අගමැති රනිල් පටලවාගත් හිඟන්නා සහ ධනවතා.

වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව අද දින පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල අදහස් දක්වමින් කියා සිටියේ "අපේ ගරු අගමැතිතුමන් පස...


වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව අද දින පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල අදහස් දක්වමින් කියා සිටියේ "අපේ ගරු අගමැතිතුමන් පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සර උත්සව සභාව ඇමතුව. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි රටක අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර වේදිකාවල කතා කරන්නේ නෑ. නෝනයි මහත්තයි දෙන්න රන්ඩු උනහම මාධ්‍ය හමුවක් තියල නෝනට බනින්නෙ නෑ. ඒව ගෙවල් ඇතුලෙ විසදගන්නව" ඔහු එසේ ප්‍රකාශ කලේ පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සර උත්සවයෙදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ අභ්‍යන්තර ගැටළු විදෙශිකයක් රැසක් ඉදිරිපිට කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රකාශ කිරීම පිලිබඳවය. වැඩි දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

අගමැති රනිල් නෑ කියු රාජ නීතිඥ ඩෙස්මන්ඩ් සිල්වා මහත්මයාගේ වාර්තාව ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සභාගත කරයි

තමුන්නාන්සේලාට මතකයි ඔක්තෝබර් මාසේ 21 වෙනා දා මෙතන (පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ) මාධ්‍ය හමුවක් පවත්වලා මම සදහන් කලා ආණ්ඩුව විසින් ජිනීවා යොජනාවට පෙර ශ්‍රිමත් රාජ නීතිඥ ඩෙස්මන්ඩ් සිල්වා මහත්මයාගේ වාර්තාවත්, ඒ වගේම ශ්‍රිමත් රාජ නීතිඥ ඩෙස්මන්ඩ් සිල්වා හා මාහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් සමග ඉදිරිපත් කල වාර්තාවත්, පාර්ලිමේන්තුවේ සභා ගත කල යුතුයි. ආණ්ඩුව එක කරන්න සුදානම් නැතිනම් මම එක කරනවා කියලා. ඊට ප්‍රතිචාරයක් විදිහට අගමැතිතුමා පසුගිය තමන්ගේ කතාවේ දී කිව්ව ඩේස්මන්ඩ් සිල්වා කමිටු වාර්තාවක් නෑ. කවුරු හරි එහෙම එකක් ඉදිරිපත් කළොත් නිසි පියවර ගන්නැයි කතා නායකවරයාට භාර කරනවා කියලා. 

ඒ වගේම ඩේස්මන්ඩ් සිල්වා මැතිතුමාගේ යම් යම් ලිපි ලේඛන වගයක් නැති වෙලා තියෙනවා එවායින් එකක් තමයි ඉදිරිපත් කරන්නේ කියලා අගමැතිතුමා ප්‍රකාශ කලා. හැබැයි ඒ අගමැතිතුමාගේ ප්‍රකාශය සියළුම පුවත්පත් වල මුල් පිටුවේ පළවුණා. සෑම රූපවාහිණියකම සහ ගුවන් විදුලියකම ප්‍රමුඛ පුවත විදිහට පලකලා. හැබැයි ඒ වාර්තා දෙක මම සිකුරාදා සභාගත කලා. නමුත් මාධ්‍ය එම පුවත වාර්තා කළේ නෑ. එකට හේතුවකුත් තිබුණා මොකද මගේ කතාව මට ලැබුනේ සිකුරාදා සවස 5.30ට විතර විවාදය අවසන් විමේ අවසාන පැයේ දී. එක නිසා වෙන්න ඇති මාධ්‍ය වල වාර්තා වුනේ නැත්තේ. අගමැතිතුමා නැහැයි කියුව වාර්තා අපි මේ වනවිටත් පාර්ලිමේන්තුවේ සභා ගත කරලා තියෙනවා. එතුමා මට එරෙහිව නිසි පියවර ගන්නවා කියුවට තවමනම් මට මුකුත් වෙලා නෑ.

ඒ වගේම අගමැතිතුමා කියනවා කමිටු වාර්තා නෑ කියලා.කවුද දෙයියනේ කමිටු වාර්තා තියෙනවා කියුවේ. අපි කියුවේ ඩේස්මන්ඩ් සිල්ව මැතිතුමාගේ වාර්තාවත්, මාහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් මැතිතුමන් සමග ඉදිරිපත් කල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විතරයි. එක කමිටුවක් නෙවෙයි. ඇත්තෙන්ම ඔවුන් ඉදිරිපත් කරලා තිබුණේ Report කියන ඉංග්‍රිසි වචනය නෙවෙයි. භාවිතා කල යුතුව තිබුණේ මම “මතය” කියන එක. මොකද “legal Opinion” තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් නීතිමය මතයක් තමයි ඉදිරිපත් කරලා තිබුනේ. වාර්තාව කියලා කියුවේ ඔය වගේ බර වචන කියුවට සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති නිසා. 

