ඇමැති ජෝන් මැතිවරණ නීති කඩනවා, ආණ්‌ඩුව පාතාලය එක්‌ක සබඳතා පවත්වනවා - සුනිල් හඳුන්නෙත්ති

මේ ආණ්‌ඩුව යහපාලනය ඉස්‌සරහට දාගෙන පාතාලය එක්‌ක සම්බන්ධතා පවත්වන එක තහවුරු වී තිබෙනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල්...

මේ ආණ්‌ඩුව යහපාලනය ඉස්‌සරහට දාගෙන පාතාලය එක්‌ක සම්බන්ධතා පවත්වන එක තහවුරු වී තිබෙනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා එම අදහස්‌ පළ කළේ පසුගියදා පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සුනිsල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීවේය.

වෙන මැතිවරණවලට වඩා යම් ප්‍රමාණයක සාමකාමී වගේම ප්‍රතිපත්තිමය දේශපලනයට ප්‍රවේශ වන ගුණාත්මක තත්ත්වයක්‌ 19 වැනි සංශෝධනය නිසා ඇති වී තිබෙන බව අපිට පේනවා. ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න පුළුවන් ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් නීති සම්පාදකයින් පිරිසක්‌ යවන්න ඕනෑ කියන සංවාදය සමාජය තුළ අපි ඇති කළා. පාර්ලිමේන්තුවට කුඩු, එතනොල්, කැසිනෝ, වෙනත් ජාවාරම්කරුවන් සහ පාතාලවලට සම්බන්ධතා තිබෙන අය නොයවන්න කියන මතය මාධ්‍යවේදීන් හැටියට ඔබත් කලාකරුවන් සහ විවිධ සිවිල් සංවිධානත් සමාජයට ගෙනගියා. නමුත් ඒ මතය බිඳවැටෙමින් තිබෙන බව අපට පේනවා. වඩා හොඳ ප්‍රතිපත්තිමය දේශපාලන සංවාදයකට මේ මැතිවරණය ගේන්න අපි උත්සාහ කරද්දී එක්‌සත් ජාතික පක්‍ෂයත් සන්ධානයත් සුපුරුදු බංකොළොත් දේශපාලන සංස්‌කෘතියටම යමින් සිටිනවා. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ චෝදනා සහිත අයට නාමයෝජනා ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ විවිධ චෝදනාවලට ලක්‌වෙච්ච අයගේ ඡන්ද පදනම ගැන හිතලා එක්‌සත් ජාතික පක්‍ෂයත් නාමයෝජනා ලබා දී තිබෙනවා. ඒ වගේම ඡන්ද ප්‍රචාරක වැඩවලට පාතාලයට සම්බන්ධ අයත් යොදාගත් බවට ප්‍රවෘත්ති පළ වෙනවා. දේශපාලනඥයා සහ පාතාලය අතර එතෙක්‌ තිබුqණු බොහොම ළඟ සම්බන්ධතාව ප්‍රතික්‍ෂේප කරලා ජනවාරි 08 වැනිදා යහපාලනය කැඳවා ගත්තා. යහපාලනය කියන එකේ අර්ථය පරණ ආණ්‌ඩුවේ වැරදි තමන් කරගන්න එක නෙවෙයි. ඒ වගේම අධිකරණ නියෝජ්‍ය ඇමැතිතුමා පොලිස්‌ නිලධාරීන්ට තර්ජනය කරන්න පටන් ගෙන තිබෙනවා. බ්ලූමැන්ඩල් සිද්ධියෙන් තහවුරු වෙන්නේ කලින් ආණ්‌ඩුව නඩත්තු කරපු පාතාලය එක්‌සත් ජාතික පක්‍ෂ නායකයන්ගේ නඩත්තුවට අරගෙන තිබෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1778028555501705798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item