ජනේලයෙන් ඇතුළට පැනලා මම සේයාව අරන් ගියා - පොලිසිය කියන සේයාගේ නව මරුවා

සේයා දැරියගේ ඝතනයට් සම්බන්දව පොලිසියෙන් අලාගත් නවතම සැකකරු පොලිසීය හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙත් මේ කොටදෙනියාව පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා ප...

සේයා දැරියගේ ඝතනයට් සම්බන්දව පොලිසියෙන් අලාගත් නවතම සැකකරු පොලිසීය හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙත් මේ කොටදෙනියාව පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය නිසා මෙහි සදහන් සියල්ල එලෙසම සිදුවීදැයි අප නොදන්නෙමු.

මේ ඔහුගේ කතාවයි,

ඇරලා තියෙන ජනේලයෙන් ගේ ඇතුළට ඇඳට කකුලක් තියලා පැනගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. කොහොම හරි මම ඒ ළමයා වඩාගෙන බොහොම අමාරුවෙන් ජනේලයෙන්ම එළියට පැන්නා. ඊට පස්සේ කළුවරේම

ළමයත් අරගෙන වැලිපාර දිගේ ගියා” යැයි “කොණ්ඩයාගේ” අයියා වන සමන් ජයලත් රහස් ‍පොලිසිය හමුවේ පවසා ඇත.

මම සාමාන්‍යයෙන් රෑට ගෙවල් ගානේ ගිහින් ගෑනු අය දිහා බලන් ඉන්නවා. එදා මම මේ දරුවාගේ ගෙදර ගියා. යනකොට මට ජනේලෙන් පෙනුණා මේ දරුවාගේ අම්මා ටී, වී. බල බල ඉන්නවා. මට එයාව දැක්කම ආස හිතුණා. ඒත් ඒ වෙලාවේ ගෙදරට පනින්න විදිහක් නෑ, ළමයිනුත් ඉන්නවා, ගෙදර කට්ටියත් ඉඳියි කියලා බය හිතුණා. පස්සේ මම ටිකක් රෑ වෙනකල් ඇවිද ඇවිද හිටියා.

මම ආයෙත් එනකොට කාමරේ ලයිට් දාලා තිබුණේ. ඒ වෙලාවේ මට හිතුණා මම අනිවාර්යයෙන්ම මොකක් හරි කරනවා කියලා. ඊට පස්සේ ජනේලය ගාවට ගිහින් ජනෙල් දොර අරින්න හැදුවා. ඒත් එක්කම ජනෙල් දොර අරලා තිබ්බේ. පස්සේ මම ජනේලෙන් ඇතුළට පැන්නා. ඇතුළට පැන්නේ ඇඳට කකුල තියලා. ඒ වෙනකොටත් කට්ටිය නිදි. පස්සේ හෙමින්ම කාමරේට ගිහින් මම ගේ ඇතුළේ පිහියක් හෙව්වා. ඒත් පිහියක් තිබ්බේ නෑ. අන්තිමට මට ටිකක් බයක් ආවා පිහියක් නැතුව ගෑනු කෙනා ළඟට ළං වුණොත් එයා කෑගහයි කියලා. එහෙම වුණොත් කට්ටිය ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණ නිසා මම අදහස වෙනස් කරගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. මම ළමයව අරගෙන යන්න තීරණය කළා.

කොහොම හරි ළමයව වඩාගෙන මම ජනේලයෙන් එළියට පැන්නා. බොහොම අමාරුවෙන් තමයි පැන්නේ. ළමයත් අරගෙන මම කළුවරේම ආවා වෙල පැත්තට. වැලි පාර දිගේ ගිහින් මම වෙල දිගේම ආවා කෙළවරට වෙනකල්. ඇවිත් ළමයව බිම දාලා අතවර කළා. එහෙම කරනකොට ළමයා ඇහැරුණා. ඇහැරිලා කෑ ගහන්න ගත්තා. හයියෙන් කෑගහයි කියලා බයට තමයි ළමයා ඇඳන් හිටිය බැනියම ඇදලා අරගෙන බෙල්ලට තියලා තද කළේ. ඒ එක්කම ළමයා මැරුණා. ඊට පස්සේ ළමයව මම එතැනම තිබ්බ කානුවට විසි කරලා ගඩොල් කපන තැනට ගියා.” යැයිද සැකකරු වැඩිදුරටත් පා‍පොච්චාරණය කර ඇත.