හැබැයි එහෙම වාර්තා තියෙනවා. නැත්නම් මේ මගේ අත් දෙකේ තියෙන්නේ මොනවද? එදත් මම පෙන්නුවා. එතකොට මේ වාර්තා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුව ඉතින් අගමැතිතුමා කියු ආකාරයට මට විරුද්ධව නිසි පියවර ගන්න තමයි ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි අපි අගමැතිතුමාට කියනවා. ඇත්තෙන්ම ඔබ කල යුත්තේ සඟවා තබා තිබු මේ වාර්තා එළියට ගෙනා මට දඩුවම් කරන එක නෙවෙයි. මේ වාර්තා අරගෙන ගිහිල්ලා අපේ රණවිරුවන්ට දඩුවම් කරන්න හදන ජන්‍යන්තර ප්‍රජාවෙන් රණවිරුවා බේරා ගන්න එකයි. 

නිශ්ෂන්ක උදලාගම මැතිතුමන්, මැක්ෂ්වෙල් පරණගම මැතිතුමන් අපේ රටේ හිටිය කීර්තිමත්ම විනිසුරුවරුන්. මම ඔවුන්ම පෞද්ගලිකව දන්නවා. ඔවුන් පිළිබදව මට විශාල ගෞරවයක් තියෙනවා. හැබැයි එතුමන්ලව ලෝක ප්‍රජාව දන්නේ නෑ. එතුමන්ලගේ කිර්තීකදම්බය දන්නේ මේ රටේ මිනිසුන් විතරයි. හැබැයි ශ්‍රිමත් රාජ නීතිඥ ඩෙස්මන්ඩ් සිලිවා කියන්නේ මානව හිමිකමි පිළිබද, ජාත්‍යන්තර මානුෂිය නීතිය පිළිබද, යුද අපරාධ නීතිය පිළිබද ලෝකයේ අංක එකේ විශාරදයෙක් කියලා ඒ විශය දන්න ඔන කෙනෙක් දන්නනවා. ඒ වගේම තමයි මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් විශ්ව විද්‍යාලයේ උගන්වන්නේ යුධ අපරාධ නීතියයි කියලා ලෝකයේ විෂය ශේෂ්ත්‍රෙයේ අය දන්නවා. ඔහු ඇමරිකානු හමුදාවේ නීති උපදේශකවරයෙක්. ඒ විතරක් නෙවෙයි තව වාර්තාවක් තියෙනවා මැක්ෂල් පරණගම මහතාගේ වාර්තාවේ ඇමුණුමක් විදිහට. 

බ්‍රිතාන්‍ය විශේෂ හමුදාවේ අන දෙන නිලධාරි මේජර් ජෙනරල් ජොන් හොම්ස් ශ්‍රි ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කර නැති බවට ලෝකයේ අනෙකුත් උදාහරණ සමග සන්සන්ධනය කරමින් විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ තිදෙනාගෙන් දෙදෙනෙක්ම අපිට චෝදනා නගන බ්‍රිතාන්‍යෙය් ඉන්න පුරවැසියන්.අනෙක් එක්කෙනා අපිට එරෙහිව යොජනා ගෙනෙන ඇමරිකා එක්සත් ජනපදයේ නීති උපදේශකවරයා. මේ අයගේ වාර්තා වලින් අපි අපගේ රණවිරුවන්ට රැකවරණය දෙන්න ගියා නම් පලිහ විදිහට අපි පාවිච්චි කල යුතු මේ වාර්තා තුනෙන් අපේ රණවිරුවන් බේරා ගන්න තිබුණා. ජාත්‍යන්තර ප්‍රජාව රටට එරෙහිව ගෙනාව යොජනාව ඉදිරියේ දන නවනවා වෙනුවට මේ වාර්තා තුනෙන් රණවිරුවා රුක ගන්න තිබුණා. ආණ්ඩුව තවමත් ප්‍රමාද නෑ. මේ වාර්තා තුන ජිනීවා වල මිළග සැසිවාරයෙ දී වත් සභා ගත කරන්න කියන ඉල්ලීම අගමැතිතුමාගෙනුත්, විදේශ ඇමතිතුමාගෙනුත් අපි ඉල්ලිමක් කරන¾වා. 

