ජලය පිරිනු කානුවට වැටී උපන් දිනය දා සිසුවිය මිය යයි

තම දාහත් වැනි උපන් දිනය යෙදුණු පෙරේදා (15) මහනුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයේ නිත්තවෙල මංසන්ධිය අසල අනාරක්ෂිත ජල කාණුවකට ඇද වැටී කි.මි. 1 1...

තම දාහත් වැනි උපන් දිනය යෙදුණු පෙරේදා (15) මහනුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයේ නිත්තවෙල මංසන්ධිය අසල අනාරක්ෂිත ජල කාණුවකට ඇද වැටී කි.මි. 1 1/2 පමණ ගසාගෙන ගොස් මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස පාසල්

සිසුවියක් මිය ගියාය.මහනුවර බද්උද්දීන් මහමුද් විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලබන මඩවල පාර කටුගස්තොට පදිංචි සහබ්දීන් මොහොමඩ් අස්රා නමැති සිසුවිය මෙලෙස මරණයට පත්ව ඇත.

අධික වරුෂාව පැවති පෙරේදා (15 ) පස්වරු 5.00 ට පමණ පෞද්ගලික පන්තියකට සහභාගීවී ආපසු නිවස බලා යෑමට මිතුරියන් දෙදෙනකු සමඟ නිත්තවෙල මංසන්ධිය පැමිණ ඇත. මාර්ගය හරහා ගලා යමින් තිබූ මහ ජලකඳ පසුකැර ගිය වාහනයට යෑමට මදක් පසුපසට අස්රා සිසුවිය ඉඩ දීමට ගිය අවස්ථාවේ ජල කාණුවට ඇද වැටී ඇත. ප්‍රධාන මාර්ගයෙන් හා නිත්තවෙල අතුරු මාර්ගයෙන් ගලා එන ජලය මහවැලි ගඟ දක්වා රැගෙන යන අනාරක්ෂිත කාණුවට ඇද වැටුණු මෙම සිසුවිය මහ ජල කඳත් සමඟ තත්ත්පර කිහිපයක් තුළ මහවැලි ගඟ දක්වා ඇදී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ජලය බැසයන කාණුවට සිසුවිය වැටීමත් සමඟ ඇය බේරා ගැනීමට ඒ අසළ රාජකාරී කැරමින් සිටි පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය වැසියන් උත්සහ කැර ඇතත් එය පළක් වී නැත. මහවැලි ගඟ හා මෙම කාණුවේ ජලය එක්වන ස්ථානයේ වැලි ගොඩ දමමින් සිටි පිරිසක් සිසුවිය ගසාගෙන යනු දැක ලණු දමා ඇයව ගොඩට ගෙන ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

ප්‍රධාන මාර්ගයේ අනාරක්ෂිත කාණු පද්ධතිය පිළිබඳව ජනතාව කළ පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කැර ඒවා පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. මියගිය සිසුවියගේ අවසන් කටයුතු ඊයේ (16) පෙරවරුවේ කටුගස්තොට ඉස්ලාම් සුසාන භූමයේදී සිදු කෙරුණු අතර කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අනාරක්ෂිත ජල කාණුවකට ඇද වැටී කි.මි. 1 1/2 පමණ ගසාගෙන ගොස් මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස පාසල් සිසුවියක් මිය ගියාය.මහනුවර බද්උද්දීන් මහමුද් විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලබන මඩවල පාර කටුගස්තොට පදිංචි සහබ්දීන් මොහොමඩ් අස්රා නමැති සිසුවිය මෙලෙස මරණයට පත්ව ඇත. අධික වරුෂාව පැවති පෙරේදා (15 ) පස්වරු 5.00 ට පමණ පෞද්ගලික පන්තියකට සහභාගීවී ආපසු නිවස බලා යෑමට මිතුරියන් දෙදෙනකු සමඟ නිත්තවෙල මංසන්ධිය පැමිණ ඇත.

මාර්ගය හරහා ගලා යමින් තිබූ මහ ජලකඳ පසුකැර ගිය වාහනයට යෑමට මදක් පසුපසට අස්රා සිසුවිය ඉඩ දීමට ගිය අවස්ථාවේ ජල කාණුවට ඇද වැටී ඇත. ප්‍රධාන මාර්ගයෙන් හා නිත්තවෙල අතුරු මාර්ගයෙන් ගලා එන ජලය මහවැලි ගඟ දක්වා රැගෙන යන අනාරක්ෂිත කාණුවට ඇද වැටුණු මෙම සිසුවිය මහ ජල කඳත් සමඟ තත්ත්පර කිහිපයක් තුළ මහවැලි ගඟ දක්වා ඇදී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ජලය බැසයන කාණුවට සිසුවිය වැටීමත් සමඟ ඇය බේරා ගැනීමට ඒ අසළ රාජකාරී කැරමින් සිටි පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය වැසියන් උත්සහ කැර ඇතත් එය පළක් වී නැත. මහවැලි ගඟ හා මෙම කාණුවේ ජලය එක්වන ස්ථානයේ වැලි ගොඩ දමමින් සිටි පිරිසක් සිසුවිය ගසාගෙන යනු දැක ලණු දමා ඇයව ගොඩට ගෙන ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

ප්‍රධාන මාර්ගයේ අනාරක්ෂිත කාණු පද්ධතිය පිළිබඳව ජනතාව කළ පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කැර ඒවා පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. මියගිය සිසුවියගේ අවසන් කටයුතු ඊයේ (16) පෙරවරුවේ කටුගස්තොට ඉස්ලාම් සුසාන භූමයේදී සිදු කෙරුණු අතර කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4170413583276512259

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item