ජැක්සන් අන්තනිත් ජනාධිපති කොමිසමට

ජැක්සන් ඇන්තනී මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට අද(26) කැඳවා ඇතැයි වාර්තා වේ. පෙර පැවති රජය සමයේදී හම්බන්තොට වරායේ සමාරම්භ...

ජැක්සන් ඇන්තනී මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට අද(26) කැඳවා ඇතැයි වාර්තා වේ. පෙර පැවති රජය සමයේදී හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 30ක් වැය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතු වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට අයත් ‘ක්‍රියේටිව් හෙලන්කා‘ ආයතනයට රුපියල් මිලියන 18ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ජැක්සන් ඇන්තනී මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට කැදවා ඇති බව එම ආරංචි මාර්ග පවසයි. 

මේ අතර හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතුවලට රුපියල් කෝටි එකහමාරක් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රවීන නර්තන ශිල්පීන් යුවළක් වන චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 22 දා පෙනී සිටියහ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8697245863078242237

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item