උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා ශිෂ්‍යයන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය, ‘වියතුන්ගේ හඬ’ හෙලා දකියි

කොළඹ, වෝඩ් පෙදෙසේ අද (29) දින උද්ඝෝෂණයක යෙදුණු උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා සිසුන්ට පොලිසිය යොදවා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය ‘වියතුන්ගේ හඬ’ සංවිධා...

කොළඹ, වෝඩ් පෙදෙසේ අද (29) දින උද්ඝෝෂණයක යෙදුණු උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා සිසුන්ට පොලිසිය යොදවා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය ‘වියතුන්ගේ හඬ’ සංවිධානය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

ශිෂ්‍ය ඉල්ලීම් උදෙසා උද්ඝෝෂණයේ යෙදෙන සිසුන් අපරාධකරුවන් සේ සලකා මෙසේ ප්‍රහාර එල්ල කිරීම ‘යහපාලන’ ප්‍රතිපත්ති වලට අනුකූල දැයි අපි රජයෙන් ප්‍රශ්න කර සිටිමු.

‘රතුපස්වල සිද්ධීන්’ ගැන වේදිකා වල කතා කරමින්, සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බව පවසා තරුණ තරුණියන්ගේ ඡන්දය මගින් බලයට පැමිණි ආණ්ඩුව, වැඩි කල් නොගොසින්ම මෙසේ බැටන් පොළු, කඳුළු ගෑස් වලින් ශිෂ්‍ය ප්‍රශ්න මර්දනය කිරීමට දරණ උත්සාහය වියතුන් වශයෙන් කිසි ලෙසකින්වත් අපි අනුමත නොකරමු. අප අවධාරණය කරන්නේ වගකිවයුතු ආණ්ඩුවක් තරුණ සහ ශිෂ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා බුද්ධිමත්ව සහ සානුකම්පික ලෙස කටයුතු කළ යුතු බවයි.

එබැවින්, අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් සිදු වීම වළක්වාලීමට වග බලා ගන්නා ලෙසත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7437737697799351183

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item