FB Chat එකෙන් කොල්ලෙක් කෙල්ලෙක්ව නිරුවත් කර හෝටලයට ගෙනා හැටි

පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට පැමිණි තරුණියකි. නිරෝමි සතරසිංහ නම් 28 හැවිරිදි ඇය මුහුණ දී තිබුණේ මහත් අකරතැබ්බයකටය. ඇයට...

පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට පැමිණි තරුණියකි. නිරෝමි සතරසිංහ නම් 28 හැවිරිදි ඇය මුහුණ දී තිබුණේ මහත් අකරතැබ්බයකටය. ඇයට සිදුව ඇති අකටයුත්ත පොලිස් නිලධාරීන් හමුවේ මෙසේ කෙටියෙන් පැවසුවාය.

“සර්, මට FB එකේ යාළුවෙක් ඉන්නව යුරේනිකා කියල, එයාගෙ X බෝයි ෆ්‍රෙන්ඩ්, මගේ නියුඩ් ෆොටෝ FB දානව කියල එයා එක්ක Sex කරන්න එන්න කියල තර්ජනය කරනව.“

පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට ඊට වඩා අටුවා ටීකා ඕනෑ නොවීය. ඇයගේ පැමිණිල්ල සටහන්කරගත් පොලිස් නිලධාරීන් එතැන් සිට විමර්ශනය අරඹන්නේ සහකාර පොලිස් අධිකාරී දමයන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදිය.

පැමිණිළිකාරිය වන නිරෝමිට කලකට පෙර යුරේනිකා පෙරේරා නම් තරුණියක් FB Friend Request එකක් එවා තිබුණාය. යුරේනිකා කාගේ කවුදැයි නොදන්නවා වුවද නිරෝමිද එම Request එක Accept කළාය. එතැන් පටන් මේ තරුණියන් දෙදෙනා මුණ නොගැසුනද, දුරකතනයෙන් හෝ කතාබහ නොකළද FB එකේ ගජ යාළුවන් විය. 

කලක් ගතවද්දී මේ දෙදෙනාගේ Chat කිරීමේ සීමාව අන්තයටම ගොස් තිබුණි. තරුණියන් දෙදෙනෙකු වුවද හැඟීම් අවුස්සන ආකාරයේ ලිංගිකමය කාරණාද ඒ අතර විය.

“ඔයා ආස නැද්ද මගේ Nude Photos බලන්න“ Chat එකක් අතරේ යුරේනිකා නිරෝමිගෙන් ඇසුවාය. කලක් තිස්සේ යුරේනිකා සමග කළ අතිශය පෞද්ගලික තොරතුරු හුවමාරුවෙන් කූල්මත්ව සිටි නිරෝමිද ඊට අකමැත්තක් දැක්වූයේ නැත.

ලද අවසරයෙන් යුරේනිකා තමන්ගේ නිරුවත් ඡායාරූප නිරෝමි වෙත එව්වාය. 

තමන්ගේ නිරුවත් ඡායරූප එවූ යුරේනිකා ඊළඟ ඉල්ලීම වූයේ “ නිරෝමි, මමත් ආසයි ඔයාගෙ Nude බලන්න“ යන්නයි.

නිරෝමි පොලිසියට පවසා ඇත්තේ තමා ඒ ඉල්ලීමට මුලින් අකමැති වූ බවය. නමුත් යුරේනිකාගේ පෙරැත්තය නිසා තමාද යුරේනිකාට තමන්ගේ මුහුණ නොපෙනෙන, තිසරපටද හැඳ ගන්නා ලද ඡායාරූපයක් යැවූ බවය. නමුත් යුරේනිකා දිගින් දිගටම තම නිරුවත් ඡායාරූප ඉල්ලුවද තමා ඒවා නොයැවූ බවය. 

පෞද්ගලික ආයතනයක සේවය කරනා නිරෝමීගේ දෙළොව රත්වන්නේ ඊට ටික දිනකට පසුවය. ඒ කාර්යාලයේ මිතුරෙකු ගෙනා මේ පණිවුඩයත් සමගය.

“නිරෝමි, මේ ඔයාගෙ Nude Photo එකක් FB එකේ“ තමන් යුරේනිකාට යැවූ හිස නැතිව ඡායාරූපයට තමාගේ මුහුණ බද්ධකොට FB එකට දමා ඇති බවය.

