කොමිෂන් සභා වාර්තා ජාත්‍යන්තරයේ කනට ගසා ඇත්තේ මෙහමයි

යුද්ධයේ අවසන් පැය 12 තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බවට සාක්ෂි හා තොරතුරු මත තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා...

යුද්ධයේ අවසන් පැය 12 තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බවට සාක්ෂි හා තොරතුරු මත තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත්කල පරණගම කොමිෂන් සභා වාර්තාව අනාවරණ කරනවා.

යුද සමයේ මෙරට මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පරණගම සම උදලාගම කොමිෂන් සභා වාර්තා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.

යුද්ධය පැවති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව උදලාගම වාර්තාව නිර්දේශ කර තිබෙනවා. පරණගම කොමිෂන් වාර්තාවේ දැක්වෙන්නේ යුද්ධයේ අවසන් කාළයේදී මිය ගිය සිවිල් ජනතාවගේ මරණ වලට එල්.ටී.ටී.ඊ ය මූලික වශයෙන් වග කිව යුතු බවයි.

ඊට අමතරව යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවිම සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන ස්ථාවර කමිටුවක් පත් කළ යුතු බවටද උදලාගම කොමිසමේ වාර්තාව නිර්දේශ කර ඇත. සෙංචෝ‍ලේ ළමා නිවාසයේ 51 දෙනෙකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනය වීම, මුතූර් හි මුස්ලිම් ජාතිකයන් 14 ක් ඝාතනය වීම ඇතුළු සිද්ධින් 16 ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කර තිබුණි.

පරණගම කොමිසමේ වාර්තාවට අනුව යුද්ධය අවසාන කාලයේදී මිය ගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව දක්වා තිබේ. කොටි සංවිධානය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා තුන් ලක්ෂයත් තුන් ලක්ෂ තිස්පන්දහසත් අතර සිවිල් ජනතාවක් සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරාදැමීමට කටයුතු කළ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ.

මෙම සිවිල් ජනතාව මිනිස් පවුරක් ලෙස යොදා ගත් එල්.ටී.ටී.ඊ සංවිධානය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම සඳහා සිවිල් ජනතාවගේ ජීවිත යොදා ගත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. තවද දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යැවූ එල්.ටී.ටී.ඊ ය සිය භාරයෙන් මිදී පලා යාමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කර ඇති බටද පරණගම කොමිසම් වාර්තාවේ දැක්වේ.

සිවිල් ජනතාව රැදි සිටි ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ සංවිධානය එම ක්‍රියාව හමුදාව විසින් කළ බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනීමට උත්සාහ කර ඇතැයිද පරණගම කොමිසම පවසයි. එල්.ටී.ටී.ඊ ය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්ථානගත කර තිබු බව ද සාක්ෂි ඔස්සේ තහවුරු කර තිබූ බවද එහි දක්වා තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මිදී නන්දිකඩාල් කලපුව හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇතැයි ද හමුදාව නොමග යැවීම සඳහා කොටි සාමාජිකයන්ට සිවිල් ඇදුම් අන්දවා තිබූ බව ද පරණගම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම පරණගම කොමිසම ප්‍රතික්ෂේප කරනා අතර එක්සත් ජාතීන්ගේ මහ ‍ලේකම් පත් කළ දරුස්මාන් කමිටුවේ වාර්තාව වැරදි සහගත බවද පරණගම කොමිසම පෙන්වා දෙයි.

අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ අදහසින් දරුස්මාන් වාර්තාව සකසා ඇති බව පවසන පරණගම වාර්තාව සිවිල් ජනතාව හතලිස් දහසක් මිය ගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි බවද කියා සිටියි. දරුස්මාන් වාර්තාව ඒ බව පවසන්නේ ක්ෂේත්‍රයට ගොස් නොව එක් එක් පුද්ගලයන්ගෙන් ලද ආරංචි ඔස්සේ බවද දක්වා ඇත.

එන්. එම්. උදාලාගම මහතාගේ සභාපතීත්වය යටතේ පිහිට වූ උදලාගම කොමිසමට තවත් සාමාජිකයන් 10 දෙනෙකු ඇතුලත් වුනා. මැක්ස්වෙල් පරණගම මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු කොමිසමට ඇතුලත් වූ සාමාජිකයන් ගණන 05 ක්. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7643095134919460044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item