හෙට පිටියෙන් සමුගන්නා සංගාට සන්නාම තනාපති කමක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිරකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත...


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිරකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.

මේ අතර කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් තරගය වන සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (20) කොළඹ ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිතය.  මෙම තරගයෙන් අනතුරුවන ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සංගා නිල වශයෙන් නිවේදනය කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5250168757565046815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item