වෙලේ සුදාගේ තනිකම

සර්... මේ සිරමැදිරියේ මට තනිවම ඉන්න බැහැ... තවත් දෙන්නෙක්‌ මේ සිරමැදිරියට දමන්න එල්ලුම්ගහට නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් '...

සර්... මේ සිරමැදිරියේ මට තනිවම ඉන්න බැහැ... තවත් දෙන්නෙක්‌ මේ සිරමැදිරියට දමන්න එල්ලුම්ගහට නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' බන්ධනාගාර නිලධාරියකුට කතාකර එසේ ඉල්ලීම් කර තිබේ, මෙම ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්‍ෂේප කර ඇත. කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කළ ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නඩු තීන්දුවෙන් පසු 14දා පස්‌වරු 2.00 ට පමණ විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.

එසේ රැගෙන ඒමෙන් අනතුරුව ඔහුව විශේෂ සිරමැදිරියට දමා ඇති අතර ඉන් ටික මොහොතකට පෙරයි ඉහත ඉල්ලීම ඔහු විසින් කර ඇත්තේ.

මොහු විශේෂ සිරකරුවකු බැවින් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතාද වෙලේ සුදා බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්‌ථාවේ එහි ප්‍රධාන දොරටුව වෙත පැමිණ වෙලේ සුදාගෙන් යමක්‌ විමසා ඔහු රඳවා තැබීමට අවශ්‍ය උපදෙස්‌ ලබාදී ඇත.

මේ අතර ඔහුට හිතවත් නිලධාරින් පිරිසක්‌ වැලිකඩ බන්ධනාගාරයේ සිටිය හැකි බවට සැකපහළ වීම නිසා ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීමට පියවර ගන්නා බව අපට එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය. වෙලේ සුදා දැනට අංක 101 සිරමැදිරියේ පසුවන අතර ඔහු සිටින සිරමැදිරිය තහනම් ප්‍රදේශයක්‌ බවට පත්කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. කිසිම හේතුවක්‌ නොමැතිව ඔහු සිටින සිරමැදිරියට යැමෙන් වළකින ලෙස බන්ධනාගාර ප්‍රධානීන් සිය නිලධාරීන්ට දැනුම් දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2014681299653444482

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item