මුරලිදරන්ගේ බිස්කට් සමාගම වන සන්රිච් කන්ෆෙක්ෂනරි සඳහා ජගත් සම්මාන දෙකක්

සම්මානනීය දඟපන්දු යවන ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් හවුල් මෙරට ප‍්‍රමුඛ පෙළේ බිස්කට් නිෂ්පාදකයකු වන ‘සන්රිච් කන්ෆෙක්ෂනරි...


සම්මානනීය දඟපන්දු යවන ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් හවුල් මෙරට ප‍්‍රමුඛ පෙළේ බිස්කට් නිෂ්පාදකයකු වන ‘සන්රිච් කන්ෆෙක්ෂනරි (පෞද්ගලික) සමාගම මෑතකදී බෙලිජියම් පැවති ජාත්‍යන්තර රස හා තත්ත්ව ආයතන සම්මාන දෙකක් දිනා ගනිමින් ජාත්‍යන්තර ආහාරපාන ක්ෂේත‍්‍රයේ නව පරිච්ජේදයක් සනිටුහන් කළේ ය.

මෙහි දී සන්රිච් කන්ෆෙක්ෂනරිහි නිෂ්පාදනයන් දෙකකටම, එනම් ‘චොකලට් ක‍්‍රීම්’ හා ‘පවර් ක‍්‍රන්චි බිස්කට්ස්’ සදහා සම්මාන දෙකක් ශ‍්‍රි ලංකාවේ සමාගමකට ලැබීම මෙරට ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු ඇත.

මෙම විශිෂ්ට ජයග‍්‍රහණය ගැන සන්රිච් බිස්කට්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකරණ අධ්‍යක්ෂක එම්. ශ‍්‍රිධරන් මහතා මෙසේ පැවසීය.

‘‘ආහාර සුරක්ෂිතතාව සඳහා වන විශිෂ්ටතම පරිචිතයන් අනුගමනය කරමින් නිරතුරුව නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය වැඩි දියුණු කිරීම අප මුල සිටම අනුගමනය කල ධර්මතාවයක් වනවා. මෙම ජාත්‍යන්තර ජයග‍්‍රහණය තුලින් අපගේ ප‍්‍රයත්නයන් ඇගයීමට ප‍්‍රාත‍්‍ර වීම සම්බන්ධයෙන් අප සමාගමේ සේවකයන් ඇතුළු මුළු කළමණාකාරීත්වය අපගේ පාරිභෝගිකයන් වෙත අපගේ නොමසුරු කෘතඥතාවය පළකර සිටිනවා.’’

ශ‍්‍රිධරන් මහතා අභිමානයෙන් ප‍්‍රකාශ කර සිටියේ සියයට සියයක් ශ‍්‍රි ලාංකේය බිස්කට් නිෂ්පාදන සමාගමක් ගොඩනැඟීම තමාගේ ළමා වියේ සිටම සිහිනයක් වු බවයි. 

‘‘මෙම සිහිනය ජය ගැනීම සදහා මම එක්සත් රාජධානියේ ප‍්‍රචලිත සරසවියක් වන ලන්ඩන් සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයයේ නිෂ්පාදන කළමණාකරණය සදහා මුල් උපාධිය ලබා ගතිමි. එහි දී මම බිස්කට් නිෂ්පාදන විශිෂ්ට සම්මානය ලබා ගත් අතර මගේ පියාට අයත් ලකිලෑන්ඞ් බිස්කට් සමාගමේ අත්දැකීම් ලබාගැනීමෙන් පසු 2006 දි සන්රිච් බිස්කට් නමින් මගේම කර්මාන්තශාලාවක් පටන් ගැනීමට හැකි වීම මාගේ ජීවිතේ ලැබු විශිෂ්ට ජයග‍්‍රහණයක්,’’ යැයි ඔහු පැවසීය.

මෙම අද්විතීය ජාත්‍යන්තර සම්මාන සඳහා ප‍්‍රධානතම නිර්ණායකයන් තුන වනුයේ රස, ගුණාත්මකභාවය හා පෙනුමයි. මෙම සම්මාන උළලේ ජුරිය සදහා ලෝප‍්‍රකට සුපවේදීන්, ආහාර පාන විශේෂඥයන් ඇතුළු රසය හා ගුණය පිළිබඳ විශේෂඥතාවයෙන් හෙබි වෘත්තීකයන් 120 දෙනකුගෙන් සමන්විත විය. 2015 දි දෙවනවරටත් ශ‍්‍රී ලාංකීය සමාගමක් මෙය දිනාගැනීම ශ‍්‍රී ලංකාවේ බිස්කට් නිෂ්පාදන කර්මාන්ත ජාත්‍යන්තර තලයට පැමිණ ඇති බවට හොඳ සාධකයකි.

2006 මාර්තු 15 වන දා සන්රිච් කන්ෆෙක්ෂනරි (පෞද්) සමාගම සංස්ථාපනය කරනු ලැබු අතර වර්තමානයේ දී එය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව සහ සීෂෙල්ස් වැනි රටවල් හි වෙළඳපොළ ජයගැනීම ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයකි.

‘චොකලට් ක‍්‍රීම්’ හා ‘පවර් ක‍්‍රන්චි’ නිෂ්පාදනයන්ට අමතරව ‘ලෙමන් පෆ්’, ‘ලැක්ටෝ මාරි’, ‘ක‍්‍රීම් ක‍්‍රෑකර්’, ‘මිල්ක් ක‍්‍රන්ච්’ හා ‘මිල්කි’ ඇතුළු දෙස් විදෙස් වෙළඳපොළවල් හි නම ගිය බිස්කට් නිෂ්පාදනයන් 25කටත් වඩා හිමිකාරීත්වය දරයි. සන්රිච් විසින් බිස්කට් නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන අමුද්‍රව්‍යයන් විශිෂ්ඨ ගුණාත්මකභාවයකින් යුතු විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් පමණක් ලබා ගන්නා අමුද්‍රව්‍ය වේ. එමෙන්ම තත්ත්ව පාලකයන් හා ආහාරපාන විශේෂඥයන් විසින් අති නවීනතම තාක්ෂණයන් උපයෝගී කරගෙන සිදු කරන පරීක්‍ෂණවලින් පමණක් වෙළඳපොළට නිකුත් කෙරේ. ශ‍්‍රිධරන් මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ වසර මුල දි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මඟින් පිරිනමනු ලබන ISO 22000, යහපත් නිෂ්පාදන පරිචිත- GMP, උවදුරු විශ්ලේෂණ හා අවදානම් පාලක ලක්‍ෂ්‍ය- HACCP යන තත්ත්ව සහතික තුනම දිනාගත් බවය.

ශ‍්‍රී ලංකා ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි සන්රිච් බිස්කට් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර මෙයින් ජනනය කර ඇති 200 කට වඩා ඍජු සහ වක‍්‍ර රැුකියා අවස්ථා මඟින් ප‍්‍රදේශයේ ප‍්‍රජාවට ලැබෙනුයේ මහත් පිටිවහලකි. ශ‍්‍රී ලංකාවේ ලෝක ප‍්‍රකට දඟපන්දු යවන සම්මානනීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් සන්රිච් බිස්කට්ස් හි සන්නම තානාපතිවරයා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 2559152672735051950

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item