පළාත්පාලන මැතිවරණය කල් දැමීම නීති විරෝධියි - ගම්මන්පිල තිතට කියල දෙයි

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්භන්දයෙන් අද පවතී මාධ්‍ය සාකච්චාවකදී පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල අදහස් දැක්වීය. දෙහිවල - ...


පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්භන්දයෙන් අද පවතී මාධ්‍ය සාකච්චාවකදී පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල අදහස් දැක්වීය.

දෙහිවල - ගල්කිස්ස, මොරටුව, ගාල්ල සහ අනුරාධපුරය යන මහ නගර සභාවන්හි නගරාධිපතිවරුන් වන ධනසිරි අමරතුංග, සමන්ලාල් ප්‍රනාන්දු, කැළුම් සෙනෙවිරත්න සහ එච් පී සෝමදාස යන මහත්වරු විසින් වහාම පළාත්පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන මෙන් ද එතෙක් තම මහ නගර සභාවන්හි කාලය දිගු කරන මෙන් පළාත්පාලන ඇමතිවරයාට නියෝග කරන මෙන් ද ඉල්ලමින් 2015 ඔක්තෝම්බර් 13 දින ශ්‍රේෂ්ඨාධිකරණ රිට් අංක 6/2015 දරණ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී. මෙම නඩුවට නීතිඥ අනූෂා පේරුසිංහ මෙනවියගේ උපදෙස් මත නීතිඥ උදය ගම්මන්පිල සමග ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පෙනී සිටිති. මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණය නොපැවැත්වීම කරුණු කිහිපයක් මත නීති විරෝධි වේ. 

පළමු කරුණ වන්නේ මහ නගර සභා ආඥා පනතේ 25 වන වගන්තිය අනුව මී ළඟ මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය ඇරඹීමට මාස හයකට පෙර මැතිවරණය පැවැත්විය යුතුය. එකී ආඥා පනතේ 10 වන වගන්තියට අනුව එම දිනය පළාත්පාලන ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කර නොමැති නම් වත්මන් මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව එළැඹෙන ජනවාරි මස 01 දින මී ළඟ මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය ඇරඹෙන දිනය ලෙස සැලකිය යුතුය. එනම් 2016 ජනවාරි 01 දිනට පෙර තිබෙන මාස හය ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුය. ඒ අනුව බලන විට 2015 ජූනි 01 දිනත් දෙසැම්බර් 31 දිනත් අතර මැතිවරණය පැවැත්විය යුතුය. 

දෙවන කරුණ වන්නේ මහ නගර සභා ආඥා පනතේ 10 වන වගන්තිය අනුව වර්තමාන මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර නව මන්ත්‍රිවරුන් තෝරා ගැනීම සඳහා මී ළඟ මැතිවරණය පැවැත්විය යුතුය. නාගරික මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2015.10.16 දිනයි. එසේ නම් ඊට පෙර මැතිවරණය පැවැත්විය යුතුය.

පළාත්පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 26 වන වගන්තිය අනුව නාමයෝජනා කැඳවීම ප්‍රසිද්ධ කරන දිනයේ සිට 14 වන 21 වන දින අතර නාමයෝජනා භාර ගත යුතුය. එමෙන්ම එකී ආඥා පනතේ 38(1)(ඇ) වගන්තිය අනුව නාමයෝජනා අවසන් කළ දිනයේ සිට සති 5ක් සහ සති 8ක් අතර මැතිවරණය පැවැත්විය යුතුය. එසේ නම් මැතිවරණ දිනයේ සිට අවම වශයෙන් සති 8කට ද උපරිම වශයෙන් සති 11කට ද පෙර නාමයෝජනා කැඳවිය යුතුය. එබැවින් මැතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය වන ඔක්තෝම්බර් 16 දින මැතිවරණය පවත්වන්නේ නම් අවම වශයෙන් අගෝස්තු මස 21 දින නාමයෝජනා කැඳවිය යුතුය. නමුත් එදින පසු වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් මැතිවරණ කොමසාරිස් විසින් නාමයෝජනා කැඳවීමක් නොකරන ලදී.

තෙවන කරුණ වන්නේ ධූර කාලය අවසන් වූ පළාත්පාලන ආයතනවල සභාව, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ඉටු කළ රාජකාරි දැන් ඉටු කරනු ලබන්නේ නාගරික කොමසාරිස්වරුන් වීමයි. නමුත් එවැනි බලයක් නීතියෙන් ඔවුන්ට පැවරී නැත. නාගරික කොමසාරිස්වරුන්ට නගරාධිපතවරුන්ගේ බලය පාවිච්චි කළ හැක්කේ අවස්ථා තුනක දී පමණි. ඒ මතු දැක්වෙන අවස්ථා වලදීය.
  1. මහ නගර සභා ආඥා පනතේ 277(1) වගන්තිය අනුව යම් වරදක් මත නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා ධූරයෙන් ඉවත් කර හෝ මහ නගර සභාව විසුරුවා හැර ඇති අවස්ථාවක දී
  2. එකී ආඥා පනතේ 277(4) වගන්තිය අනුව සභාව විසුරුවා හැර විශේෂ කොමසාරිස්වරයෙකු පත් කර නොමැති අවස්ථාවක දී
  3. එකී ආඥා පනතේ 286 වගන්තිය අනුව ඇමතිවරයා වෙනත් පළාත්පාලන ආයතනයක් හෝ කිහිපයක් පිහිටුවීම සඳහා මහ නගර සභාව විසුරුවා හැර ඇති අවස්ථාවක දී
මේ අනුව දැනට ධූර කාලය අවසන් වී ඇති සියළුම පළාත්පාලන ආයතන පාලනය වන ආකාරය නීති විරෝධි වන අතර ඒවායේ මැතිවරණ පවතින නීතියට අනුව නොපැවැත්වීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා බරපතල වරදක් කරනු ලැබේ. කොට්ඨාශ ගැසට් නොකිරීම හරහා එතුමා ප්‍රායෝගික ගැටළුවකට මුහුණ පා සිටිත් නම් කොට්ඨාශ මැතිවරණ ක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට පළාත්පාලන ඇමතිවරයා සමග හෝ පාර්ලිමේන්තුව සමග ඔහු සාකච්ඡා කළ යුතුය.

2015 ඔක්තෝබර් මස 13 වන දින මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අතර පසුදින ම ඇමතිවරයා විසින් 2015 දෙසැම්බර් 31 දින දක්වා මහ නගර සභාවන්හි ධූර කාලය දිගු කරන ලදී. ඒ අනුව අවම වශයෙන් එදින සිට සති අටකින් එනම් නොවැම්බර් මස 05 දින මැතිවරණය පැවැත්වීමට නාමයෝජනා කැඳවිය යුතුය. මැතිවරණ නීතියේ අඩුපාඩුවක් මත එසේ කැඳවීමට අපොහොසත් වුවහොත් මැතිවරණ කොමසාරිස්වරයා නීතිය උල්ලංඝණය කරන බැවින් තව දුරටත් ධූර කාලය දිගු කිරීමට ඇමතිවරයා කටයුතු කළ යුතුය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8938646923844549297

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item