දඹුල්ලේ බස් අනතුරකින් 35ක් තුවාලයි

දඹුල්ල, ඉනාමලුව ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35ක් පමණ තුවා...

   දඹුල්ලේ බස් අනතුරකින්  35ක් තුවාලයි

දඹුල්ල, ඉනාමලුව ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35ක් පමණ තුවාල ලබා තිබේ.

ඉන් 25 දෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.සෙසු පිරිස සුළු තුවාල නිසා ප්‍රතිකාර නොලබා වෙනත් වාහන වල නැඟී පිටව ගොස් ඇත.

පොළොන්නරුව, සිරිපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් සිමෙන්ති පටවා කොළඹ දෙසටම ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක පිටුපස හැපී අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු පවසා ඇත්තේ ලොරිය විදුලි පහන් නොමැතිව නවතා තිබු බවය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8284930383127560928

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item