රට පාවා දී ඇවිත් මහා ජයග්‍රහණයක් ලැබූ බව කියමින් රට පුරා පෝස්ටර් ගහනවා - විහාරමහදේවි එළිමහන් රංග පිඨයේදී ගම්මන්පිල කියයි

රට පාවා දී ඇවිත් මහා ජයග්‍රහණයක් ලැබූ බව කියමින් රට පුරා පෝස්ටර් ඇලවා තිබූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු උදය ගම්මන්පිල මහතා පව...

රට පාවා දී ඇවිත් මහා ජයග්‍රහණයක් ලැබූ බව කියමින් රට පුරා පෝස්ටර් ඇලවා තිබූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ විහාරමහාදේවී එලිමහන් රංග පීඨයේදී පැවති ජනසමුළුව අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
පිළිගැනිම බොහොම කෙටියි. එහෙම කරන්න කියලා වැස්ස අපිට බල කරනවා. මිත්‍රවරුනේ රනිල් මෛත්‍රී දෙමුහුන් ආණ්ඩුව ජිනිවා ගිහිල්ලා දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිට වන්න එකගතාවය පල කරලා ඇවිත් ඉන්නවා. අද අපේ විපක්ෂයේ අපි කියනවා මේ පිහිට වන්නේ දෙමුහුන් අධිකරණයක් තමයි කියලා. ආණ්ඩුවේ අය කියනවා නෑ නෑ මේක දෙමුහුන් අධිකරණයක් නෙවෙයි දේශිය යන්ත්‍රනයක් තමයි කරන්න යන්නේ කියලා. ඔන්න දැන් ජනතාවය ප්‍රශ්නයක්, විපක්ෂය එකක් කියනවා ආණ්ඩුව තව එකක් කියනවා. මේ කතා කරන්නේ යොජනා දෙකක් ගැනද කියලා ජනතාවට ප්‍රශ්නයකත් තියෙනවා. මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් එකම ක්‍රමය සම්මත කරපු යොජනාව ප්‍රසිද්ධ කිරීමෙන් පමණමයි. යන්න විදේශ අමාත්‍යන්ශයේ වෙබ් අඩවියට තාම තියෙන්නේ සැප්තැම්බර් 28 කෙටුම් පත. යන්න මානව හිම්කම් මන්ඩලයේ වෙබ් අඩවියට අනේ තම පරිවර්තනය කරනවා භාෂා වලට. සම්මත කරපු යොජනාව කොහෙවත් නෑ. මිත්‍රවරුනේ අනිද්දට ශ්‍රි ලංකාව ඒ උත්තරය ආයතනයට භාරදිය යුතුයි. ජිනිවා යොජනාව ගැන විවාදයක් ආරම්භ කරන්න සුදානම්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් සම්මත කරපු යොජනාව මොකක්ද කියලා ආණ්ඩුව තාම කියලා නෑ. යොජනාව මොකක්ද කියලා දන්නේ නැතුව අපි කොහොමද විවාද කරන්නේ. ඇයි මේක හංගන්නේ ඇත්ත එළි කරන්න බයද? වහාම සම්මත කල යොජනවා ඉදිරිපත් කරන්නැයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

ඒ වගේම මිත්‍රවරුනේ මේක දෙමුහුන් කියන්නේ ඇයි? ලංකාවේ විනිශ්චකායෝ ඉන්න අධිකරණයක් නම් එක දේශිය අධිකරනයක්. විදේශ රට වලින් එවන විනිශ්චකරයො නම් ඉන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පත්කරනු ලබන විනිශ්චකාරනරුන් නම් ඉන්නේ අන්න එක දෙමුහුන් අධිකරණයක්. එක විදේශිය අධිකරණයක්. ඒ අයයි මේ අයයි එකතු වුණාම තමයි දෙමුහුන් අධිකරණයක් වෙන්නේ. සම්මත කර ගත් යොජනාවේ 06 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා විසේශිය විනිසුරුවන් විතරක් නෙවෙයි, පැමිණිල්ල මෙහෙය වන පොලිසියෙත් මේ කට්ටිය ඉන්න ඔනේලු. නීතිපතිගේ කාර්ය කරන තැනත් විදේශිකයන් ඉන්න ඔනේලු. මේක දෙමුහුන් අධිකරනයක් නෙවෙයි මිත්‍රවරුනේ දෙමුහුන් අධිකරන යාන්ත්‍රනයක්. අධිකරණ ක්‍රියාවලියේ සැම තැනකම සුද්දා ඉන්න යොජනාවකටයි අපි එකග වෙලා තියෙන්නේ මිත්‍රවරුනේ. අපිට මතකයි මේක තනිකර සුද්දගේ අධිකරණයක්. අපි කියවලා තියෙනවා ලේනාඩි වුල්ප්ගේ බද්දේගම නව කතාව එකේ සිනිදුට විරුද්දව නඩු අහන්නේ සුද්දෝ. අපේ භාෂාව තේරෙන්නේ නැති, අපේ සංස්කෘතිය දන්නේ නැති, විත්තිකාරයා මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැති සුද්දෝ අනේ සිනිදු වැරදිකාරයා වෙනවා. සිනිදුව අරන් ගිහින් මරලා දානවා. සිනිදු කරපු වරද සිනිදු දන්නෙත් නෑ. සිනිදු කියපු නිදහසට කාරනා සුද්දට තේරුනෙත් නෑ. එදා බද්දේගම සිනිදුගේ ඉරනම අපේ රණවිරුවන්ට අත් වෙන්න අපි ඉඩ තියනනේ නෑ කියලා අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි.