සර්ව පාක්ෂික සමුළුවේදී පිවිතුරු හෙළ උරුමයෙන් ජනපතිට ප්‍රශ්න පහක්

ඒ වගේම පසුගිය ඔක්තෝම්බර් 22නිද ජනාධිපති තමන්ගේ ප්‍රධානත්වයෙන් කැදවපු සර්වපාක්ෂික සමුලුවට අපි සහභාගි වුනා. අපිට මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග පිළිබද බර පතල විවේචනයක් තිවෙනව. අපි විවේචන කරන්නේ ආණුඩුවත් එක්ක තියෙන තරහට නෙවෙයි. රටට තියෙන ආදරයට. මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඉදිරියට අරන් ගියොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව විතරක් නොවෙයි. සමස්ථ ශ්‍රී ලංකාවම. ඒ නිසා මේ ආණ්ඩුවේ වැරදි වලින් මුදාගන්න අපිට කරන්න පුලුවන් ඕනෑම උදව්වක් කරන්න අපි ලෑස්තියි. 

එදා අපි ජනාධිපතිතුමන්ට ඉල්ලීමක් ඉදිරිපත්කලා. ප්‍රශ්න පහක් ජනාධිපතිතුමන්ගෙන් ඇහුවා. ඉල්ලීමතමයි වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ සහ උපාය මාර්ගයන්හි වරදක් ඇත්නම් එයින් ඉරණම තීරණය වන්නේ හුදු වත්මන් ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේය. එබැවින් දේශපාලන භේද අමතක කර මෙම අර්බූදයෙන් මිදීමට ආණ්ඩුවට උදව් කිරීමට අප සූදානම්ය. අපි ජිනීවා යෝජනාව විවේචනය කරමින් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව සමග අමනාප නිසා නොව රටට ඇති ආදරය නිසාය. එබැවින් ආණ්ඩුව කළ යුත්තේ අපට සවන් දී තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන ජාත්‍යන්තර වේදිකාවේ දී සවිමත් වීමයි. ඒ වෙනුවට අද උත්සාහ කරන්නේ “ජාතිවාදින්“ සහ “අන්තවාදින්“ ලෙස නම් කර මාධ්‍ය තුල අපව යටපත් කිරීමටයි. අප කියන දේ වැරදි නම් අපව නිවැරදි කරන්න. අප කියන දේ ඇත්ත නම් ඒ අනුව තමන්ගේ අඩුපාඩු සකසා ගන්න.


සියාරා ලියෝන් හැරුණු විට මේ යොජනාවට තුන්වන ලෝකයේ කිසිම රටක් උදව් නොකලේ ඇයි ?

අපි ප්‍රශ්න පහක් ජනපතිගෙන් ඇහුවා

අපි ජනාධිපතිතුමන්ගෙන අහපු 01 වන ආණ්ඩුව නිරතුරුව පවසන්නේ තමන් ජාත්‍යන්තරය දිනා ගත් බවයි. සැබවින්ම ආණ්ඩුව ජාත්‍යන්තරය දිනා ගෙන ඇත්නම් සියාරා ලියෝන් හැරුණු විට කිසිම තුන්වන ලෝකයේ රටක් ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවට අනුග්‍රාහකයින් වුණු රටවල් 45 අතර නැත්තේ ඇයි? ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබද නිරතුරුවම අවදියෙන් සිටින ඉන්දියාව වත් අවම වශයෙන් අනුග්‍රාහකයෙකු නොවුණේ ඇයි? තමුන්නාන්සේලා දන්නවා මේ යෝජනාවට මුලින් අනුග්‍රහය දක්වන්න හිටියා රටවල් 11ක්. ඊට පසේ ඇමරිකාවේ බලපැම් නිසා 25ක් වුණා. ඊට පස්සේ 25 45ක් වුණා. 45ක් වෙද්දී අනුග්‍රහක සංඛ්‍යාව තුන්වක ලෝකයෙන් ඉන්නේ සියරාලියොන් විතරයි. ලෝකයේ රටවල් වලින් තුනෙන් දෙකක් තුන්වන ලෝකයේ රටවල්. තනෙක් එකෙන් 44ක් එනවා තුනෙන් දෙකෙන් එන්නේ එක්කෙනයි. මෙච්චර හොද වැඩක්නම්, මෙච්චර ජාත්‍යන්තරයත් ආණ්ඩුවත් එක්ක එකමුතු නම් මේ යොජනාවට තුන්වන ලෝකයේ කිසිම රටක් උදව් නොකලේ ඇයි කියලා අපි ඇහුවා. 

