විපක්‍ෂයේ මන්ත්‍රීන්ට මේවනතෙක්‌ විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදී නෑ - ඩලස්‌ අලහප්පෙරුම

ඉතිහාසයේ පළමු වතාවට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන මෙම රජයෙන් තවමත් ලබාදී නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන...

ඉතිහාසයේ පළමු වතාවට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන මෙම රජයෙන් තවමත් ලබාදී නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයට චෝදනා කළේය. සිරිමා බණ්‌ඩාරනායකගේ රජයේ එන්. එම්. පෙරේරා මුදල් ඇමැති සමයේ සිට වසර 44 ක්‌ පුරා එම ප්‍රතිපාදන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකඩවා හිමිවූ බවත් ඩලස්‌ අලහප්පෙරුම කියා සිටියේය.

ආණ්‌ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට වෙන වෙන ක්‍රම මගින් ප්‍රතිපාදන ලබාදීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළ හෙතෙම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මෙතෙක්‌ විමධ්‍යගත ප්‍රතිපාදන හිමිනොවූ බව සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමැති රවී කරුණානායක මෙම වසරේ ජනවාරි මස 17 වැනිදා අතුරු අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රී විමධ්‍යගත මුදල රුපියල් ලක්‍ෂ 50 සිට සියය දක්‌වා ඉහළ දමන බවට සහතික වූ බවද හෙතෙම සිහිපත් කළේය.

වත්මන් රජය යටතේ කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් මේ දක්‌වා පවත්වා නැති බව ඩලස්‌ අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3399625588362532488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item