කොණ්‌ඩයා ගැන පළවූ පුවත් සම්බන්ධයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වගකිව යුතුයි - ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්

ගම්පහ යක්‌කල එගොඩවත්තේ නිවාසයකට අයුතු ලෙස ඇතුළුවීම සහ පුද්ගලයකුට අතින් පයින් පහරදී සුළු තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ මහෙස්‌ත්‍රාත...

ගම්පහ යක්‌කල එගොඩවත්තේ නිවාසයකට අයුතු ලෙස ඇතුළුවීම සහ පුද්ගලයකුට අතින් පයින් පහරදී සුළු තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා නමැත්තාට රුපියල් 50,000 ක්‌ බැගින් වූ ශරීර ඇප 2 ක්‌ මත මුදාහරින ලෙසට ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක ඊයේ (21 දා) නියෝග කළේය.

මහර බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර නීතිඥ සමන් සේනානායක සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළ අතර නීතිඥ පාලිත සේනාධීර පවසා සිටියේ සැකකරුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහරදී ඇති හෙයින් සැකකරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසය. එවිට මහෙස්‌ත්‍රාත්වරයා පවසා සිටියේ සැකකරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේ අදාළ නඩුව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පවතින එකක්‌ හෙයින් ඒ සඳහා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට මෝසමක්‌ ගොනුකර එම ඉල්ලීම සිදු කරන ලෙසය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහෙස්‌ත්‍රාත්වරයා මෙසේද පැවැසීය. 

පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙක්‌ චෝදනා ඔප්පු කරනතුරු සැකකරුවෙක්‌. නඩු විභාග කරන්නේ සාක්‍ෂි ආඥ පනත යටතේ. සැකකරුවෙක්‌ අපරාධකරුවෙක්‌ ලෙස සඳහන් කරන්න පොලිසියට හැකියාවක්‌ නැහැ. මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ තියෙනවා. සැකකරු සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්ති සම්බන්ධව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වගකිව යුතු බව පැවැසීය.

ඇප නියම වූ සැකකරුට ලබන නොවැම්බර් මස 23 අධිකරණයේ පෙනී සිටීමට නියම වූ අතර එම නඩු දෙක නැවත නොවැ( 23 අධිකරණයේ කැඳවීමට නියමිතය. ගම්පහ පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් පරණවිතාන, කාන්තා පොලිස්‌ පරීක්‍ෂක සමන්ති, උප පොලිස්‌ පරීක්‍ෂක රණතුංග යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8786462761543027185

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item