මිත්‍රවරුනේ රණවිරුවන් තම ජිවිතය පරදුවට තැබුවේ අපේ ජිවිතය බේර ගන්න. රණවිරුවන් තමන්ගේ ඇස් , කන්, අත්, පා පුජා කලේ අපේ ජිවිත බේරා ගන්න. රණවිරුවන්ට අද ඇස් , කන්, අත්, පා නෑ. ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ ආත්ම ගෞරුත්වය විතරයි. යුද අපරාධ චෝදනා හදලා අපේ රණවිරුවන්ගේ ආත්ම ගෞරුත්වය විනාශ කරන්න අපි ඉඩ තියනනේ නෑ කියලා අපි රණවිරුවන්ට පොරොන්දු වෙන්න කැමතියි.

ඒ වගේම අද ඇයි අපේ යුද විරුවන් යුද අධිකරණයට දක්කන්න හදන්නේ ඇමරිකාවේ ලැජ්ජාව වහගන්න. 2001 නෙවැම්බර් මසේ ඇමරිකානු හමුදාව ගොඩ බැස්සා ඇෆ්ගනිස්තානයට. එදා ඉදන් යුද්ද කලා තලේබාන්ලට විරුද්දව. අපේ කොටින්ට කාලතුවක්කු තිබුණා. තලේබාන්ලට කාලතුවක්කු තිබුනේ නෑ. කොටින්ට යුද්ද ටැංකි තිබුණා. තලේබාන්ලට යුද්ද ටැංකි තිබුනේ නෑ. කොටින්ට ගුවන් යනා තිබුණා. තලේබාන්ලට ගුවන් යනා තිබුනේ නෑ. කොටින්ට සබ්මැරිණ තිබුණා. තලේබාන්ලට සබ්මැරිණ තිබුනේ නෑ. එහෙම තලේබාන්ලා තලා ගන්න බැරුව ඇමරිකාව දගලද්දි ලොව බලගතුම ත්‍රස්තවාදී සංවිධානය වසර තුනක් වැනි ඉති සුළු කාලයකින් වනසා දමලා ඇමරිකාවට ලැජ්ජාවක් ගෙනාව නිසයි අපේ රණවිරුවන්ට අද දඩුයම් කරන්න හදන්නේ. එක නිසා මිත්‍රවරුනේ අද යුද අපරාධ පරික්ෂණයක් කරන්න අවශ්‍ය නම් මේ යුද අපරාධ පරික්ෂණය පටන් ගන්න ඔනේ ගෙදරින් ඇමරිකාව. වියට්නාමය යුද අපරාධ පරික්ෂණයක් කලාද? නෑ. ඉරාකය යුද අපරාධ පරික්ෂණ කලාද? නෑ. ඇෆ්ගනිස්තානය යුද අපරාධ පරික්ෂණ කලාද? එත් නෑ. ඇෆ්ගනිස්තානය යුද අපරාධ පරික්ෂණ කරන් බිතානය ආණ්ඩුවෙන් පත්කරා චිල්කොට් කොමිසම. පත් කලේ 2010 උගත් පාඩම් කොමිසම පත් කල අවුරුද්දේ. අපේ උගත් පාඩම් කොමිසම වසරක් ඇතුලත වාර්තාව දෙන කොට චිල්කොට් කොමිසම තාම වාර්තාව දිලා නෑ. දිලා නෑ නෙවෙයි දෙන්න ඉඩ දෙන්නේ නෑ. ඇමරිකාව බලපැම් කරනවා එංගලන්තයට ඔය වාර්තාව එළියට දාන්න එපා අපේ රෙදි ගැලවෙයි කියලා. අපි බැරුක් ඔබාමට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා. අවසනාවට බැරුක් ඔබාමට සිංහල බැරි හින්දා සුභාෂිතය, ලෝකොපකාරය, ලෝවැඩසගරාව වැනි පොත් කියවලා නැති හින්දයි අපිට අද යුද අපරාධ ගැන පාඩම් කියලා දෙන්න එන්නේ. හැබැයි මිත්‍රවරුනේ අපේ ජිනිවා යොජනාවෙන් සිද්ද කෙරුනේ ඇමරිකාව වගේ රටවල් වලට යුද අපරාධ වලට දඩුවම් දිමේ ඉතිහාසයක් නැති වුණාට අපිට එහෙම ඉතිහාසයක් තියෙනවා. අපේ රණවිරුවන් 71 කැරුල්ල මර්දනය කල බව ඇත්තයි. හැබැයි ප්‍රේමවති මනම්පේරිව දුෂණය කරලා මරලා දාපු අයට අධිකරණයෙන් දඩුවම් දුන්නා. දකුනේ ප්‍රේමවතිට විතරක් නෙවෙයි, උතුරේ ක්‍රිෂාන්ති ක්‍රිෂ්න ස්වමිටත් අපේ අධිකරනයෙන් සදාරනය ඉෂ්ඨ වුණා. දකුනේ සුරිය කන්ද, හොකන්දර සමුහ මිනිවලවල් විතරක් නෙවෙයි, උතුරේ මිනිවලවල් සම්බන්දව අපේ අධිකරණය සදාරනය ඉෂ්ඨ කරා. එක නිසා සුද්දගේ අධිකරණයක් අපිට එපා. අපේ රටේ නීතිය යුක්තිය පසිදන ක්‍රමවේදය හොදටම ශක්තිමත් ඇමරිකාවටත් යුක්තිය පෙන්නන්න පුළුවන් ශක්තිමත් අධිකරණයක් අපිට තියෙනවා කියලා අපි සිහිපත් කරන්න ඔනේ. 

