් තියෙන්නම ඕනෑ. අපේ සමහර අය ඒ ඇඳුම ඇඳ ගෙන ඉන්න කොට වැරැදි ඇහෙන් බලනවා. අන්න එතනයි වැරැද්ද තියෙන්නේ.

ඔබට කාටද තුති පුදන්න තියෙන්නේ?

රොසෑන් ඩයස්, සේනක ද සිල්වා, දෙරණ නාළිකාව සහ මගේ පවුලේ අම්මටයි තාත්තටයි මල්ලිටයි.

මොනවද ඉදිරි බලාපොරොත්තුව?

කලාවෙහි යෙදෙනවාට අමතරව මං නීතිය හදාරනවා. ඉදිරියේදී නීතිඥයකු විදිහට වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

මං හරිම සංවේදී කෙනෙක්.

සටහන - ප්‍රසාද් සමරතුංග




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 3523759103809523039

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item