ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන - කරුණාගෙන් අලුත් කතාවක්

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් ...

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් හිටපු කොටි නායකයකු හා නියෝජ්‍ය ඇමැතිවරයකුවූ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

‘පුදියතලමුරෙයි‘ රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

‘කොටි සංවිධානයේ හමුදාව භාර සේනාධිපති හැටියට මා කටයුතු කළා. නෝර්වේ සාම සාකච්ඡාවලදී ෆෙඩරල් ක්‍රමයට යෑම ගැන මම අවධාරණය කළා. ඇන්ටන් බාලසිංගම් ඒකට පොඩි බියක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදව් කළා. මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙමෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා. කොටි නායකයින් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්‍රභාකරන් සමග බාල පුතා බාලචන්ද්‍රන් පැන යද්දී බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනුණා. ප්‍රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්තටම ප්‍රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ. ඔහු පිළිබඳව මම හොඳින් දන්නවා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන්වූ විගස මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව සොයා බලා ඔහුගේ පාලන සමයේ පියවර ගැනීම කළ යුතුව තිබුණා. ඔහුට එය කරගන්න බැරිවුණා. මා ඇත්ත වශයෙන්ම ගරු කරන නායකයෙක් තමයි ප්‍රභාකරන්. ඔහු විනය ගරුක අවංක පුද්ගලයෙක්. මෙය සියලු දෙනා පිළිගත යුතුයි. ප්‍රභාකරන් මිය ගිය බව සත්‍යයක් මෙය අප පිළිගත යුතුයි. මෙය හෑල්ලුවට ලක්වන පරිදි ප්‍රභාකරන් අත් අඩංගුවට ගනු ලැබුවා, පසුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ගෙන ගියා. වධහිංසා පැමිණුවා, ඉන්පසු ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඝාතනය කළා කියන දේවල් සියල්ල ඔහුගේ කැපවීමට කැළලක්‘

කිසිකෙනකු නොහඳුනන ප්‍රභාකරන්ගේ සිරුරේ තිබෙන සලකුණක් තමා දැන සිටි බවත් ඒ අනුව මළ සිරුර හඳුනාගත් බවත් කරුණා අම්මාන් එහිදී සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5392731825008670499

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item