අහිංසක යුවතියක්ව මැරයෙක් දුෂණය කරන්න යද්දි එන්න කියලා කතා කරාම තවත් මැර කොල්ලො ටිකක් නම් එකතු වේවි තවත් කාන්තාවක් නම් එකතු වෙන්නේ නෑ. මොකද තමන්ටත් මේ ඉරනම අත් වීමට ඇති ඉඩකඩ නිසා. 


1983 කලු ජූලිය ගැන හිටපු අගවිනිසුරු ආර් ෂර්වානන්ද මැතිතුමා ලොවට හෙලිකල සත්‍යය

අපි දෙවන ප්‍රශ්නය විදිහට ඇහුවා ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අසත්‍ය කරුණු අඩංගු මෙරට අධිකරණය සහ හමුදාව පිළිබඳ ප්‍රහාරාත්මක කරුණු අඩංගු කොටි සංවිධානයට පක්ෂග්‍රාහි වාර්තාවක්. එවැනි වාර්තාවක් අගය කරන යෝජනාවක ශ්‍රී ලංකාව අනුග්‍රාහකයෙකු වීමට පෙර එහි ආදිනව පිළිබඳ විදේශ අමාත්‍යාංශය ආණ්ඩු ප්‍රධානින් දැනුම්වත් කළා ද?

මෙම වාර්තාවෙ 48 වෙනි ඡේදයේ සදහන් වෙනවා 1983 ජූලි කළබල වලදි දෙමළ ජනතාව 3000 සක් ඝාතනය වුනාය කියල. ආණ්ඩුවෙ නිල වාර්ථාව 334. දෙමළ නායකයන් කිව්ව 100 මැරුන කියල. මේ විවිදය අවසන් කරන්න 2003 දී චන්ද්‍රිකා ජනිධිපතිතුමිය සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කළා දෙමල ජාතිකයෙක් වන හිටපු අගවිනිසුරු ආර් ෂර්වානන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ ශර්වානන්ද වාර්තාවත් දෙමළ ජනතාව 334 මිය ගිය බවට වන රජයේ වාර්තාව සනාථ කරනව. ඒ වාර්තාවේ කියනව මෙවැනි ජාතිවාදී කළබලයකදි 334 වැනි සුලු ගණනක් මිය ගියේ සුලුතරයක් වූ ජාතිවාදී සිංහල පිරිසක් දෙමළ ජනතාව පීඩනයට පත්කරද්දී ශාතිෂ්‍යය බහුතරයක් සිංහල ජනතාව දෙමළ ජනතාවට රැක වරණය සැලසූ නිසයි කියල කොමාසම ඉදිරියේ සාක්ෂි දුන් දෙමල ජනතාවම පැවසුවා කියල දෙමළ ජාතික අගවිනිසුරු ශර්වානන්ද මහත්තය මේ වාර්තාවේ ලියල තියෙනව. 

එහෙම තියෙද්දි මානව හිමිකම් කොමිසම කියනව 3000කට වඩා මිය ගියා කියල. එතකොට ලංකා ආණ්ඩුව සම අනුග්‍රහය දරමින් කියනව ඒක සැබැයි සැබැයි සැබැයි කියල. 

ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ හමුදාව ලෝකයේ මේලේච්ඡතම හමුදාව කියල වාර්තාවේ කියනව. එතකොට ලංකා ආණ්ඩුව සම අනුග්‍රහය දරමින් කියනව ඒක සැබැයි සැබැයි සැබැයි කියල. 

ඒ වගේම මේ වාර්ථාවේ කියනව අපේ අධිකරණ පද්දතිය ගැනත් කිසිම විශ්වාසයක් තියන්න බෑ කියල. ආණ්ඩුව සම අනුග්‍රහය දරමින් කියනව ඒක සැබැයි සැබැයි සැබැයි කියල.

ලංකාවට බේරගන්න අභිමානයක් නම්බුවක් ඉතිරිවෙයිද?

ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නය විදිහට ඇහුවෙ මෙවැනි වාර්ථාවක් අගය කරමින් සම අනුග්‍රාහකත්වය දැක්වීමට පෙර විදේශ අමාත්‍යන්ශය එහි ආදීනව පිළිබද ආණ්ඩුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නාද ? අපිට තියෙන තොරතුරු හැටියටනම් විදේශ අමාත්‍යන්ශයේ ජේෂ්ඨ නිලධාරීන් එපා කියද්දි තමයි ආණ්ඩුවේ දේශපාලකයන්ගේ උවමනාවට මේ යෝජනාවය සම අනුග්‍රහය දක්වා ලංකාව නිවැරදි කල නොහැකි උගුලක හසුවන්නේ. 

දෙවරක් දඩුවම් කිරීමට යෝජනා කිරීම කෙතරම් සාධාරනද? 

