Huawei Y6 හඳුන්වා දෙයි

උසස් තතවයේ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Y6 පහසු මිලට දැන් වෙළඳ පලේ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම ස්ම...

උසස් තතවයේ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Y6 පහසු මිලට දැන් වෙළඳ පලේ

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Huawei Y6 හඳුන්වා දෙයි. හැඩය,විලාසිතාව සහ තාක්ෂණය අතින් ඉහළ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Y6 ඉස්තරම් කැමරාවකින් සහ තවත් සුවිශේෂිතා රැසකින් සමන්විත වෙයි. 

Huawei Y6 සරල මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් වන අතර භාවිත කිරීම ඉතා පහසු වන ආකාරයට නිමවා තිබේ. රුපියල් 19,999 ක මිලකට ශ්‍රි ලාංකේය වෙළඳ පලට හඳුන්වා දෙන මෙම Huawei Y6 ස්මාර්ට්ෆෝනය එම මිල මට්ටමේ පවතින හොඳම වේගවත්ම ප්‍රොසෙසරය සහිත ස්මාර්ට්ෆෝනය වෙයි. මේ වනවිට වෙළඳ පලේ එම මිල මට්ටමේ පවතින වැඩිම පහසුකම් සහිත ස්මාර්ට්ෆෝනය වන්නේ ද Huawei Y6 ස්මාර්ට් ෆෝනයයි.

ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Huawei Y6 පිළිබඳව අදහස් දක්වන Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රි ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කලේ “ ශ්‍රි ලංකාවට තත්වයෙන් උසස් ස්මාර්ට්ෆෝන් හඳුන්වා දීමේ අරමුණෙහි එක් පියවරක් ලෙස මෙම Huawei Y6 හැදින්විය හැකි බවයි. මෙම ස්මාර්ට්ෆෝනය ඕනෑම ශ්‍රි ලාංකිකයෙකුට පහසුවෙන් භාවිත කළ හැකි බව ද ඒ මහතා කීය. එමෙන්ම බහුතරයකට දැරිය හැකි මිලක් යටතේ මෙම Huawei Y6 වෙළඳ පළට හඳුන්වාදීම ද සුවිශේෂ බව ඒ මහතා පෙන්වා දුන්නේය. ස්වභාවයෙන්ම සරල භාවිතයට පහසු මෙම ස්මාර්ට්ෆෝනය භාවිත කරන්නාට පහසුකම් රැසක් සපයන බව ද හෙන්රි ලියු මහතා සඳහන් කරයි. මේ අනුව Huawei Y6 ජීවිතයේ හොඳම ස්මාර්ට්ෆෝන් සහකරුවා වනු ඇති බව Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රි ලංකා ප්‍රධානියාගේ අදහසයි.

Huawei Y6 ඝනකමින් අඩු එහෙත් සියලු අංග සහිත ස්මාර්ට්ෆෝනයක් වන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ තනි අතින් ක්‍රියාකරවිය හැකි වීමයි. ඉතා අනර්ඝ නිමාවක් සහිත Huawei Y6 හි බාහිර පෙනුම සිත්ගන්නා සුළු ආකාරයට නිමවා තිබේ. 5-inch IPS LCD තිරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය ඉතා ඉහළ තත්වයේ ඡායාරූප ලබාගත හැකි කැමරාවකින් යුක්ත වෙයි. වර්ණ මිලියන 16.7 ක වර්ණ සුසංයෝගයකින් මෙම ස්මාර්ට්ෆෝනය ක්‍රියාත්මක වෙයි. අංශක180 ක් දක්වා වන පුළුල් පරාසයක ඡායාරූප සහ වීඩියෝ ගත කළ හැකි මෙම ස්මාර්ට්ෆෝනය අනගිතම වීඩියෝවක් නිර්මාණය කිරීමට පහසුකම් සලසයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වු Huawei Sri Lanka හි වෙළඳ කළමණාකරු ස්ටැන්ලි මැස්කරේනස් මහතා කියා සිටියේ “ශ්‍රි ලංකාවේ Huawei ලෝලීන් මෙම නවතම නිෂ්පාදනය වන Huawei Y6 ආදරයෙන් වැළඳ ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. “සිහින යථාර්තයක් බවට“ පත් කිරීමේ Huawei තේමාව තහවුරු කරමින් සෑම අයෙකුටම ස්මාර්ට්ෆෝනයක් තමන් සතු කර ගැනීමේ හැකියාව මේ වනවිට ශ්‍රි ලාංකිකයින්ට හිමිව ඇති බවද ඒ මහතා කීය.

මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඩ් ඇතුළු 400 කට අධික ප්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් මීඩියා අලෙවිසැල් සඳහා සේවය සපයන සිංගර් ඩිජිටල් මීඩියා චැනලයන් හරහා Huawei Y6 ඛෙදා හැරීමට නියමිතයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 4170951912642219892

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item