ගහපු ගැහිල්ලෙන් යහපාලනය පෙනුණා - පුබුදු ජයගොඩ

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට කප්පරක්‌ පොරොන්දු දී බලයට පත්වූ වත්මන් රජය උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්. එන්. ඩී. ඒ) සිසුන්ට පහර ...

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට කප්පරක්‌ පොරොන්දු දී බලයට පත්වූ වත්මන් රජය උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්. එන්. ඩී. ඒ) සිසුන්ට පහර දුන් ආකාරයෙන් ඔවුන් ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මනාව පැහැදිලි වන බව පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල සභික පුබුදු ජයගොඩ \"දිවයින"ට ඊයේ (30 වැනිදා) සඳහන් කළේය.

සිසුන් ඉලක්‌කකර පොලිසිය යොදවා පාලකයන් සිදුකළ මෙම ම්ලේච්ඡ පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් හෙතෙම කියා සිටියේය. 

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිසුන් තිස්‌නව දෙනා කොන්දේසි විරහිතව වහා නිදහස්‌ කිරීමට රජය පියවර ගත යුතු බවත් හෙතෙම පැවැසීය.

වත්මන් ආණ්‌ඩුවේ යහපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම රටට ප්‍රදර්ශනය කර ඇති බවත් ආණ්‌ඩුවේ මෙම පිළිවෙතට එරෙහිව ශිෂ්‍යයන් පමණක්‌ නොව සමස්‌ත ජනතාව එක්‌විය යුතු බවත් පුබුදු ජයගොඩ කීවේය.

සිසුන් මෙම අරගලය කරනු ලැබුවේ නිදහස්‌ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බවත් පැවසූ පුබුදු ජයගොඩ අධ්‍යාපන අයිතිය සුරකින බවටත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බවටත් දුන් පොරොන්දු රජය අමතක කර දමා ඇති බවත් කියා සිටියේය.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු එච්. එන්. ඩී.ඒ. පාඨමාලාවට අදාළ කිසිදු ප්‍රශ්නයක්‌ නොවිසඳුනු බවත් පසුගිය රජය මෙන් වත්මන් රජයද අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් කිරීමේ කාර්යය තවදුරටත් ඉදිරියට ගෙන යන බවටත් හෙතෙම චෝදනා කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6387177319028723285

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item