ජිනීවා යෝජනා නීතියට පටහැනියි" - විශ්ව විද්‍යාල ආචාර්යවරු

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුමත කළ යෝජනාවලිය දේශීය සහ ජාත්‍යන්තර පිළිගත් නෛතික මූලධර්මවලට පටහැනි බව...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුමත කළ යෝජනාවලිය දේශීය සහ ජාත්‍යන්තර පිළිගත් නෛතික මූලධර්මවලට පටහැනි බවත් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සඳහන් පරිදි "සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු" යන මූලධර්මය ද කඩකර ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ යොමුකරමින් කියා සිටී.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයට මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන, මහාචාර්ය වාව්වේ ධම්මරක්‌ත, මහාචාර්ය තෙරෑලේ ධම්මරතන, ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස යන හිමිවරු ද මහාචාර්ය රංජිත් සේනාරත්න, මහාචාර්ය ගාමිණී ෙµdන්සේකා, මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරු 74 දෙනකු අත්සන් තබා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ පරීක්‍ෂණ සම්බන්ධයෙන් පත්කිරීමට නියමිත විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයට දැඩි අප්‍රසාදය පළ කරන බව ද මෙම යෝජනාවලිය මගින් රටේ පවතින ජාතික සමගිය, සහජීවනය, ජනවාර්ගික සුහදතාව සහ වර්ධනය වෙමින් පවතින රටේ ආර්ථිකයට දැඩි හානියක්‌ සිදුවන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3771847365583811072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item