කරාටේ වසන්ත සහ එස් එෆ් ලොකුගේ අතීත ගැටු\ම් මෙහෙමලු

අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු ලෙස සැක කෙරෙන SF ලොකු නොහොත් ඉරෝන් රණසි...

karate_wasantha_murderedඅනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු ලෙස සැක කෙරෙන SF ලොකු නොහොත් ඉරෝන් රණසිංහ යන පුද්ගලයා එම ඝාතනය කිරීමට පෙර වසන්ත සොයිසා සමග එම සමාජ ශාලාවේ ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වේ.

එස්.එෆ්. ලොකු ඇතුළු පිරිසක් පසුගිය ජුනි මස 29 වනදා මත්පැන් පානයකොට එම සමාජ ශාලාවට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී රුපියල් 86,000 ක ණය බිල්පතක් ගෙවා දැමීමට තිබෙන නිසා සමාජ ශාලාවට ඇතුළු නොවන ලෙස සේවකයන් පවසා තිබේ.

ඒ අවස්ථාවේ වසන්ත සොයිසා සහ SF ලොකු අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. බහින්බස් වීමෙන් අනතුරුව SF ලොකු ඇතුළු පිරිස එම ස්ථානයේ වීදුරු වලට පහරදී අලාභ හානි සිදුකොට ගොස් තිබේ. නැවතත් 30 වනදා රාත්‍රියේ අලුයම 02:30 ට පැමිණි පිරිස ආරක්ෂක අංශ භාවිතා කරන ජීව අත් බෝම්බ ප්‍රහාරයක් සමාජ ශාලාවට එල්ලකොට පලාගොස් තිබේ.

SF ලොකු ඇතුළු පිරිස බීමතින් සිටි නිසා එම අත් බෝම්බය එල්ලකිරිමේදී ආරක්‍ෂිත අගුල හරිහැටි ගලවා ගැනීමට නොහැකිවීවීම නිසා බෝම්බය පුපුරා ගොස නොමැති බව පොලිස් වාර්තා වල සඳහන් වේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1571228503430852654

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item