ලංකාවට එරෙහි යෝජනාවක්‌ ගෙන ඒමට බලපෑම් කළේ හිටපු ශ්‍රී ලංකා ඇමෙරිකානු තනාපති රොබට්‌ බ්ලේක්‌ – වසර 4කට පසු HRW කියයි

ඇමරිකානු රජයේ වැඩිදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ගෙන ඒමට අකැමැත්ත පළකළත් හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක...

ඇමරිකානු රජයේ වැඩිදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ගෙන ඒමට අකැමැත්ත පළකළත් හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ එවැනි යෝජනාවක්‌ සඳහා බලපෑම් එල්ල කළ බව හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධානි බ්‍රයන් ඇඩම්ස්‌ හෙළිකර ඇත.

රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ලෙස පත්වූ පසු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ගෙන ඒමේ උත්සාහය සාර්ථක වූ බවද හෙතෙම අනාවරණය කර තිබේ.

“ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ගෙන ඒම ගැන ඇමරිකානු රජයේ පාර්ශව විවිධ මත දැරුවා. එහෙත් ඇමරිකානු විදේශ පිළිවෙත වෙනස්‌ කරමින් රොබට්‌ බ්ලේක්‌ට ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක්‌ ගෙන ඒමට හැකිවුණා” යෑයි බ්‍රයන් ඇඩ්ම්ස්‌ සඳහන් කර ඇත.

රොබට්‌ බ්ලේක්‌ගේ මේ ක්‍රියාදාමය ගැන බ්‍රයන් ඇඩම්ස්‌ තොරතුරු හෙළි කළේ වසර හතරකට පසුවය .



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 970497655357273343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item