මිත්‍රවරුනේ මේ ජිනිවා යොජනාව සම්මත කර ගෙන මහා ජයග්‍රහනයක් විදිහට හුවා දැක්වුවාට 1815 පිළිමතලාවේ හා ඇහැලේපොල දෙන්නා එකට එකතු වෙලා අත්සන් කල යටත් විමේ ගිවිසුමට වඩා රනිල් මෛත්‍රී 2015 දී කරපු යටත් විමේ ගිවිසුම භයානකයි. එදා අපේ රට යටත් වුනේ එංගලන්තයට විතරයි. මෙදා පාර අපේ රට යටත් කරලා තියෙන්නේ සමස්ත ජත්‍යන්තර ප්‍රජාවටමයි. ඒ නිසා මේ පවා දීම වැනි පවා දීමක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ. ජයග්‍රහනයක් නම් 2009 දී මහින්ද මහත්තයටත් කරන්න තිබුණා. මේ යොජනාව 2009 දිත් අවා. මහින්ද මහත්තයා දැන ගෙන සිටියා ලොකයේ ඉතිරි වෙලා ඉන්න එකම සුපිරි බලවතා ඇමරිකාව තමයි කියල. මහින්ද මහත්තයා දැනගෙන හිටියා ඇමරිකාවත් එක්ක හැප්පෙන ආණ්ඩු පෙරලන්න CIA වැඩ කරනවා කියලා. හැබැයි මිත්‍රවරුනේ තමන්ගේ ජනාධිපතිධුරය පරදුවට තියලා අපේ රටේ ස්වාධිනත්වය රුක ගන්න ඇමරිකාව වගේ යොධයෙක් එක්ක හැප්පෙන්න තරමම් කොන්දක් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා කියලා අපි කියන්න කැමතියි මිත්‍රවරුනේ. රට පවලා දිලා ලංකාවට ඇවිත් කියනවා මහා ජයග්‍රහනයක් ලැබුවලු. එකට හරියන්න තාප්ප පුරා පොස්ටර්, හන්දියක් ගනේ කටවුට් ගහන්නේ නම් නෑ කියලා ඒ කාලේ කියුවේ. අනේ ඉතින් නැට්ටුවෝ බෙරකාරයො අරගෙන ගුවන්තොටුපලේ එකම ජවනිකාවයි. එට පවලා දීලා එන යන මුණ හංග ගෙන හොර පාරේ එන්න ඔනේ මෙන්න බොලේ විරයෙක් වගේ එනවා. අපේ ඇමැත්තතොත් බුලත් දීලා, දෙකට නැවිලා වැදලයි පිළිගන්නේ. මෙක දකින ජනතාව හිතනවා පවා දීමක් වෙන්න බෑ පවා දුන්න කෙනෙක් මෙහෙම එයිද කියලා. මේක මාධ්‍ය අල්ලන් කරන රගපැමක්. යුද අපරාධ අධිකරණ පණත ප්‍රසිද්ධ වුණාම එළියට එනවා බොරුව හැම තිස්සේම රජ කරන්නේ නෑ මෛත්‍රී මහත්තයෝ කියලා අපි එතුමට මතක් කරන්න ඔනේ. 

