සිසුන්ට පහරදීමෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නැවතත් අස්ථාවර වෙලා - මානව හිමිකම් කේන්ද්‍රය

ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපන බලධාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්න පොලීසිය විසින් විසඳීමට ඉදිරිපත්වීම බරපතල තත්වයක් බව ශ්‍රී ලංකා මා...

ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපන බලධාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්න පොලීසිය විසින් විසඳීමට ඉදිරිපත්වීම බරපතල තත්වයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. 

මේ හේතුවෙන් නැවත වරක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටුම්කාරී සහ අස්ථාවර පරිසරයක් ගොඩනැගී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊයේ (29) දින කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණයට පොලීසිය විසින් එල්ල කළ කුරිරු සහ මර්දනකාරී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

"උද්ඝෝෂණ පැවැත්වීමකින් තොර ව තම ප්‍රශ්ණ කෙරෙහි අවධානය යොමු කරගත නොහැකි තත්ත්වයකට පත් ව ඇති ක්ෂේත්‍ර අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වනවිට ප්‍රමුඛ ස්ථානයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

ඉතා දිගු කලක් දැඩි ලෙස නොතකා හරින ලද සහ සිසුන් සහ අදහස් මර්දනය ම පමණක් එකම විසඳුම ලෙස තෝරා ගැනීම හේතුවෙන් දශකයකට වැඩි කාලයක් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයකට පත් ව ඇත. මේ සඳහා සියුම් සහ තිරසාර විසඳුම් ජාතික මට්ටමින් ලබාදිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

එවැනි ප්‍රවේශයක් ලබා නොගන්නා තෙක් පීඩනයට සහ දිගුකාලීන මර්දනයට ලක් වූ ශිෂ්‍ය කණ්ඩායම්හි විරෝධතා සහ උද්ඝෝෂණ නොවැළැක්විය හැකිවනු ඇත. පසුගිය රජය පැවති සමයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ සාමකාමී විරෝධතා දැක්වීමේ නිදහස තිරස්චීන ලෙස මර්ධනය කර තිබූ අතර එම තත්ත්වය සමස්ත සමාජයේ පිළිකුළට සහ කෝපයට හේතු වූ බව අමතක නොකළ යුතු ව ඇත.

එසේ තිබිය දී දිගු කාලීන ඉල්ලීම් සහිත කණ්ඩායමක් පැවැත් වූ උද්ඝෝෂණයකට උපරිම බලය යොදමින් පහරදීම හේතුවෙන් අද වනවිට ජාතික විශ්වවිද්‍යාල 06ක විරෝධතා ව්‍යාපාර පැවැත්වීමේ ප්‍රවණතාවක් මතු ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි. මේ තුළ සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයම කැළඹීමට පත් ව ඇත. මර්දනයට ලක් නොවී සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ සිසුන්ගේ අයිතියට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ගරු කරන අතර එම අයිතිය රැක ගැනීම සඳහා පෙනී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

බිම වැටී සිටි සිසුවියන්ට පවා බැටන් ප්‍රහාර එල්ල කිරීම ශිෂ්ට සමාජයකට තරම් නොවන බවත් මෙම ප්‍රහාරය පිළිබඳ සෑම ක්ෂේත්‍රයකින්ම විරෝධය මතුවෙමින් ඇති බවත් අප අවබෝධකොට ගත යුතුව ඇත. නැවත වරක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කළඹන අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවීමට වග බලාගැනීම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම බලධාරීන්ගේ ද, ආරක්ෂක අංශවල ද දැඩි වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටී."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4040203818887609969

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item