නිරෝමිට යුරේනිකා සම්බන්ධකරගැනීමට ඇති එකම මාර්ගයද FB පමණක් වන බැවින් හදිසියේම ඇයට ඒ බව පවසා පිංතූරය ඉවත්කරවා ගැනීමටද ඇයට නොහැකිය. ඉන්පසු යුරේනිකා FB එකේ මුණගැසුණු පළමු අවස්ථාවේදීම නිරෝමි ඇයට මේ ගැන චෝදනා කළාය. යුරේනිකා එවිට පවසා ඇත්තේ නිරෝමිගේ නිරුවත් ඡායාරූප දිගටම එවන්නේනම් පමණක් අදාල ඡායාරූපය ඉවත් කරනා බවය.

කලක් තිස්සේ පැවති යුරේනිකාගේ හිතවත්කම නිරෝමිට තර්ජනයක් බවට පත්ව ඇත්තේ එතැන් සිටය. නිරෝමි ඉන්පසු යුරේනිකාට යැව්වේ නිරුවත් ඡායාරූප පමණක් නොවේ. නිරුවත් වීඩියෝද ඒ අතර විය. මේ ගණු දෙනුවද කලක් තිස්සේ පැවතුණි. 

වැඩි කලක් නොගොසින් නිරෝමිගේත් යුරේනිකාගේත් අතරට තවෙකෙක් ආවේය. ඒ යුරේනිකාගේම FB Chat එකෙන්මය. අනුරංග නම් වූ ඔහු පැවසූවේ තමා යුරේනිකාගේ පැරණි පෙම්වතා බවය.

ඔහු යුරේනිකාගේ FB එකෙන්ම වරින්වර නිරෝමි සමග Chat කරන්න ගත්තේය. අනුරංග පවසන්නේ තම නිරෝමිට කැමති බවය. ඔහුට ඇය සමග ලිංගික ඇසුරක් පැවැත්වීමට ඕනෑබවද මේ අතර දිගින් දිගටම පැවසුවේය. මුලින් ඉල්ලීමක් වූ එය පසුව තර්ජනයක් විය. ඒ නිරෝමි අනුරංග සමග ලිංගික ඇසුරකට අකමැතිනම් යුරේනිකා සතුව ඇති නිරෝමිගේ නිරුවත් ඡායාරූප සියල්ල FB එකට දමනා බවය.

පසුව මෙය නිරෝමි, යුරේනිකා සහ අනුරංග අතර වන Group Chat එකක් විය. යුරේනිකා නිරෝමිට පවසන්නේද අනුරංගගේ ඉල්ලීමට එකඟවන ලෙසයි. නිරෝමි පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශය වෙත එන්නේ මේ අතරතුරය.

අනතුරුව පොලිසියේ උපදෙස් පරිදි කටයුතු කරන නිරෝමි අනුරංග සමග යහන්ගතවන්නට කැමැත්ත පල කළාය. ඒ සඳහා දිනයක්ද යොදා ගත්තාය. අනුරංග පැමිණියේ වැල්ලවත්තේ ලැගුම්හලකටය. අනුරංග නමැත්තා අත්අඩංගුවට පත්වන්නේ එම ලැගුම්හලේ කාමරයක් තුළට නිරෝමීව කැඳවාගෙන යාමෙන් අනතුරුවය.

මේ කතාවේ අගමුල හෙළිවන්නේ අනුරංගගෙන් කරන ලද ප්‍ර‍ශ්නකිරීම් වලින් අනතුරුවය.

අනුරංග ශෂිකලා වාසනා නම් තරුණියකගේ FB ගිණුමකින් ඇයගේ ඡායාරූප සොරාගෙන ශෂී පෙරේරා නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් අරඹා ඇත. යුරේනිකා ලෙසින් පෙනී සිටින අනුරංගට නිරෝමි හමුවන්නේ ඒ ඔස්සේය. සැළසුම් සහගතව නිරෝමිව කොටුකරගන්නට අනුරංගට පහසුවන්නේ ශෂිකලා වාසනා නම් තරුණියගේ ෆේස්බුක් ගිණුමේ ඇයගේ සැබෑ නිරුවත් ඡායාරූප තිබීමය. එම ඡායාරූප නිරෝමිට යවා නිරෝමිගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගැනීමට අනුරංගට අවස්ථාව ලැබෙන්නේ ඒ හරහාය.

මෙම මෙහෙයුම සඳහා සහකාර පොලිස් අධිකාරී දමයන්ත හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක දයා විදානගම, පොලිස් කොස්තාපල් බණ්ඩාර සහ වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජගත්සිරි ඇතුලූ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ඔබටත් මෙවැනි ගැටළු ඇත්නම් cybercrime@police.lk විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7289665104520446221

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item