ඒ ගවුමේ කිසිම වරදක් පේන්න නෑ - නූගත් මෝඩ මිනිස්සු කියන කතා - රුවන්ගිට තරහ ගිහින්

යොවුන් නිළි රුවන්ගි රත්නායක පසුගිය දවස් කීපය තුළ අන්තර්ජාලයේ සිටින රසිකයින් අතරේත් උණුසුම් කතාබහකට ලක්වුණා, ඒ ඇය දෙරණට දහයයි ප්‍රසංගය ස...

යොවුන් නිළි රුවන්ගි රත්නායක පසුගිය දවස් කීපය තුළ අන්තර්ජාලයේ සිටින රසිකයින් අතරේත් උණුසුම් කතාබහකට ලක්වුණා, ඒ ඇය දෙරණට දහයයි ප්‍රසංගය සදහා තෝරාගෙන තිබූ ඇදුම් විලාසිතාව නිසයි. ඒ පිළිබදව එල්ලවී තිබෙන විවේචනයන්ට පිළිතුරක් බලාපොරොත්තුවෙන් අපි හදිසියේම ඇයව ඇමතුවේ.

රුවන්ගි ඔබේ අලුත් ඇදුමට ටිකක් වෙනස් ප්‍රතිචාර නේද ලැබෙන්නේ? 
ඒ ඇදුම මේ විදියේ ලොකු කතාබහකට ලක්වෙයි කියලා නම් මම හිතුවේ නැහැ. ගොඩක් අය ලස්සනයි කියලා කිව්වා. මම නම් තවමත් හිතන්නේ නැහැ ඔහොම වැරදි විදියට කතා කරන්න තරම් ඒ ගවුමේ වැරැද්දක් තියෙනවා කියලා.

කරන්න දෙයක් නැති මිනිස්සු තමයි ඔහොම වැරදි හොයන්නේ. ෆේස්බුක් එකෙත් සමහරක් කමෙන්ට්වල කැත දේවල් දාලා තිබුණා. ඒ වුණාට මම ඒවා ගණන් ගත්තේ නෑ.

රුවන්ගි මේ විලාසිතාව හොයාගත්තේ කොහෙන්ද? 
ඒක මම ඉංග්‍රීසි වෙබ්සයිට් එකකින් බලලයි තෝරගත්තේ. මගේ ඇදුම් මහන කෙනා තමයි මම කිව්ව විදියට ඒක මහලා දුන්නේ.

ඔබ හිතනවද ඒ ඇදුම ඔබේ ශරීරයේ හැඩයට, පැහැයට ගැළපෙනවා කියලා? 
ඔව්. මමමයි පාටත්, මෝස්තරයත් තෝරාගත්තේ. අපි දෙයක් ගැන බලන විදියෙන් තමයි ඒ දේ හොදද නරකද කියලා තීරණය වෙන්නේ. හොදයි කියලා බැලුවොත් හොදයි. නැතිව නරකට බැලුවොත් තමයි නරක විදියට පේන්නේ.

මේ වෙනස් විලාසිතාවෙන් සැරසිලා පිරිසක් ළගට යද්දි හිතට වෙනසක් දැනුනේ නැද්ද? 
නැහැ එහෙම වෙනසක් දැනුනේ නෑ. ඒ ඇදුමේ විශේෂත්වයක් තියෙන නිසයි ඒක තෝරගත්තේ. කවුරුත් මං දිහා මගේ ගවුම දිහා බලයි කියලා නම් හිතුවා ඒත් මේ වගේ විවේචනයකට ලක්වෙයි කියලා හිතුවේ නැහැ.

මේ විලාසිතාව ඔබ තෝරාගත්තේ විශේෂ ආකර්ශණයක් ලබාගන්න කියලා කෙනෙක් කිව්වොත්? 
ලොකු ආකර්ෂණයක් බලාපොරොත්තු වුණා නෙවෙයි. ඒත් ඕනම කෙනෙක් හිතන්නේ උත්සවයට යද්දි ලස්සනට යන්නනේ.

ඉතින් එදා උත්සවයට සහභාගිවුණු අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? 
මම හොද දැනුම් තේරුම් තියෙන පිරිසක් ළගටයි ඒ ඇදුම ඇදගෙන ගියේ. ශ්‍රේත්‍රයේ ප්‍රවීණයින්වත්, මාධ්‍යවත් මට වැරැද්දක් කිව්වේ නැහැ. එයාලා ඇහුවනම් මොකද්ද රුවන්ගි ඒ ඇදන් ආවේ කියලා හරි ඒ ගවුම හරි නෑ කියලා හරි මම ඒ ගැන හිතලා බලනවා. ඒත් කවුරුවත් මගෙන් එහෙම ඇහුවේ නැහැ. ඉතින් ඇයි මම කවදාවත් දැකලවත් නැති, දන්නෙවත් නැති අය කියන කතා ගැන හිතන්නේ?

එතකොට මේ ෆේස් බුක් සහ වෙඩ් අඩවිවල කියන කතාවල රුවන්ගි දෙන පිළිතුර මොකක්ද? 
මම ඇහුන්කන් දෙන්නේ මම පිළිගන්න මට ගරුත්වයක් දෙන ඇය කියන දේට විතරයි. එහෙම නැතුව පහත් මානසිකත්වයක් තියෙන නූගත්. මෝඩ මිනිස්සු කියන කතා ගැන මම කරදර වෙන්නේ නැහැ. ඒ ගැන දැසුමක් තියෙන කෙනෙක් කිව්වා නම් හිතන්න තිබුණා.

අනික මම ෆේස්බුක් එකේ නැහැ. මට යාළුවෝ කතාකරලා කිව්වමයි මමත් දන්නේ මගේ ඇදුම ගැන විවිධ දේවල් ෆේස් බුක් එකේ තියෙනවා කියලා.

මම ප්‍රසිද්ධ නිසා, මට නමක් තියෙන නිසානේ ඔයගොල්ලෝ වුණත් මගෙන් ඒ ගැන ඇහුවේ. ඒත් කවුරුවත් ඔය චෝදනා කරන අයෙගෙන් ඒ ගැන අහන්නේ නැහැනේ.

මීළගට සහභාගිවෙන උත්සව අවස්ථාවේදී රුවන්ගි මොනවගේ විලාසිතාවක් කෝරගනියිද? 
ඒක අපි ඒ වෙලාවට බලමුකෝ.

කුමරිනී ප්‍රතාපසිංහ








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 3220962677211382616

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item