බොෂ් සිය ප්‍රථම කාර්යාලය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටුවයි

කොළඹ - ලොව ප්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම කාර්යාලය 2015 ඔක්තෝම්බර් 19 වෙනි දින කොළඹ දී ආරම්භ කරන ලදි. ම...

කොළඹ - ලොව ප්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම කාර්යාලය 2015 ඔක්තෝම්බර් 19 වෙනි දින කොළඹ දී ආරම්භ කරන ලදි. මෙම අතිඋත්කර්ෂවත් අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ගරු ආචාර්ය ජර්ගන් මෝහාර්ඩ් සහ බොෂ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ බොෂ් සමූහයේ ඉන්දියානු සභාපති ආචාර්ය ස්ටෙෆන් බර්න්ස් ද සහභාගි වන ලදි. “වසර 90කට අධික කාලයක් පුරා ඉන්දියාවේ ක්‍රියාත්මක වෙමින් සහ මෑතක දී බංගලාදේශයේ කාර්යාලයක් දියත් කළ අපි අපගේ නව සමාගම වන රොබර්ට් බොෂ් ලංකා (පෞද්.) සමාගම ආරම්භ කිරීම තුළින් දකුණු ආසියාව තුළ අපගේ ව්‍යාප්තිය තවත් තහවුරු කරන ලදි. කොළඹ යනු මෙරට ආර්ථීක කටයුතු බහුලව සිදුවන ප්‍රධාන වාණිජ නඟරය බැවින් එහි අපගේ කාර්යාලයක් පිහිටුවීම ඉතාමත් වැදගත් බව ආචාර්ය බර්න්ස් පැවසුවේ ය.

බොෂ් විසදුම් සහ සේවා සඳහා වූ වෙළෙදපොළ

පසුගිය වර්ෂයන්හී ශ්‍රී ලංකාව තුළ විශාල වර්ධනයක් දැකිය හැකි වූ අතර ඉදිරි වර්ෂයන්හීදී එය තවත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. පසුගිය වසර කිහිපය තුළ පාරිභෝගික වැය ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී ඇත. විශේෂයෙන් මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා විශාල දායකත්වයක් පිරිනැමූ සේවා අංශය තුළ වර්ධන අවස්ථා බහුලව දැකිය හැකි ය.

මෙම පසුබිම යටතේ රොබර්ට් බොෂ් ලංකා (පෞද්.) සමාගම මුල් අදියරේදී ඔටෝමොටිව් ආෆ්ටර්මාර්කට්, ආරක්ෂිත පද්ධති, තර්මෝතාක්ෂණ සහ බලශක්ති උපකරණ යනාදී බොෂ් නිෂ්පාදන සහ සේවා විකුණුම්, අලෙවිකරණය සහ වෙළෙදාමේ නිරත වේ. “ජීවිතය පහසු කරන නව විශ්මිත හරබර තාක්ෂණයන් හඳුන්වාදෙමින් “ බොෂ් ජාත්‍යන්තර සහ දේශීය අභියෝගයන් ජයගැනීම සඳහා විසදුම් සංවර්ධනය කරයි. යටිතල පහසුකම් සහ නඟර සංවර්ධන, ජංගම සහ බලශක්ති තාක්ෂණ ඇතුළුව මෙරට අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන නිෂ්පාදන රැසක් අපි පිරිනමන්නෙමු. අපගේ නව කාර්්‍යාලය ආරම්භ කිරීම දකුණු ආසියානු කලාපය තුළ අපගේ ව්‍යාපාර ව්‍යාප්තිය සනිටුහන් කිරීමෙහිලා ඉතාමත් වැදගත් පියවරක් ලෙස හැදින්විය හැකි ය. ශ්‍රී ලංකාව අපගේ ව්‍යාපාරය සඳහා වැදගත් වෙළෙදපොළක් ලෙස හඳුනාගෙන ඇති බැවින් මෙරට තුළ අපගේ ව්‍යාප්තිය වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. “ යැයි ආචාර්ය බර්න්ස් පැවසුවේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 4800218731749544339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item