වසන්තගේ ඝාතනයට සැක කරන SF ලොකූගේ ෆේස්බුක් පණිවිඩය මෙන්න

අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ ...

අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා.

අදාළ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර එස්.එෆ්. ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ද මෙලෙස සටහනක් කර තිබුණා.

“දිගු නිහැඩියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න – ලොකු මල්ලි ” යනුවෙන්.

වසන්ත සොයිසාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන 20 ක්. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන සිදු කරන බව ද පොලීසිය පැවසුවා.

මේ අතර අපවෙත වාර්තා වෙන අකාරයට මොහු ඇතුළු මෙයට සම්භන්ද කිහිප දෙනෙකු ප්‍රදේශයේ බලවත් ඇමැතිවරයකුගේ ආරක්ෂාව යටතේ සිටින බව වාර්තා වන අතර ඔහුට රටෙන් පිටවීම සදහා කටයුතු ලහි ලහියේ සුදානම් වන බව වාර්තා වේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7905850882115650057

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item