ටිකක් ඈතින් හිටියොත් ළංවෙන්න ළංවෙන්න කියලා කෑ ගහනවා - මහේෂි මධුසංකා

ජනප්‍රිය නිළිය සම්මානය කිහිප සැරයක්ම අත ළඟටම ඇවිත් ඇගෙන් ගිලිහි ගියා. ඒ ටෙලි නිළි මහේෂි මධුසංකා අතිනි. සම්මාන නොලැබීම ගැන නම් මහේෂි ඉන්නේ...

ජනප්‍රිය නිළිය සම්මානය කිහිප සැරයක්ම අත ළඟටම ඇවිත් ඇගෙන් ගිලිහි ගියා. ඒ ටෙලි නිළි මහේෂි මධුසංකා අතිනි. සම්මාන නොලැබීම ගැන නම් මහේෂි ඉන්නේ දුකකින් වගේ... ඒ දේවල් ඔයවිදියට සිදු වෙද්දී මහේෂි ගැන පහුගිය දවස්වල විවිධ වූ කතා අහන්න දකින්න ලැබුණා.

ඒ අතරේ මේ වනවිට මහේෂි පෙම්වතියක් බවත්, ඇගේ ආදරය මැද්දට දේශපාලඥයෙක් එන්නට දඟලන බවත් දැනගන්නට ලැබුණා. ඔය අතරේ මහේෂි ඇගේ ෆේස්බුක් ගිණුමේ තවත් පුද්ගලයෙකු සමඟ ගත් ඡායාරූපයක් ඵලකර තිබුණා. ඇත්තටම ඒ ඉන්නේ මහේෂිගේ අනාගත සහකරුවා ද? මහේෂි ඒ ගැන කියන කතාවයි මේ.

මහේෂි මේ දවස්වල කලකිරීමෙන් නේද ඉන්නේ?''කලකිරීමක් ඇති වුණා. මේ මෑතක් වනතුරු කලකිරීමෙන් තමා උන්නේ. ප්‍රශ්න එන්න එන්න ඉදිරියට යන්න පුළුවන් කියන දේ අද මම තේරුම් අරන් ඉන්නේ. මගේ හිත දැන් පෙරටත් වඩා ශක්තිමත්. මගේ අම්මා සෑහෙන්න ඇඬුවා එදා සම්මාන උළෙලදා ඇයට දරාගන්න බෑ සම්මානය අහිමි වීම. කමක් නෑ... මම උපරිමය කළානේ...''

කලකිරෙන්න හේතුව සම්මානය නොලැබිමම නෙමේ නේද?
''ඔව්... තව.. තව... දේ තියෙනවා.''

පසුගියදා එෆ්-බි එකේ තිබුණ ඔබෙත් තරුණයෙකුගෙත් ඡායාරූප මාධ්‍යයේ පළවීමෙන් ලොකු කතාබහකට තුඩු දුන්නා නේද?
''මම එෆ්-බි එකට දාපු ෆොටෝ එකක් මගේ කිසිම අවසරයක් නැතුව පුවත් පතක පළ කර තිබුණා. මට මුකුත් කරන්න බැරි ඒ පුවත්පතේ කර්තෘ මගේ හොඳ හිතවතෙක් නිසා. අන්තිමට ඒ පුවත්පතින්ම ඒ ගැන නිවැරදි කිරීමක් කරලා තිබුණා. ඕවාගේ දේවල් ඉතිං සිදුවෙනවා.''

ඇත්තටම ඒ ඔබේ පෙම්වතාද?
''ඔය ගැන මම මුකුත්ම කතා කරන්න කැමති නෑ.... වෙලාව ආපුවම හැමදේම කියන්නම්...''

ඔබ එහෙම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද පෙම්වතාමයි කියලා...?
''අයියෝ.. එහෙම හිතෙන්න පුළුවන් තමා. ඒත් ඉතිං...''

එහෙම ෆොටෝ පළවීම ඔයාට හොඳ නෑ කියලා හිතෙන්නේ නැද්ද?
''මම අද වෙනකම් වචනයක් අහන්නේ නැතුව මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ... මගේ හිතවතුන් ඔයගැන මගෙන් ඇහුවා. ඇත්තටම ඉතිං ඉදිරියේවත් මෙවැනි දේ කරන්න එපා කියලා කාටත් කියන්න ඕනැ...''

පෙම්වතා නොවේ නම් ඇයි ඒ ගැන කෙළින්ම නොකියන්නේ? 
''කියන්නම්... කියන්නම්... ඉන්නකෝ....''

