විද්‍යුත් මෝටර් රථයක් ජනපතිගේ නිරීක්ෂණයට - විද්‍යුත් මෝටර් රථ පරිසර හිතකාමීද - ශරීරයට හිතකරද

ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ නව වන වාර්ෂික සමුඑව ඊයේ (20දා) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ...

ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ නව වන වාර්ෂික සමුඑව ඊයේ (20දා) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පවිද්‍යුත් මෝටර් රථයක් ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්විය. මෙහිදී මෙම විද්‍යුත් මෝටර් රථ පරිසරහිතකාමී ලෙස බොහෝ දෙනා පෙන්වාදීමට උත්සහ කලත් එය එසේ නොවන බව බොහෝ දෙනාගේ විද්වතුන්ගේ මතයයි. අවබෝධයක් නොමැතිව ජනාධිපති මෙන්ම අනෙකුත් වගකිවයුතු බොහෝ පිරිස් විද්‍යුත් මෝටර් පරිසරහිතකාමී ලෙස හදුන්වාදීමට උත්සහයක් ගනී.

රටකට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම නව තාක්ෂණයෙන් යුතු වහනයි. එය විද්‍යුත් මෝටර් රථද නැති නම් ඉන්ධන දහනයද යන්න වැදගත් නොවේ. එයට හේතුවන්නේ මෝටර් රථ භවිතයේදී යොදාගන්නේ ශක්තියයි. ශක්තිය අලුතෙන් මෙලොවට නිපදවිය නොහැකි අතර කල හැක්කේ ශක්තිය පරිවර්තනය කිරීමයි. එනම් මෙම විද්‍යුත් මෝටර් රථ සදහාද අවශ්‍ය වන්නේ ශක්තිය ලබන්නේ විද්‍යුත් බලයෙනි. එනම් මෝටර් රථය සදහා අවශ්‍ය විදුලි ශක්තිය ජනනය සඳහා ඉන්ධන දහනය හෝ ගල් අඟුරු දහනය කල යුතුය. ජාල විදුලිය ශ්‍රී ලංකාවේ එකම විදුලි නිෂ්පාදනය ක්‍රමය නොවෙ. මහා පරිමාන ඉන්ධන සහ ගල අඟුරු බලාගාර ඇත. එසේ බලන කල විදුලි මෝටර් රථ පරිසර හිතකාමේ නොවේ.

වගකිව යුතු පිරිස සලකා බැලිය යුත්තේ වඩා කාර්යක්ෂම වාහන මෙරටට හදුන්වාදීමයි. එනම් ශාක්ෂි ප්‍රභවය කුමක් වුවත් අඩු ශාක්ෂි වය කිරීමකින් වැඩි කාර්යයක් කරගත හැකි වාහනයි. එවිට එය පරිසර හිතකාමී වහනයක් ලෙස හදුන්වා දිය හැකිය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6263766196110159208

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item