මෛත්‍රී වැඩේ අනා ගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවය වෙනම පක්ෂයකින් එළබෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින් සිටියදී මෛත්‍රී ...


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවය වෙනම පක්ෂයකින් එළබෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින් සිටියදී මෛත්‍රී පාර්ශවය තවමත් ශ්‍රිලනිපය ශක්තිමත් කිරීමට සිතියම් අඳිමින් සිටී. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙ මූලිකත්වයෙන් නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ වීමට නියමිත යැයි පැවසෙන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථකවීමට ඇති ඉඩකඩ ඉතාම අල්පය.

මන්ද දිවයිනෙ සියලුම ප්‍රදේශවල වී මිලදී ගැනීම, තේ මිලදී ගැනීම ඇතුළු සියලු කෘෂිකාර්මික නිෂ්පාදන දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටියදී රජය ඊට විසදුම් සෙවීම සඳහා විවිධ උත්සව සංවිධානය කරනවා හැරෙන්නට කිසිදු වැඩපිළිවෙලක් යෝජනා කර නොමැත. ජනාධිපතිවරයාට මෑතක සිට අනගාරික ධර්මපාල චින්තනය නම් රෝගය වැළදී ඇති අතර එහි රෝගවාහකය වන්නෙ පාඨලී චම්පික රණවක සහ නන්ද මුරුත්තෙට්ටුවෙගම යන මහත්වරුන් ය. එය නැවත වතාවක් බොදු බල සේනා, සිංහල රාවය හා රාවණ බලකාය වැනි ආගමික අන්තවාදී සංවිධානවල මතවාදය පෝෂණය කරන බව රහසක් නොවන හෙයින් ඉදිරියේදී අපි ජාතිවාදී සංවිධානවලට සහායදෙන දේශපාලඥයින් නම් කිරීමට බලාපොරොත්තු වෙමු.

යහපාලන ජාතික ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවුවද ඇතැම් අමාත්‍යංශවල ඉහළ නිළධාරීන් පත්කර අවසන් කිරීමටවත් වත්මන් ආණ්ඩුව අසමත්වීමෙන් පෙනීයන්නෙ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමේ වගකීම යහපාලන ආණ්ඩුව පැහැර හැර ඇති බවයි. පසුගිය රජයේ කුඩු බෙදාහැරීම ඇතුළු විවිධ දූෂණ වංචා සම්බන්ධ චෝදනා එල්ලවු ඇතැම් පුද්ගලයන් වත්මන් රජයේ පහස ලබන අතර කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයන්ට ගරු කටයුතු තනතුරු පිරිනැමීමෙන් සමස්ථ යහපාලන කතිකාවම විහිලුවකට ලක්කර ඇත.

යහපාලන ජාතික ආණ්ඩුවට උපතින්ම උරුම වු ඇතැම් අංගවිකල තත්වයන්ට දහම් සිරිසේන අමෙරිකාවට රැගෙනයාම වැනි මන්ද බුද්ධික තීරණ ද එකතු විය. සිවිල් සමාජයෙන් ඊට එල්ල වු චෝදනාවන්ට පිළිතුරු ලබානොදී පසුගිය රජයේ විදෙස් සංචාරවල වියදම් සමඟ සසඳා එය යටපත් කළේය. මෛත්‍රී පාලනය තුළ කිසිදා බලාපොරොත්තු නොවු මෙගා කැබිනට් මණ්ඩලය, රජය දිනෙන් දින අප්‍රසාදයට පත්කරනු ලබන්නෙ රටේ ආර්ථිකය වලපල්ලටම ඇඳගෙන යමිනි.

අතට ගත් දෙය කටේ දමාගැනීමට බැරි අතිශය අදක්ෂ පාලන සමයක් පසුකරමින් සිටින වත්මන් යුග මොහොතින් දේශපාලන වාසි ලබාගන්නෙ අවස්ථාවාදී ජනතා විමුක්ති පෙරමුණ සහ එම පෙරමුණෙන්ම කැඩී ගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවාගත් විමල් වීරවංශ ප්‍රමුඛ දේශප්‍රේමීන් විසිනි. ඉදිරි වසර දෙක තුළ එහි උච්චතම අවධියට එළඹෙනු ඇත. ඉහත දැක්වෙන්නෙ අනාගතයේ මුද්‍රණය වීමට නියමිත පුවත්පත් වල සිරස්තලයකි‍.

http://www.lankanewsweb.today/archives/6262



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 6000170471578195281

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item