කොළඹ නගරයේ විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් හානි අවම කිරීමට නව ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ දෛනිකව සීඝ්‍රයෙන් ඉහල යන විදුලි ඉල්ලූම සපුරාලීම සහ විදුලි සැපයුමේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩිදියුණූ කිරීම අරමුණු කරගන...

කොළඹ නගරයේ දෛනිකව සීඝ්‍රයෙන් ඉහල යන විදුලි ඉල්ලූම සපුරාලීම සහ විදුලි සැපයුමේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩිදියුණූ කිරීම අරමුණු කරගනිමින්, කොළඹ නගරය තුළ විදුලි  සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් හානි අවම කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ උපදෙස් පරිදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් මේ වනවිට සියලූ සැලසුම් සකස් කරමින් පවතී. 

මේ යටතේ කොළඹ වරායේ ස්විච්චපන්න අංගනයක් ඉදිකිරීම, කොම්පඤ්ඤවීදියේ සහ හුණුපිටියේ ජාල උපපොළවල් ඉදිකිරීම, මරදාන සහ හැව්ලොක් ටවුමේ දැනට පවතින ජාල උපපොළවල් සංවර්ධනය කිරීම, කොළඹ වරාය ස්විච්චපන්න අංගනය හා කෙරවලපිටිය සහ කැළණිතිස්ස විදුලි බලාගාර අතර භූගත කේබල් මාර්ග ඉදිකිරීම, කොළඹ වරාය, කොටුව, හුණුපිටිය සහ කොලොන්නාව ජාල උපපොළවල් අතර භූගත කේබල් මාර්ග ඉදිකිරීම, කොළඹ වරාය කොම්පඤ්ඤවීදිය සහ කොල්ලූපිටිය ජාල උපපොළවල් අතර භූගත රැුහැන් මාර්ග ඉදිකිරිම ආදිය සිදුකිරීමට නියමිතය.

ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ඇස්තමේන්තුගත මූල්‍ය පිරිවැයක් සහිත මෙම නව ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සපයනු ලබන්නේ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතන මගිනි. ලබන වසර අවසන් වීමට ප‍්‍රථම නිමකිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය ඉදිවීමත් සමගින් මේ වනවිට කොළඹ නගරය තුළ සිදුවන්නාවූ විදුලිය සම්පේ‍්‍රෂණය සහ බෙදාහැරීමේදී සිදුවන හානි අවම වන අතර ඒ තුළින් විදුලි පාරිභෝගිකයාට විශ්වසනීයත්වයෙන් යුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරයි. 

24 පැයම අඛණ්ඩ විදුලි සැපයුමක් සහිත ආසියානු කලාපයේ එකම රට වන ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදීද එම තත්ත්වය පවත්වාගෙනයාම සඳහා විදුලි පාරිභෝගික ජනතාවගේද සහාය අවශ්‍ය බව පවසන අමාත්‍යවරයා, ඒ සඳහා හැකි සෑම විටම විදුලි සංරක්ෂණ  ක්‍රියාවලියට දායකවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7478770859887855292

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item