ලිංගික උත්තේජනයට ව්‍යාඝ්‍රා දැන් කාන්තාවන්ටත්

කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව ...

කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය ‘කාන්තා ව්‍යාඝ්‍රා’ ලෙසින් ද හැඳින්වෙනවා.

පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය හා සමානකම් ඇති මෙය මගින් කාන්තා මොළයේ හෝමෝනවලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වන බවයි පැවසෙන්නේ.

එහෙත් පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන ව්‍යාඝ්‍රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්‍ර කිරීමයි.

විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා ව්‍යාඝ්‍රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ද ලක් වෙමින් තිබෙනවා.

මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකි බවයි විවේචකයන් පවසන්නේ.

ඇතැම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. අපේ සුන්ග්ස්කෘතියට අනුව , බොඋධ්ධ එගන්වීම් අනුව අපි ආශා අඩු කර ගන්ඩ උත්සහ කල යුථුඉ . මේවා අරගන අපේ අය ආශා වැඩි වේලා මොන මොන මොන දේවල් කරෛද ?
    in one world entire world will get Americanise, will be watching American news,Eat American fast food, Listen to American music, by American DVD's and CD's and so on. Who will be the winners?

    ReplyDelete

emo-but-icon

Related

සුව අසපුව 6151517447176909643

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item