මිත්‍රවරුනේ මේ රට පින්බිමක්. මේ රට ලේසියෙන් යටත් කර ගන්න බැරි රටක්. මේ රට ඉතිහාසයේ කවර කවරදාවත්ම මුළුමනින්ම යටත් කර ගන්න පුළුවන් වුණේ නෑ. සොල, පාණ්ඩව, කේරල ආක්‍රමණ අවා. යටත් කර ගන්න පුළුවන් වුණේ රජරට විතරයි. ඒ වගේම පෘතුග්‍රිසි, ලන්දේසි, ඉංග්‍රිසි අවා යටත් කර ගන්න පුළුවන් වුණේ පහත රට විතරයි. 1815 ගිවිසුමක් ගහලා මේ රට සුද්දට භාර දෙන තුරුම මේ රට මුළුමනින්ම යටත් කර ගන්න කාටවත් බැරි වුණා. එදා බැරි වුණ දේ මෙදා සුදු වෙන්න ඉඩ තිබිබොත් අනාගත පරම්පරාවේ සාපය හිමිවෙන්නේ අපිටයි. මිත්‍රවරුනේ අපි මේ රට යටත් කරන්න ඉඩ දිලා නිවටව බලන් හිටියොත් දුටු ගැමුණු, විජයභා, පැරකුම්භා රජවරු අපිට සාප කරාවී. පුරන් අප්පුලා, ගොන්ගාලේ ගොඩබණ්ඩලා, කැප්පාටිපොලලා, මඩුගල්ලෙලා අපිට සාප කරාවී. නිදහස් සටනේ අවසන් සෙන්පතියන් වන අපේ වාමාංශික ව්‍යාපාරයේ නායකයන් වන එන්. එම් කොල්වින්, පිලිප්, වික්‍රමසිංහ, ලෙස්ලි වගේ නායකයින් අපිට සාප කරාවී. ඒ නිසා මව්බිමේ නිදහස් අරගලය යලි ආරම්භ කරන මොහොත නැවත ඇවිත් තියෙනවා. එක අපේ ඉරනමයි මිත්‍රවරුනේ. මේ මහා වර්ෂාවක් පෙනි පෙනි, මහා මර්දනයක් පෙනි පෙනී තමුන්නාන්සේලා මෙතෙන්ට ආවේ එක තමුන්නාන්සේලාගේ ඉරනම නිසා. එදා දුටු ගැමුණු කුමාරයත් එක්ක විජිතපුර බලන්න ගිය සේනාවේ තමුන්නාන්සේලා ඉන්න ඇති. එදා ඉන්දීයාවේ තොල මුණ්ඩල අධිරාජ්‍යාට එරෙහිව කිර්ති විජයබා කුමාරයත් එක්ක තමුන්නාන්සේලා ඉන්න ඇති. විරපුරන් අප්පුත් එක්ක තුවක්කුවට ලයපාපු සේනාවේ තමුන්නාන්සේලාත් ඉන්න ඇති. මේ අදිෂ්ඨානය මේ සංසාර පුරුද්ද තමයි සියළු අභියොග මැද තමුන්නාන්සේලා මෙතෙන්ට අරගෙන ආවේ. ඒ නිසා මිත්‍රවරුනේ පසුගිය වතාවේ අපි සටනක් ආරම්භ කරා මස අටක් පුරා මේ පවා දෙන්නගේ ආණ්ඩුව ගෙදර යවලා දේශප්‍රේමි ආණ්ඩුවක් පිහිටවන්න අරගලයක් කරා අන්තිමට බුලත් කොලෙන් තරග කරන්න ගිහිල්ලා අපේ මාස අටට ගොඩනගපු ජන රැල්ල පුස් වෙඩිල්ලක් වෙලා ඉවර වුණා. ඒ මොඩකම් වලින් පාඩම් ඉගෙන ගෙන මෙදා පාර මේ දේශත් ද්‍රෝහි ආණ්ඩුව ගෙදර යවන දේශප්‍රේමි ජනප්‍රවාහය ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන්නාන්සේලා සියළු දෙනාටම අරාධනා කරනවා.

අරවින්ද අතුකෝරල 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5838955229025585839

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item