අපි ජනාධිපතිතුමන්ගෙන අහපු 03 වන ප්‍රශ්නය තමයි යෝජනාවේ 6වන ඡේදයෙන් රණවිරුවන්ට යුධ අපරාධ අධිකරණයක දඩුවම් කරන්න යෝජනා කරල ඒ යුධ අපරාධ අධිකරනයෙන් බේරෙන අයට විනය පරීක්ෂණ තියල දඩුවම් කරන්න අටවෙනි ඡේදයෙන් යෝජනා කර තිබෙනවා. දෙවරක් දඩුවම් කිරීමට යෝජනා කිරීම කෙතරම් සාධාරනද? 

ජනපතිතුමන්ගෙන් පරිවර්තනයෙන් තහවුරු වෙන විදෙස් විනිසුරුවන්ගේ පැමිණීම

හතරවෙනි ප්‍රශ්නය පහුගිය පාර්ලිමේනුතුවේ ජිනීවා යෝජනාව පිලිබද විවාදයේදි රාජිත සේනාරත්න ඇමතිතුමන් අවධාරනයෙන් කියනව වාදේශිය විනිසුරුවන් යුද අපරාධ අධිකරනයට සම්බන්ධවෙන්නෙ නෑ කියල. 

ඒ වගේම රූපවාහිනී විවාදයකදි මාත් එක්ක පැවති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේර මැතිතුමන් කියනව වාදෙස් විනිසුරුවන් මේ යුද අපරාධ අධිකරණයට සම්බන්ද වෙන්නෙ නෑ කියල. වැඩිය ඕන්නෑ. සර්වපාක්ශික සමුලුවේදීම අමාත්‍ය මනෝ ගනේශන් මැතිතුමන් කියනව සිංහල ජාතිවාදීන්, අන්තවාදීන් බොරු ප්‍රචාර ගෙනිච්චත් විදේශිය විනිසුරුවන් ගෙනෙන බවට ඒක බොරුවක් කියල. 

නමුත් ජනපතිතුමන් මේ යෝජනාව සිංහලට පරිවර්තනය කරල සර්වපාක්ෂික සමුලුවට ආපු නායකයන්ට භාර දුන්න. යම් යම් අඩුපාඩු තිබුනත් සෑහෙන හොද පරිවර්තනයක්. එතුමන් ගාව හොද පරිවර්තකයො ඉන්න බව මම අත්දැකීමෙන් දන්නව. මං සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාමාජිකයෙක් විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න රාහුලන් මහත්මය වගේ අයත් එක්ක වැඩකරල තියෙන නිසා. ඒ පරිවර්තනයේ හයවෙනි පරිච්ඡේදයේ කියනව “ මේ සම්බන්දව පිහිටුවනු ලබන ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයට සහ විශේෂ නීති උපදේශක කාර්යාලයට මතු දැක්වෙන අයගේ සහභාගීත්වය වැදගත් බව තවදුරටත් සතික කරයි. පොදු රාජ්‍ය මණ්ඩල සහ වෙනත් විදේශීය විනිස්චම කාරවරු විත්තියේ නීතිඥවරුන් සහ බලය ලත් අභිචෝදන නීතිඥයින් සහ විමර්ශණ නිලධාරීන්.” විදේශිය විනිසුරුවරුන් යුද අපරාධ අධිකරනයේ නඩු අහන්න එන බවට දැන් කියන්නේ අපි නෙවෙයි. ඔන්න දැන් ජනපති තුමත් කියනව. රාජිත සේනාරත්න ඇමතිතුමනි දැන් ජනපතිතුමත් බොරුකාරයෙක්ද? අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍ය තුමනි ජනපතතුමන් කියන්නේ බොරුද? මනෝ ගනේශන් ඇමතිතුමනි දැන් බොරු කියන්නේ අපයි ජනපතිතුමයි එකට එකතුවෙලාද ? 

මම ඒ නිසා ජනපතිතුමන්ගෙන් ඇහුවා ඔබතුමා හරියට පරිවර්තනය කරල තියෙනව ඔබතුමාගේ ඇමතිවරු රට පුරාම කියන්නේ මෙහෙමයි ඇයි මේ ඉංග්‍රීසි භාෂාවේ තියන යෝජනාව ගැන හරි අවබෝධයක් නොමැති ඇමතිවරුන්ට ඔබතුමා ගාව තියෙන සිංහල පරිවර්තනය ලබා නොදෙන්නේ කියල. 


මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කලේ අවබෝධතා ගිවිසුමක්ද? ඒකාබද්ද ප්‍රකාශනයක් ද?