සැකකරු කිහිප වතාවක් සේයාගේ මව රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර ජනේලයෙන් ඈ දෙස බලා ඇත. එහිදී මානසිකව තෘප්තියක් ලැබූ බව පවසා තිබේ. සැකකරු පවසන ආකාරයට නිවෙස්වලට එබි බැලීම තමාගේ සුපුරුදු ක්‍රියාවක් බවට ඔහු පවසා ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයාට යොමු කර ඇති අතර එහිදී ඔහුගේ ශරීරයේ තුවාල කිහිපයක් තිබෙන බවට හඳුනාගෙන ඇත. එහිදී හෙළි වී ඇත්තේ දරුවා විසින් පහරදීමේදී ඇති වූ තුවාල බවද ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා සහ ඔහුගේ සොහොයුරු වන සමන් ජයලත් යන අය ලබන 19 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ඊයේ නියෝග කළේය.

සමන් ජයලත් නමැති සැකකරු විසින් සේයා දැරිය දූෂණය කර මරා දමා එය තම සොහොයුරා විසින් කළ බවට පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී ඔහු බේරී යැමට උත්සාහ කළ බව හෙළි වූයේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් විසින් මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතාගේ නිල මැදිරියේදී පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පාපොච්චාරණයක්‌ ලබා දී තිබිණි.

සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මෙම පාපොච්චාරණය ලබාගැනීමෙන් පසුවය.

මේ අතර සේයා ඝාතනයේ සැකකරු බව කියන සමන් ජයලත් නමැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ලබාගන්නා ලද වාර්තාව වහාම මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

සමන් ජයලත් නමැත්තා වෘත්තියෙන් කම්කරුවෙකි. 36 හැවිරිදි මොහු කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියට අයත් නිවසේ කොණ්‌ඩයා නමැති සොහොයුරා ද සමඟ තාවකාලිකව පදිංචිව සිටියේය.

ඔහු මුලින් විවාහ වී සිටි කාන්තාව මේ වන විට විදේශගත වී ඇති බවත් ඉන්පසු විවාහ වූ කාන්තාව ද මොහු අතහැර වෙනම ජීවත්වන බවත් හෙළි වී තිබේ.

දෙවැනි විවාහයේ දියණියක්‌ මේ වන විට විවාහ වී ඇති බවත් බාල දරුවා බිරිඳ සමඟ වෙනම ජීවත්වන බවත් හෙළිකරගෙන ඇති පොලිසිය අත්අඩංගුවට ගන්නා විට මොහු ලිහිනියාගම ගඩොල් පෝරණුවක වැඩ කරමින් සිට ඇති බව ද හෙළි වී ඇත.

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන් ජයලත් නමැති සැකකරුය.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී සමන් ජයලත් කියා සිටියේ සේයා දැරිය දූෂණය කර මරා දැමුවේ තම සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා විසින් බවයි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැඩි වෙහෙසක්‌ දරා දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගත්තේය.

මේ සම්බන්ධයෙන් කොණ්‌ඩයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර ඔහු ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ද ඉදිරිපත් කළේය.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් කරන ලද ප්‍රකාශ සහ හෙළිදරව් කිරීම්වල යම් යම් පරස්‌පරතාවන් තිබෙනු දුටු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඔහුගෙන් නැවතත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී තමන් සිදුකළ බරපතළ වරද පිළිගෙන ඇති සමන් ජයලත් සේයා දැරිය දූෂණය කර මරා දැමුවේ තමන් විසින් බව හෙළි කර තිබේ.

ඒ අනුව සමන් ජයලත්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී පැය 72 ක රැඳවුම් නියෝගයක්‌ ද ලබා ගත්තේය.

ඊයේ පෙරවරුවේ සැකකාර සමන් ජයලත් දැඩි ආරක්‍ෂාවක්‌ යටතේ මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ වන විට බන්ධනාගාරගතව සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා නමැති සැකකරු ද මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මතය.

සමන් ජයලත් නමැති සැකකරු ද ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.

සේයා දැරියගේ මව සහ පියා ද මිනුවන්ගොඩ අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6919965517326559547

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item