වාහන ලීසිං 70% දකවා පමණයි - රවීගෙ 90% කෙප්පයක්

ලීසිං  ක්‍රමයට වාහන මිලදී ගැනීම්වලදී අදාල වාහනයේ වටිනාකමෙන් 70%ක් පමණක් ගෙවීමට හා වාහනය කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට  ශ්‍රී ලංකා මහ...

ලීසිං  ක්‍රමයට වාහන මිලදී ගැනීම්වලදී අදාල වාහනයේ වටිනාකමෙන් 70%ක් පමණක් ගෙවීමට හා වාහනය කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු මුල්‍ය ආයතනවලට උපදෙස් දී ඇත.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසන්නේ කල්බදු මුල්‍ය සමාගම්වල ස්ථාවරත්වය සහතික කිරීම වෙනුවෙන් මෙම තීරණයගත් බවයි.

කෙසේ වෙතත් මුදල් ඇමති රවි කරුණානායක විසින් මාධ්‍ය හමුවකදී පැවසුවේ ලීසි  ක්‍රමයට වාහන මිලට ගැනීමේදී වටිනාකමින් 90% දක්වා ලබාදීමට පියවර ගන්නා බවකි. එහෙත් මහ බැංකුවේ දැනුම් දීමට අනුව දැන් රවී කරුණානායකගේ කතාවට වලංගුතාවයක් නොමැති පුස්සක් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය වන්නේ අගමැති රනිල් වික්‍රරමසිංහ මහතා යටතේ වන අතර ඇමති රවි කරුණානායකට මහ බැංකුව සම්බන්ධයෙන් වගකීමක් ලබා දී නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1052574314250203789

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item