සිංහල රාජ්‍යක් හැදුවොත් වෙනම දෙමළ රජ්‍යකුත් බිහිවේවි

වෙනම සිංහල රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කළහොත් දෙමළ රාජ්‍යයක් බිහිවීම නිතැතින්ම සිදුවන බවත් එය නතර කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ල...

වෙනම සිංහල රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කළහොත් දෙමළ රාජ්‍යයක් බිහිවීම නිතැතින්ම සිදුවන බවත් එය නතර කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

තම සන්ධානය ඒ ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීවේය. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාව ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. උදලාගම හා පරණගම වාර්තා බලා එහි විශ්වසනීයත්වයක් නැති බව මානව හිමිකම් වාර්තාවේ දැක්වෙනවා. ඒ වාර්තාවේ ඇතැම් කරුණු අපට භාර ගන්න බෑ. එහි සාධනීය පැත්ත අප ගත යුතුයි. අප රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නැහැ. ජාත්‍යන්තර පරීක්ෂණයකට අප මැදිහත් විය යුතුයි.

සිංහල රට, බෞද්ධ රාජ්‍ය ආකාරයට කටයුතු කළ යුතු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා තිබෙනවා. වෙනම සිංහල රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කළහොත් දෙමළ රාජ්‍යයක් බිහිවීම නවත්වන්න බැහැ යැයිද මන්ත්‍රීවරයා කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5812733652901932359

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item