මහින්දගේ ලේකම් මෛත්‍රීගේ ලේකම් ට සහ සුද්දෙන් ලියයි

ජනාධිපති කාර්යාලයේ කැසට්පට නැතිවීම පිළිබද එල්ල වී ඇති චෝදනා ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කරුණු...

ජනාධිපති කාර්යාලයේ කැසට්පට නැතිවීම පිළිබද එල්ල වී ඇති චෝදනා ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කරුණු පැහැදිලි කරයි.

මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය හා අනෙකුත් ලේඛණයි.

ජනාධිපති කාර්යාලයේ කැසට්පට නැතිවීම පිළිබද මගේ ප්‍රකාශය

මා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කලේ නැත. මා සේවය කලේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙසය.මා හට ස්තිර විෂය පථයක් භාරදී තිබුනේද නැත. එසේම අරලිය ගහ මැදුරේ හෝ ජනාධිපති කාර්යාලයේ මා හට කාර්යාල පහසුකම් හෝ කාර්ය මණ්ඩලයක් ලබාදී තිබුනෙද නැත.

මෙම කැසට් පට භාරව කටයුතු කලේ ජනධිපති විද්‍යුත් ඒකකය භාර රන්ජන් සිල්වා මහතාය එසේම මා ජනාධිපති කාර්යාලයේ දැරූ තනතුර නව ජනාධිපති තුමා දිවූරුම් දීමත් සමග අහෝසි විය. මෙම කැසට් පට අරලිය ගහ මන්දියරයේ හෝ ජනධිපති ලේකම් කාර්යාලයේ හෝ තිබුන ස්ථානයක් මම දැනගෙන සිටියේද නැත. මෙම ස්ථාන දෙක අධි ආරක්ෂක කලාප ලෙස නම් කොට තිබියදී නිසි අවසරයක් නොගෙන මෙම ස්ථාන වලට ඇතුළුවීමට මා හට නොහැක. විද්‍යුත් මාධ්‍ය වේදියෙකු ලෙස අවුරුදු 42ක පළපුරුද්දක් ඇති මා වසර නමයක ජනාධිපති තුමාගේ වීඩියෝ දර්ශන ඇතුලත් කැසට් පට අවම වශයෙන් 3000ක් වත් තිබෙන්නට ඇති බව මගේ විශ්වාසයයි .එවැනි ප්‍රමාණයක් රැගෙන යාමට වාහන පහසුකම්, සේවක පහසුකම් එම ස්ථානයට මා විසින් රැගෙන ගියානම් ආරක්ෂක අංශය සාක්ෂි දරනවා ඇත. එසේම CC TV කාමර පද්දතියේ මේ සියල්ලම සටහන් වී ඇත.මෙම චෝදනාව මා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැසට් පට භාරව සිටි රන්ජන් සිල්වා මහතාගෙන් අස්ථාන ගතවූ කැසට් පිළිබද කරුනු විමසා එම කැසට් පට සොයා ගන්නා මෙන් ජනාදිපති ලේකම් තුමාගෙන් ඉල්ලා සිටිමි.

තවද මෙලෙස මා හට කරදර කරනුයේ මෙම රට බේරාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් තනතුර දරන නිසා බව මම තරයේ විශ්වාස කරමි.

– රොහාන් වැලිවිට
ජනාධිපති ලේකම් තුමා විසින් මාහට එවන ලද ලිපිය සහ මා විසින් යැවූ පිළිතුරු ලිපිය මේ සමග ඇත.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5028847246450209367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item