පස්වෙනි ප්‍රශ්නය වුනේ ඒ සර්වපාක්ෂික සමුලුවේදී කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තුමා සදහන් කරනවා මේ වගවීම පිළිබද ජ්‍යාත්‍යන්තර පීඩනයක් අපිට තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර 2009 අවබෝධතා ගිවිසුමක් අත්සන් කල නිසයි කියල. 

මම කිව්ව එහෙම අවභෝදතා ගිවිසුමක් අපි දන්න තරමින් නම් නෑ. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂත් ඔහොම ගිවිසුමක් ගැන නිතර කියනව. ඒ නිසා කරුනාකරල පාර්ලිමේන්තුවෙ සභාගත කරන්න. ඉන්පස්සෙ පාර්ලිමේන්තුවෙ සභාගත කළා. ඒ අවබෝධතා ගිවිසුමක්ද? ඒක ඒකාබද්ද ප්‍රකාශයක්. අවබෝධතා ගිවිසුමක් කියන්නේ දෙපාර්ශවය විසින් එකගවිය යුතු කරුණු ගැන දෙපාර්ශවය විසින් එකග වුනු ලියවිල්ලක්. ඒකාබද්ද ප්‍රකාශයක කාරනා තුනක් තියෙන්නට පුලුවන් 1.දෙපාර්ශවය එකගවුනු කරුණු. 2. එක්පාර්ශවයක මතය. 3.අනෙක් පාර්ශවයේ මතය. දැන් මේ ඒකාබද්ද ප්‍රකාශයේ බැංකී මුන් මහතා කියනව වගවීමේ යාන්ත්‍රණයක් හදාගන්න ඕනිය කියල. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ ගැන කිසිවක් කියල නෑ. ඉතින් කොහොමද මේක අවබෝධතා ගිවිසුමක් වෙන්නේ. 

මට මතකයි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ සන්චාරය කරපු වෙලාවේ මමත් ගියා. ඒකාබද්ද ප්‍රකාෂය හදන වෙලාවට මමත් වාඩිවුනා. ලංකාව වෙනුවෙන් ඒක හදනන් පලිහක්කාර මැතිතුමත් මමත් සම්බන්ධ වුනා. එහිදී දෙරටේ මිතුදම ගැන ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන දේ ගැන Both Countries, Both Nations වගේ වචන ප්‍රකාෂ කරමින් අපි සදහන් කලා. ශ්‍රී ලංකාවේ 13 ඉක්මවූ බලය බෙදීමක් සිදුකල යුතු බවට ඉන්දියවේ මතයයි කිව්ව මිසක් අපේ මතය කියාවත් දෙරට අවධාරනය කලා කියලවත් සදහන් කලේ නෑ. අවබෝධතා ගිවිසුමයි ඒකාබද්ධ ප්‍රකාෂනයි කියන්නේ ලියවිලි දෙකක්. ඒකාබද්ධ ප්‍රකාෂනයකින් කිසිම නීතිමය බැදීමක් සිදුවන්නේ නෑ. අවබෝධතා ගිවිසුමකින් නීතිමය බැදීමක් සිද්ද වෙනවා. ඒ නිසා රට නොමග යවන්න එපා කියල අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

ඉංග්‍රීසි කියමනක් තියෙනව You can fool all the people some of the time and some of the people all the time, but you cannot fool all the people all the time.

ඔබට ටික කලකට ටික දෙනෙක් රැවටිය හැකි වුනත් හැමෝම රවට්ටන්න බෑ. ඒ නිසා අද ආණ්ඩුව දවසේ බොරුවෙන් තමයි දුවාගන්නේ . එක දවසට එක බොරුවක්. 

කෝප් කමිටුවත් හංසයන් යටතට

පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් කමිටුවක් වන කෝප් කමිටුව නැතිනම් රාජ්‍ය ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කමිටුව. මෙතෙක් එම කමිටුවේ සාමාජිකයන් 21 දෙනෙකු පත්කලා. 12 කියලයි නිල වශයෙන් තිබ්බෙ හැබැයි 21 දෙනෙකු පත්කලා. මොකද ආණ්ඩුවේ දූෂණය වංචා ගැන සෙවීමේ භාරදූර කාර්යක් මේ කමිටුවට තියෙනව. නමුත් යහපාළනයක් බිහිකරන්නට පොරොන්දු වෙච්ච ආණ්ඩුව මේ වනවිට 12 දෙනෙක් පත්කර තිබෙනවා. මේ 12 දෙනා බෙදද්දිත් හංස විපක්ෂය වන යටින් හවුල් උඩුන් අවුල් කට්ටිය ඉන්නවනේ. මේ ආණ්ඩුව බිහිකරන්න දර දිය ඇදල මේ ආණ්ඩුව හදල ආණ්ඩුවට බොරුවට බනිමින් ඉන්න විපක්ෂයක් ඉනන්ව ජනතා විමුක්ති පෙරමුණයි දෙමළ ජාතික සංධානයයි. ඒ ගොල්ලන්ට අපි කියන්නේ හංස විපක්ෂය. හංස සන්ධානෙම කොටසක් අද අගමැති කතානායක සභානායක තනතුරු අරන් ආණ්ඩුපක්ෂයේ වාඩිවෙනව, ඉතිරි කොටස විපක්ෂනායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු අරගෙන විපක්ෂයේ වාඩිවෙනව. 