පෙම්වතා ගැන හරියටම කීවා නම් මේ කරදරවලට පත්වෙන්නේ නෑ නේද?
''දැන්ම එයා ගැන නම් මුකුත්ම කියන්න බෑ.... මම කැමති නෑ මගේ පෙම්වතා මාධ්‍ය හරහා ජනප්‍රිය කරන්න. විවාහය කිට්ටු කරලා ඔහු ගැන හැමදේම කියන්නම්...''

එතකොට කවුද ඒ ඇත්තටම ෆොටෝවල ඔබ ළඟටම කිට්ටු වී හිටියේ?
''මගේ අතිශය පෞද්ගලික දේවල් ගැන ඕනවට වඩා ප්‍රසිද්ධියේ කතා කරන්න ආස නෑ...''

මහේෂිත් අපේ හුඟාක් නිළියෝ වාගේ කෝටිපති පෙම්වතෙක්වද තෝරාගෙන ඉන්නේ?
''මම හැමදාම හිතන දෙයක් තමා ජීවිතේ සාමාන්‍ය විදිහට හැමදේම තිබුණහම ඇති කියලා. මම වඩාත් බලන්නෙ පෙම්වතාගේ පවු‍ලේ අය ගැන. මොකද විවාහයෙන් පසු ජීවත් වෙන්න ලැබෙන්නේ ඔවුන් එක්කනේ. මට ජීවත් වෙන්න මහා හුඟාක් ධනය ඕනෑ නෑ...'' 

ඉතිං කවදා වගේද මහේෂිට මංගල සීනු හැඬවෙන්නේ?
''එකට තව ටිකක් කල් තියෙනවා. මම සමාජය හා ගැටෙන්න පටන් ගත්තෙ රඟපාන්න ආවාට පස්සෙ... ගොඩාක් දේ ගැන තව මට දැන කියා ගන්න ඕනේ... රංගන කටයුතු තව ටික කාලයක් කරගෙන විවාහ ජීවිතයට පිවිසෙනවා. ඇත්තටම මට ඕනේ සාර්ථක පවුල් ජීවතයක් ගත කරන්න.''

පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ද?
''එයා කොහෙත්ම කලාවට සම්බන්ධ නෑ... ඇත්තටම මම කැමති නෑ මගේ පෙම්වතා තව නිළියන් හා තිරයේ පෙම් කරනවා දකින්න. ඒකයි කලාවෙන් පිට කෙනෙක් තෝරා ගත්තේ. මොකද මම මගේ ආදරයට එතරම් ලෝභයි...''

පුංචි තිරයේ මහේෂිට වඩාත් ගැළපෙන පෙම්වතා අමිල අබේසේකර කියලා හුඟාක් අය කියනවා.?
''ඕක වඩාත් හොඳට කියන්නේ අමිල අයියාගේ වයිෆ් තේජා. ඇත්තටම ඇය පුදුමාකාර ගති ඇත්තියක්. පිංතූරයකට වුණත් අපි දෙන්නා ටිකක් ඈතින් වගේ හිටියොත් ළංවෙන්න ළං වෙන්න කියලා කෑගහනවා. අමිල අයියා එක්ක මුලින්ම රඟපාද් දී මම මුකුත්ම දන්නේ නෑ... ගොඩක් දේවල් ඔහු මට කියලා දුන්නා... ඇත්තටම මම අමිල අයියාට හරියට ගරු කරනවා.''

පසුගිය කා‍ලේ සමහර නිළියන් සමග ගැටුම් ඇති වූ නිසා මහේෂි දැන් ලොකුවට යාළුමිත්‍රකම් කා සමගවත් පවත්වන්නේ නැතුලු නේද?
''කා සමගත් අතේ දුරින් ඉන්න එක ඇත්තටම හොඳයි. කා සමගවත් තරහක් මගේ නෑ... මම හුඟක් හොඳින් තේරුම් ගත් දෙයක් අපි කරන කියන දේවල ප්‍රතිඵල මේ ආත්මේම ඵල දෙනව කියන එක. ඇයට මට කියන්න තියෙන්නේ හොඳින් ජීවත් වෙන්න කියන එකයි. මොකද ඇයත් ලස්සන නිළියක්. මම කැමති නෑ කාටවත් වරදක් වෙනවා දකින්න.''

අවසානයේ මොනවද කියන්න තියෙන්නෙ? 
''එෆ්.බි. ෆොටෝ එකෙ හිටියේ මගේ පෙම්වතාද? සහෝදරයෙක්ද? මිතුරෙක්ද? කියන එක හුඟදෙනකුට ප්‍රශ්නයක් බව මට දැන් තේරෙනවා. තව ටිකක් ඉවසගෙන ඉන්න හරියටම එයා කවුද කියලා ඉක්මනින්ම කියන්නම්.''









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 6038032350703111525

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item