මෙවන් නරුම කතා ඇසේය මේ බිමේ - පියා දියණිය ගැබිණියක් කරයි

වයස අවුරුදු 16ක් වන තම වැඩිමහල් දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර...

වයස අවුරුදු 16ක් වන තම වැඩිමහල් දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියකි.

දැරියගේ මව විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. පැමිණිලිකාර මව තම සැමියාගෙන් මීට වසර 02කට පමණ පෙර වෙන්වී කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටී.

සැමියාට දාව ඇයට ලැබී ඇති ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු සැකකරු බාරයේ සිටින බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

තම වැඩිමහල් දියණිය කිසියම් අසාමාන තත්ත්වයකින් පෙළෙන බවට තම සහෝදරිය විසින් කරන ලද දැනුම්දීමක් මත පැමිණ තොරතුරු සොයා බලන විට ඇය සය (06) මසක ගැබිණියක් බවට හෙළිවූයේ යැයිද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

තම දියණියට ලිංගික අතවර සිදු කර ඇත්තේ සැමියා විසින් බවට ඇය තමන් හමුවේ පැවසූ බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2827398989334143688

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item