ආණ්ඩුවෙම කොටසක් වෙන මේ අය විපක්ෂයේ පෙනී ඉන්නේ සැබෑ විපක්ෂයට මතුවෙන්න තියෙන අවස්ථාව නැතිකරන්න. අපිට දෙන්න ඕන විපක්ෂනායක කම අපෙන් උදුරගන්නයි ඒ අය විපක්ෂයේ වාඩිවෙලා ඉන්නේ. ඒ ගොල්ලො ඇත්තටම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. මීට කලින් තිබ්බ විධායක සභාවේ විපක්ෂක නායකතුමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමයි දෙන්නම හිටිය. 

දැන්මේ කමිටුවෙ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රි ධූර හයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණට කෝප් කමිටු සාමාජිකයන් දෙන්නෙක් පත්කරන්න අවස්ථාව දී තිබෙනව. හයට දෙකයි. ඒකාබද්ද විපක්ෂයේ ඉන්න සෙසු පක්ෂවලට 11දෙනෙක් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ 11දෙනාගෙන්ම නම් කරල තියෙන්නේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීතුමා විතරයි. දෙකේ පන්තිය සමත් කවුරුවත්ම මේ ආණ්ඩුවේ නැද්ද කියල අපිට වැටහෙන් නෑ. මොකද එකේ නැත්නම් දෙකේදි තමයි අපි ඉගෙන ගත්තේ හයට වඩා 11 ලොකුයි කියල. හයට දෙකක් දෙද්දි 11ට 1යි දීල තියෙන්නේ. 

ඉතින් මේ ආන්ඩුවේ වංචා දූෂන එලියට දානවට මේ ආණ්ඩුව බය නැත්තම් යහපාලනය ක්‍රියාවෙනුත් පෙන්නන්න කැමති නම් ජවිපෙට දෙකක් දෙද්දි අවම වශයෙන් අපිට 3ක් කෝප් කමිටුව තුල ලබාදිය යුතුයි. යහපාලනයේ නිරුවත දැන් එළියට ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා නිරුවත වහගන්න අපට සාධාරන නියෝජනයක් ලබාදෙන්නන කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනව.

අගමැති රනිල් පටලවාගත් හිඟන්නා සහ ධනවතා.

අපේ ගරු අගමැතිතුමන් පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සර උත්සව සභාව ඇමතුව. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි රටක අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර වේදිකාවල කතා කරන්නේ නෑ. නෝනයි මහත්තයි දෙන්න රන්ඩු උනහම මාධ්‍ය හමුවක් තියල නෝනට බනින්නෙ නෑ. ඒව ගෙවල් ඇතුලෙ විසදගන්නව. 

හැබැයි අගමැතිතුමන් පසුගිය ආණ්ඩුව තීරු තීරු වලට ඉරන්න එම රැස්වීමේ සිය කතාව පාවිච්චිකළා. එතුමගෙ කතාවෙ පට්ටපල් බොරුවක් පවසනව. පසුගිය ආණ්ඩුව ලෝකයේ ඉන්න හිගන්නන් එක්ක එකකතුවෙලයි වැඩ කටයුතු කලේ. මේ ආණ්ඩුව ඒ හිගන්නන් වෙනුවට ලෝක ප්‍රජාවේ සැබෑ බලවතුන් එක්ක එකතුවෙලා ඉන්නව කියල. 

