ඉන්දීය ධීවර ගැටලුව විසඳන්න ධීවර අමාත්‍යාංශයෙන් විශේෂ කාර්ය බලකායක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අනවසරයෙන් ඇතුළු වී සිදුකරනු ලබන මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්...

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අනවසරයෙන් ඇතුළු වී සිදුකරනු ලබන මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කරනු ලැබූ “විශේෂ කාර්ය බලකාය” නමින් සාකච්ඡාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වීය. එම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, පොලීසිය හා උතුරු පළාතේ ධීවර සංගම් නියෝජිතයින් ඇතුළු ධීවර ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගි විය. 

එහිදී අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ අපේ මත්ස්‍ය සම්පත අවු : 30 ට පමණ පෙර සිට ඉන්දියානු ධීවරයින් විසින් රැගෙන යන අතර, මෙම බෝට්ටු වල නියම අයිතිකාරයෝ වන්නේ තමිල්නාඩුවේ බොහෝ දේශපාලඥයන් බවයි. නමුත් අපේ රටේ දී අත්අඩංගුවට පත්වන්නේ එරට අහිංසක මිනිස්සුන්ය. ඉන්දියානු ධීවරයින් සිරකළාට මෙම ගැටළුව විසදෙන්නේ නෑ. ඔවුන් සිදු කරන තහනම් පන්න ක්‍රමය වන බොටම් ට්‍රෝලිං ක්‍රමය නැවැත්වීමට පියවර ගත යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 371636909204897693

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item