මහින්දගෙන් නිවේදනයක්

බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටප...

බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ශනයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි. 

කොමිසමේ විමර්ශනයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාළ පත් කිරීම කර තිබුණේ කලින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය. 

කොමිසමේ විමර්ශනයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී "මීඩියා ෆැක්ටරි"ආයතනය මගින් දැන්වීම් පළකිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුළින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සඳහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුළම "ස්පෙෂල් සොලුයුෂන්" ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්ෂආ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාළ දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය. 

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්ෂෙක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්ෂණ 86 ක් ආපසු දීම තුළින් ස්වාධීන රූපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සඳහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්ෂෙක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්ෂිකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කළ බව කොමිසමේ ලිපියේ සඳහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි. 

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂක මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂ්කයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්ෂතකයා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්ෂණය කිරීම ඡන්ද අපේක්ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍රචාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්ෂදය විසින් ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍රචාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්ෂීකයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂමයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත. 

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්ෂෙකයකුගේ දැන්වීම් ප්‍රචාරය ඇතුළු කටයුතු සිදු කරනු ලබන්නේ අදාළ පක්ෂකයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරුණු අපේක්ෂයකයාගේ වගකීමක් නොව අදාළ පක්ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්ෂනක ලෙස තරග කළ යුතු බවට යෝජනාව ශ්‍රි ලංකා නිහස් පක්ෂසය තුළ ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාළ යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්ෂවයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැඳවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්ෂන වන කරුණකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4529207226166429323

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item