ජනපති කොමිසම නීති විරෝධියි මහින්දගෙන් මූලික විරෝධයක් - කොමිසම හෙටට කල් තබයි

බරපතල අපරාධ හා වංචා දූෂණ විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් හිටපු ජනාධිපති මහින්ද...

බරපතල අපරාධ හා වංචා දූෂණ විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට කැඳවීමට බලයක් නැතැයිද එම කොමිසම නීති විරෝධී යැයිද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන අද (15) මූලික විරෝධතාවයක් මතු කළේය.

කොමිසමේ කිසිම කටයුත්තක් නීතියට එකඟ නැති බවත් හිටපු ජනපතිවරයා කැඳවූ ස්වාධීන රූපවාහිනී දැන්වීම් සිද්ධියේ කෙළවරක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ. කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනපතිවරයාට ඇති හෙයින් මාරපන මහතාගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කළ යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පිළිතුරු දෙමින් කියා සිටියේය.

මිනිත්තු 20කට පසු බරපතල වංචා හා විමර්ශන කොමිසමේ සාමාජිකයෝ යළි රැස්වූ අතර කොමිසම බලරහිත යැයි මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිවේදී ගාමිණී මාරපන මහතා නැගූ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ‍හෙට (16) දක්වා කල් දැමූ බව කොමිසම නිවේදනය කළේය.

කොමිසමේ කටයුතුද හෙට දක්වා කල් තැබිණි.

කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල කොමිසම අද හිටපු ජනපති කොමිසම හමුවට කැඳවිණි.  මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සමග කොමිසමේ නිලධරයකුගේ කාර්යාලයේ තේ බොමින් සිටිනු දක්නට ලැබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 963267132744437438

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item