තමුන්නාසේලට මතකයි ශ්‍රී ලංකාවේ ප්‍රභලම මිත්‍රය විදිහට බටහිර රටවල් දැක්කේ චීනය. චීනය තමයි අද ලෝකයේ ඉන්න ලොකුම ණය හිමිය. ඉතින් චීනයට කිට්ටුවීම හිගන්නෙකුට කිට්ටුවීමක්ද? අගමැති තුමන් නොදැන හිටියට එතුමන් ලොක්කෙක් කියල හිතා ඉන්න ඇමරිකාව තමයි වැඩියෙන්ම චීනයෙන් ණයට අරන් තියෙන්නේ. ටයිම්ස් සගරාව වරක් සිය කවරයේ කතාවෙදි ඇමරිකාව හැදින්වූයේ චයිමේරිකාව කියල. ඇයි ඇමරිකාව ඒ තරමටම චීනය මත රැදී තිබෙන නිසා. ඉතින් ලෝකයේ ලොකුම ණය හිමිය චීනය. අපේ අගමැතිතුමා ලොක්කෙක් යැයි හිතා ඉන්න ඇමරිකාව ලෝකෙ ලොකුම ණය ගැතිය. ඉතින් එදා අපි එකතුවෙලා හිටියෙ ලෝකෙ ඉන්න ධනවත්ම රටවල් එක්ක. වර්තමාන ආණ්ඩුව එකතුවෙලා ඉන්නේ හිගන්නන්එක්ක. 

ගියවසරේ අපේ රටට චීන ජනපතිතුමන් ආවා. එතුමා ලංකාවට විවිධ ආධාර සපයන දැවැන්ත ගිවිසුම් 32 අත්සන් කළා. ජපන් අගමැති ලංකාවට ආවා. එතුමා ලංකාවට විවිධ ආධාර සපයන ගිවිසුම් 19 අත්සන් කළා. මේ ආණ්ඩුවෙන් මොකද වුනේ. මැයි මාසෙ ආව ඇමරිකානු ආණ්ඩුවෙ තුන්වන ලොක්ක ජෝන් කෙරී. යහපාලනය ශෝක් කියල සිරිසේන ජනාධිපත්තුමන්ගේ පිටට තට්ටුවක් දාල ගියත් එක සතපහක් ණය ආධාර දුන්නෑ. දෙන්නත් බෑ. ඒගොල්ලොත් ණයට කන කොට කොහොමද අපිට උදව්කරන්නේ. තාක්ෂණික ආධාර දෙන්නම් කිව්ව. ඒ කියන්නේ එහෙ ඉන්න ඇමරිකන් කාරයෙක් දෙන්නෙක් මෙහෙට එවල අපිට කියල දෙනව කොහොමද අපි වැඩකරන්න ඕනි කියල. 

නරේන්ද්‍ර මෝදි ඉන්දීයාවෙ අගමැති තුමන් එනව ලංකාවට. අපේ අගමැති තුමන් බදාගත්තා. හැබැයි සත පහක් ආධාරයක් දුන්නෑ. ඒ අයත් චීන ආධාර වලින් වැඩ කටයුතු කරද්දි කොහොමද ආධාර කරන්නේ.

අපි මේ සමීප කරගෙන හිටපු චීනය ලෝකයේ ලොකුම ධනවතා කියල අගමැතිතුමන් දැනගෙන හිටියෙ නෑ. එතුමා දන්නෙ මීට අවුරුදු 20ට කලින් චීනය. ඒ කාලෙනම් චීනය හිගන්නෙක් තමයි. ඒ පරණ හිගන්නමයි තාමත් ඉන්නෙ කියල හිතාගෙන අගමැතිතුමන් ආඩම්බර ප්‍රකාශයක් කළා අපි බලයට පත්වුනු වහාම පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරනව කියල. කිව්ව වගේම කලා. ලෝකයේ නැගී එන සුපුරි බලවතාගේ නායකයා වන චීන ජනපති මුල්ගල තියලයි මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ. චීන ජනපති මුල්ගල තියපු ව්‍යාපෘතියක් ලංකාව නෙවෙයි ඇමරිකාවවත් නතර කරන්නෑ. මේක චීනයට ගහන කම්මුල් පහරක් විදිහටයි රාජ්‍ය තාන්ත්‍රිකව සලකන්නේ. ඒ නිසා අද චීනය අපිත් එක්ක තරහ වෙලා. අපේ අපණයන චීනය ගන්න එක සීමා කරල. ඒ නිසා අද අපේ අපනයන වෙලද පොල ඇදගෙන වැටිල. අපේ මැණික්, කලුතේ, සදහා තිබුනු සහන අපිට අහිමි වෙලා. ඒ වගේම අර අලුත් යහලුවන්ගෙන් සත පහක උදව්වක් නෑ. ඒ නිසා අද ආණ්ඩුව චීනය හිගන්නෙක් යැයි උපකල්පනය කිරීම හරහා දැවැන්ත ආර්ථීක අරුබූදයකට තල්ලුවෙලා තියෙනව. අගමැති වෙලා මාස දහයකට ආසන්න වුනත් අපේ ගරු අගමැති තුමන් හිතන් ඉන්නේ චීනය හිගන්නෙක් කියල බවනම් ගිය සෙනසුරාදා එතුමන් කල කතාවෙන් පැහැදිලියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3884481974941687607

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item